IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කර පහන් දැල්වූ දෙදෙනෙකු අත්අඩංගුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අද ( 18 ) අත්අඩංගුවට ගෙන තිබුනී.

මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ,35 සිමා වල පසුවු දෙදෙනෙකී.

එම දෙදෙනා පුත්තලම නගරයේ මත්ස්‍ය වෙළද පොලට ඉදිරිපිට මන්නාරම මාර්ගයේ පදික වේදිකාවේ යකඩ වැටට ආධාරකයක් යොදා ගනිමින් තැටියක් සදහා පහන් දල්වා තිබුනී.

මෙම පහන් දල්වමින් සිටි දෙදෙනා බුද්ධි අංශ තොරතුරු මත පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබුනී.

අත් අඩංගුවට ගත් දෙදෙනා ගෙන් කල ප්‍රශ්න කිරිම් වලදි පාපොච්චාරණය කර ඇත්තේ යුද්ධයෙන් මිය ගිය සියලුම දෙනා සිහිපත් කිරිමේ අරමුණින් මෙම පහන් දැල්වු බවත් කිසිම ලෙසකින් වෙනත්  අරමුණක් නොමැති බවත් මෙම දෙදෙනා ප්‍රකාශ ලබා දි තිබේ .

අදාල දෙදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනිමේන් පසුව මුදා හැරි බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.



අදහස් (48)

යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කර පහන් දැල්වූ දෙදෙනෙකු අත්අඩංගුවට

karu Monday, 18 May 2020 04:00 PM

මාර වැඩක්නේ. එතකොට ලංකාවේ හැමතැනම ජාතික කොඩි ඔසවන්නේ.... ඒ අයවත් අත්අඩංගුවට ගන්නවාද...?

:       3214       3562

රමේෂ් පරණවිතානMonday, 18 May 2020 05:45 PM

කතාව ඇත්ත කරු..රාවණාගේ රටට ඉන්දියාවේ සිට පැමිණි සිංහල කියන කට්ටියකුයි දෙමල කියන කට්ටියකුයි ... රාවණාගේ රට බෙදාගන්න බැරිව යුද්ධ කරනවා. දෙගොල්ලොම මේ රටේ ආදිවාසීන් නොවන බව ඉතිහාසයම කියනවා. මේ දියුණු ලෝකය පිළිගන්න මතයක් තියෙනවා. යමෙක් යම් රටක ඉපදුනොත් ඒ රට ඒ පුද්ගලයාගේ මව් බිම කියලා. ඒත් ලෝකය තියෙන්නේ මේ දුපත ඇතුලේ කියලා හිතන ලෝකය නොදැක්ක මේ රටේ ගෝත්‍රිකයින් ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයට එක එක බහුබූත මත පළකරනවා. පහනක් පත්තු කරන්න පොලිසියෙන් අවසරගන්න ඕන රටක තියෙන නිදහස කුමක්ද....?

:       0       346

sunapalaMonday, 18 May 2020 05:49 PM

එතකොට ආණ්ඩුවෙන් කියන්නේ හැම ගෙදරකම ජාතික කොඩිය ඉහලන්න කියලා...? සිංහල අයට සමරන්න ජයක් යුද්ධයෙන් ඉතිරිවුනාද...?

:       0       140

kamaniTuesday, 19 May 2020 10:29 AM

යුද්ධය දිනපු ආණ්ඩුවේ හිටපු ලොක්කන්ටනම් වාසි ගොඩයි. කොටින්ගෙන් අල්ලාගත්තා රත්තරන් වලට මොකද වුනේ....? සුද්දෙ දුන්නානේද....?

:       0       25

shantha Monday, 18 May 2020 05:52 PM

කොඩි ඔසොවන අය නොවෙයි කොඩි ඔසවන්න කියලා මිනිස්සුන්ව අවුස්සන ජාතිවාදී හපුටු දේශපාලුවන් අල්ලලා කුඩුවට දැමිය යුතුයි.

:       0       160

පන්ඩුකාභයMonday, 18 May 2020 08:40 PM

ජාතික කොඩිය ඔසවන්නේ ජාත්‍යාලයටයි. පහන් පත්තුකරේ ජාතිවාදයටයි.

:       90       1

ravinTuesday, 19 May 2020 09:47 AM

අපෝ රෙද්ද පල්ලෙන් පෙරෙන ජාතිආලය.. රට චිනට උගස් තියපු හොරුන්ට වහල් කම් කිරීමද ජාතිආලය..?

:       0       328

karuTuesday, 19 May 2020 11:09 AM

එතකොට.. අරන්තලාවේදී ස්වාමීන් වහන්සේලාව කපා කොටා අපවත් කල කොටි නායකයා වන කරුණා අම්මාන් ඔබලාට හොඳවුනා. එක නිසා තමයි කරුණාව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කලේ. කොටින්ගෙන් බැටකාපු අහිංසක දෙමල මිනිස්සු නරක වුනා නේද...? ඔබගේ මොලේ කොහෙද තියෙන්නේ?

:       0       20

tikiri Tuesday, 19 May 2020 02:24 AM

මේ වගේ ගොන් අදහස් දමන්න මන්ද බුධ්ධිකයෝ ඉන්න තරම් ලංකාව අවාසනාවන්තද ? අපි ලංකාවේ ජාතික කොඩි ඔසවන්නේ ත්‍රස්තවාදී සමරන්නද ?

:       170       226

සුජාතා පෙරේරා - කොළඹ සරසවියTuesday, 19 May 2020 10:18 AM

ඔබ වැනි අය සිටින තාක් කල් මේ රට මෙහෙමම තමයි. මේ රටේ ජාතිවාදය පටන්ගත්තේ 1956 අපේ අය බව ඔබ දන්නවාද...? ආසියාවේ තිබු විශාලම ,වටිනාම, මිල අධිකම යාපනේ පුස්තකාලය ගිනිතිබ්බේ කවුද...?

:       0       0

සේනTuesday, 19 May 2020 05:22 AM

ජාතික කොඩිය ඔසවන්නේ රට බේරාගත් රණවිරුවන් සිහිකිරීමට මිසක රටට වින කළ ත්‍රස්තවාදීන් සිහි කිරීමට නොවන වග වැටහේවා !

:       229       244

raviTuesday, 19 May 2020 08:11 AM

පොතක් පතක් කියවන්න, ලෝකය දැකගන්න, තව ඉගෙන ගන්න.

:       0       123

ajanthaTuesday, 19 May 2020 08:19 AM

රටට වින කරන්න ත්‍රස්තවාදීන්ව හැදුවේ කවුද...?

:       10       208

AthulaTuesday, 19 May 2020 05:47 AM

යුද්දේ කාලේ ගෙවල් පැත්තේ බෝම්බ පිපිරුණේ නැද්ද ?

:       0       0

sunari - matharaTuesday, 19 May 2020 08:21 AM

ඔබගේ අදහස හරියටම හරි.

:       0       47

susilTuesday, 19 May 2020 10:08 AM

වැඩක් නැහැ කතාකරලා...මේ දවස්වල ආණ්ඩුවේ සේවකයින්ගේ පඩියටත් කෙලලා ...හිගා නොකා හිඟාකන තත්වයට වැටිලා ඉන්න වෙලාවේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හදන්න ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලනවා...

:       0       0

chandani - kandy Monday, 18 May 2020 04:20 PM

ඔවුන් කරලා තියෙන්නේ හොඳ වැඩක්....!!! සිංහලයින්ට විතරක් පහන් පත්තුකලානම් කිසිප්‍රශ්නයක් නැහැ. දෙමල අයට පහන් පත්තු කලොත් කුඩුවේ.

:       1       167

rathnayaka - badulla Tuesday, 19 May 2020 10:04 AM

මේ රටේ වහල් පාලකයින් ඒගොල්ලන්ගේ ගොත්‍රිකයින්ව පුරුදු කරලා තියෙන්නේ එහෙමයි.

:       0       0

Samitha Senaka Aluthgamage. Monday, 18 May 2020 04:32 PM

රටක එක නීතියක් තිබිය යුතුයි. හැමෝටම ඕන ඕන විධිහට වැඩ කරනවා නම් රටක් නීතියක් කුමටද ?

:       0       20

beau Monday, 18 May 2020 06:15 PM

මොකද ඔපමණ රුදාව?

:       38       0

banda Monday, 18 May 2020 07:19 PM

යුද්දයෙන් මිය ගිය තම නෑදෑ හිතමිතුරන් සිහිකර පහන් දැල්වීමට ලංකාවේ ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත . ඔවුන් අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ කුමන කැලේ නිතිය යටතේද ?

:       0       151

Kumar Monday, 18 May 2020 07:40 PM

කරූ, දැන් ඉන්නේ මජර පාලකයෙක් නෙවෙයි.

:       167       0

නන්නාදුනන හාදයා Monday, 18 May 2020 08:21 PM

අපි ඕවට අහුවුනා කාලේ ඉවරයි. අපිට කොඩි උස්සන්න පුලුවන්නම්, ඒ මිනිස්සුන්ට පහන් පත්තු කරන්න බැරි ඇයි...? බැරිනම් කාටත් බැහැ...!!! මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කියනවානේද...?

:       0       363

මෝ Tuesday, 19 May 2020 12:44 AM

මා නම් කියන්නේ උතුරු නැගෙනහිර මියගිය අයත් කොටි ලාංචන ,කොඩි හෝ ත්‍රස්තවාදයට සම්බන්ද සිහිවටන නොමැතිව සමරන්න ඉඩ දිය යුතුයි. බෞද්ධයන් හැටියට නොමග ගිය ඔවුන්ට සමාවදී මව් බිමේ මිනිසුන් ලෙස මියගිය නෑදෑයින් සමරන්නට උතුරු නැගෙනහිර පමනක් නොව රට පුරාම ඉඩදීම කිසිම වරදක් නොදකිමි. ඇත්තටම කල යුතුව ඇත්තේ යුද්දයේදී මියගිය අයගේ සිංහල සහ දෙමල මව්වරු සියල්ල එකට එක්වී තම දරුවන් සමරා ආගමික වතාවත් කිරීමයි.එක් අවුරුද්දක් උතුරේදීත්, අනික් අවුරුද්ද දකුනේදීත් සියලු ජාතීන් එකට එක්ව සමරන්න,පුලුවන්. පලමු සැමරුම අනුරාධපුරේදී කල හැකියි. මේ මියගිය සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් ආදී සියල්ලන්ම මව් කුසින් උපන් ලාංකීය දරුවන් නිසාවෙනි. දේශපාලුවන් පසෙකදා ජනතාව විසින්ම සහජීවනය පටන් ගනීවි. සිදුවිය යුත්තේද එය නොවෙයිද?

:       0       203

romesh Tuesday, 19 May 2020 10:13 AM

ඔබ හරි.

:       0       0

මන්ගල Tuesday, 19 May 2020 01:58 AM

මේවා දෑන්ම නවත්තන්න ඔනේ...

:       165       1

tikiri Tuesday, 19 May 2020 02:19 AM

ලංකාවේ යුද්ධය නිසා දෙමල විතරක් නොවෙයි අහිංසක සිංහල , මුස්ලිම් වැසියන් දහස් ගණනක් මියගියා. හරිනම් ඒ අය සිහි කරන්න හොඳම දවස තමයි මැයි 18 . රජයෙන්ම ඒ දවස යුද්ධයෙන් මියගිය අහිංසක සිවිල් සිහිකිරීමේ දිනය කියල ඒ දවස වෙන් කෙරුවානම් කාටවත් පහන් පත්තු කරලා මිනිස්සු රවටලා ඡන්දෙ ගන්න වත් රටේ බොරු කලබල ඇති කරන්නවත් , බැරිව යනවා.

:       5       33

C.K..Lankaputhra. Tuesday, 19 May 2020 03:23 AM

මියගිය කෙනෙක් වෙනුවන් පහනක් දැල්වීම අත් අඩංගුවට ගන්න තරම් අපාධයක්ද.? මේක මොන රටේ නීතිය අනුවද?

:       0       183

JANAHITHA Tuesday, 19 May 2020 03:35 AM

මෙතනට ජාතික කොඩිය අදාල නැහැ... පහන තුලින් ඉස්මතුවන බෙදුම්වාදය ගැන විමසිලිමත් වීම වැදගත් සහ ආරක්ෂාව

:       69       1

ajanthaTuesday, 19 May 2020 09:53 AM

පහනෙන් කොහොමද බෙදුම්වාදය ඉස්මතුවන්නේ...? පහනෙන් ආලෝකයක් දෙන්නේ... එය ලෝකයටම පොදුයි.. ඔබට බයියෝ කියක් දුන්නද? රුපියල් 100 ක්?... අනික බෙදුම් වාදය 1956 හැදුවේ කවුද...?

:       0       271

rocky Tuesday, 19 May 2020 03:44 AM

මේක නම් යකාගේ වැඩක්මි තමයි! මිය ගිය මිනිසුන් වෙනුවෙන් මොකද පහන් දල්වන්න බැරි? මැරිච්ච මිනිස්සු ආපහු නැගිටලා එන්නේ නැහැනේ ..

:       0       242

සුමුදු Tuesday, 19 May 2020 11:12 AM

ගෝත්‍රික පාලකයින් තවමත් බයයි... මැරුණ මිනිස්සුන්ට... හීනෙන් මලකඳන් පෙනෙනකොට දේශපාලුවන්ට බයයිලු...

:       0       0

Keppetipola Tuesday, 19 May 2020 04:46 AM

පහන් දල්වන්න ඕන නම් දල්වන්න ඕන ගෙවල් වල මිසක් පාරවල් වැනි ස්ථාන වල නොවේ.

:       178       64

kamal Tuesday, 19 May 2020 04:55 AM

පන්සල් යන අය පරිස්සමින්, ඔබ රජයට අවශය දේ නොසිතා පහන දැල්වුවොත් 4 වැනි තට්ටුවට ගෙනයන්න පුළුවනි. හොඳම දේ තමයි හිතිය යුතුදේ ආණ්ඩුවෙන් අහලා දැනගෙන අවසර අරගෙන හිතීම....

:       121       146

amareTuesday, 19 May 2020 08:16 AM

තමන් තමන්ගේ ප්‍රමාණය දැනගෙන කටපියාගෙන ඉන්නවාද.

:       238       226

samarasekara - gampahaTuesday, 19 May 2020 01:10 PM

ඔබගේ මොලේ මඤ්ඤන් වෙලා.. බෙහෙත් ටිකක් ගන්නකෝ. නැත්නම් චම්පාව හම්බවෙන්න. එයා ළඟ හොඳ බෙහෙත් තියෙනවා.

:       0       0

janahitha Tuesday, 19 May 2020 06:03 AM

රටේ ආරක්ෂාව පිණිස රටින් පන්නා දැමිය යුතුව ඇත.

:       35       0

සමන්ත Tuesday, 19 May 2020 06:07 AM

ප්‍රශ්නය ඒක නෙමෙයි. කොටි සංවිධානය යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කළ දිනයම ඕකට යොදාගන්න එකයි.

:       0       0

subramaniam Tuesday, 19 May 2020 07:04 AM

පව් අහිංසකයෝ දෙන්නා...

:       2       130

ශාන්ත Tuesday, 19 May 2020 08:13 AM

මොනවා කරන්නද... ඔය වගේ අහිංසකයින් ... අන්තිමට ත්‍රස්තවාදීන් වුනේ අපේ ජාතිවාදීන් නිසයි. ලැජ්ජයි.

:       0       192

Welapille Tuesday, 19 May 2020 07:06 AM

පහන් පත්තු කෙරුවත් පොලීසි ගෙනියනවද? ලංකාවට ගිය කලක්...

:       0       179

wijeTuesday, 19 May 2020 08:13 AM

ගෝත්‍රික නීති.

:       32       301

kap Tuesday, 19 May 2020 07:27 AM

පොලිසියේ මේ වගෙ වැඩ වලට තමයි කියන්නේ ත්‍රස්තවාදීන් බිහි කිරීම කියල... තමන්ගේ මිතුරන්, නෑයන් සිහි කරලා පහනක් දල්වන එක රාජ්‍ය විරෝදී වෙන්නේ කොහොමද..? ජාතිවාදීන්ට ඕක තේරෙන්නේ නැහැ...

:       0       158

samareTuesday, 19 May 2020 10:25 AM

තේරෙන්න උන් ඉස්කෝලේ ගිහින් තියෙන්න එපැයි... ලෝකය කියන්නේ ලංකාව කියන දුපත කියලයි හිතාගෙන ඉන්නේ.

:       0       0

rihan Tuesday, 19 May 2020 07:42 AM

දඩ කොළ දෙන්න බැරි නිසා නිදහස් කරන්න ඇති.

:       0       137

කසුන් Tuesday, 19 May 2020 09:55 AM

ගෝත්‍රිකයින්ගේ පැරණි නීතියක්...!!!

:       0       45

chandana Tuesday, 19 May 2020 08:31 PM

අදහස් දැක්වීම් අනුව 30 වසරක කුරිරු ත්‍රස්තවාදයක් තිබුනු රටක ත්‍රස්තවාදය යනු කුමක්දැයි නොදන්නවුන් ද ජීවත්ව සිටී. ඔවුන් ත්‍රස්තවාදය යනු කුමක්දැයි නොදන්නා බැවින් ත්‍රස්තවාදයේ ප්‍රතිඵල විඳීමට සැඟවුනු ආශාවන් ඇති අය වේ. පහන් පත්තු කළ අය අතර සේම එය සාධාරනීකරණය කරන්නන් අතරද අනාගත ප්‍රභාකරන්ලා හෝ සහරාන්ලා සිටිය හැකිය. රණවිරු ගායන් ගැන කතා කරන්නේ මෙම පරම්පරාව වන බව අමතක නොකළ යුතුය. එවැන්නන් සාමකාමී රටකට පිළිලයන් බව සාමකාමී බහුතර ජනතාව වටහාගෙන කටයුතු කිරීම ඥානාන්විත වේ.

:       218       306

Samitha Senaka Aluthgamage.Wednesday, 20 May 2020 07:40 AM

ඔබතුමාගේ කතාවට නම් සතුටුයි. ප්‍රභාකරන් සහ අනෙකුත් ත්‍රස්තවාදීන් සිහිකර මේ පහන් දල්වන බව බොහෝඅයට වටහා ගන්න බැරි හැටි... මෙසේ ප්‍රසිද්ධියේ පහන් දල්වා ලෝකය ප්‍රදර්ශනය කරන්නේ කොටි සංවිධානය තවමත් බලවත් බවයි.

:       84       207

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1 0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විදි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 198 0

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 100 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 773 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2071 9

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 326 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2335 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2001 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site