IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මොරටුව අපනශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )

මොරටුව රත්මලාන සොයිසා පුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින්   අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

පෙරේදා අලුයම සුබෝපබෝගී මෝටර් රථයකින් ගොස් එම ආපනශාලාව වෙත ටී 56 ගිනි අවියකින් වෙඩි පහරවල් 15 කට අධික ප්‍රමාණයක් එල්ල කර පලා ගොස් තිබිණි .
 
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2018 වසරේදී දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු වන අතර රක්ෂිතය බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇපමත  මුදාහැර සිටින පුද්ගලයෙකි.
 
වයස අවුරුදු 34 වන මෙම පුද්ගලයා මොරටුව අගුලාන පදිංචි කරුවෙකි .සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (6)

මොරටුව අපනශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

Rata Perata Sunday, 31 May 2020 06:23 AM

ඕක අර පවුලට දැනගන්න තියන්න එපා. නිදහස් කරලා දායි.

:       0       31

rana Sunday, 31 May 2020 07:42 AM

මාධ්‍ය ප්‍රකාශක "එය වැරදීමකින් පත්තු වුණු මල්වෙඩි විශේෂයක් ", අපි සොයා බලනවා මේවා අපේ රටට අාවේ කෙසේදැයි කියා... අපි, ඔව් අප්පේ එ්ක එහෙමද? එහෙනම් හොඳයි නේද? අපේ ආරක්ෂාවටනේ....

:       0       20

Shan Sunday, 31 May 2020 08:55 AM

තුවක්කු තියන තැන් පෙන්වන්න එක්ක යන්න...

:       1       1

de silva Sunday, 31 May 2020 09:12 AM

කරුණාකර මේ මිනීමැරුම් නඩු මාස කිහිපයක් තුළ අහලා ඉවරයක් කරලා දමන්න.. මාස 3 සැකකරුවන්ට අැප දීලා එළියට දැම්ම අය තවතව මරනවා... අපරාධ කරනවා..

:       0       4

රවින් Sunday, 31 May 2020 09:36 AM

නරකද පරණ කතාන්දරය ආපහු කිව්වා නම්? අපි එයාව අතනට එක්ක ගියා... අරවා පෙන්නනවයි කිව්වා... බහිරවයා එක්ක ගියා ...

:       1       5

janahitha Sunday, 31 May 2020 10:06 AM

එක්කෙනෙක් පමණක් ඉදිරිපත් කළා.. ඉන්න තැන දන්වලා අල්ලගෙන යන්නෙන්න කියලා තමයි ආරංචිය.. නායකයා හොඳින් ඉන්නවා. දේශපාලන හස්තයක් ළඟ ඔන්න ඕකයි තත්වේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site