IMG-LOGO

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

කොවිඞ් - 19 වයිරසයෙන් ආරක්‍ෂා වීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත්කළ නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහන වඩාත් බලාත්මක කිරීමට අවශ්‍ය සන්නිවේදන පහසුකම් රැසක් මොබිටෙල් සමාගම විසින් හඳුන්වා දී තිබේ. සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මොබිටෙල් ආයතනය Bonus Data add-ons සහිත විශේෂ පසු ගෙවුම් සැලසුමක්, නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක්, ඩිජිටල් ගෙවීම් විසඳුම් සේවාවක්, පසුගෙවුම් පාරිභෝගිකයන්ට 100% ක අමතර ඩේටා දීමනාවක් ඇතුළු සුවිශේෂී දීමනා රැසක් හඳුන්වා දී ඇතැයි මොබිටෙල් සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.

මොබිටෙල් සෙල්ෆ් කෙයාර් යෙදවුම හෝ www.mobitel.lk  වෙබ් අඩවිය හරහා මෙම සේවා ඉතා පහසුවෙන් සක්‍රිය කරගැනීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් - මොබිටෙල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම  ව්‍යසනකාරී අවස්ථාවේ දී මොබිටෙල් ශාඛාවක් වෙත නොගොස්, තමන් ඉන්නා තැනක සිට, තමන්ට අවශ්‍ය සේවාවක් ලබාගැනීමේ පහසුව මොබිටෙල් පාරිභෝගයන් වෙත ලබා දී තිබේ. එසේම උදාවී තිබෙන සුවිශේෂී අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් සාධාරණ ගාස්තු ඇතුළත් 30 GB සිට 140 GB දක්වා වූ ඩේටා (දත්ත) ප්‍රමාණ සහිත ඩේටා සැලසුම් රැසක් ද හඳුන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජතීන්ගේ ළමා අරමුදල මෙන්ම ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව කොවිඩ්-19 පිළිබඳව නිල පණිවිඩ බෙදාහැරීමත් මොබිටෙල් සමාගමේ එක සමාජ සත්කාරයකි. එලෙසම කොවිඩ් - 19 වසංගතයෙන් ජනතාව ආරක්‍ෂාකර ගැනීමේ ක්‍රමවේදයන් ජනතාව අතරට ගෙනයාම මොබිටෙල් ආයතනය විසින් සිදුකරයි.

නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් ලැබී ඇති මෙවන් මොහොතක වෛද්‍යවරයෙකු හමුවීම අතිශය දුෂ්කර කාරණාවකි. එහෙත් සිය පාරිභෝගිකයන්ට තමන්ගේ වෛද්‍යවරයා සමඟ සම්බන්ධවීමේ අවස්ථාව සහ e-Channelling  ඔස්සේ තමන් කැමති වෛද්‍යවරයෙක් හා සම්බන්ධ වී  ගෙදර සිටම වෛද්‍යවරයාගෙන් අදාළ උපදෙස් ලබාගැනීමේ සේවාවක් ද මොබිටෙල් ක්‍රියාත්මක කරයි.

 

“එමෙන්ම නිරෝධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට, තම තමන්ගේ නිවාස වලට වී ස්වයං නිරෝධායනය අනුගමනය කරන පුරවැසියන්ට, දැනට නිවෙස්වල සිටිමින් තම වෘත්තීය සේවා පවත්වාගෙන යන සේවකයන්ට සහ සමස්ථ පොදු මහ ජනතාවටම නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. මෙසේ ගත්කළ සන්නිවේදන සේවා නිසි පරිද පත්වාගෙන යෑම රටේ ජාතික වගකීමක් වේ. මෙවන් භාරදූර මොහොතක රජයේ සන්නිවේදන අවශ්‍යතාවය ද සපුරාලමින් සමස්ථ රටේම ජංගම සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමේ ජාතික කර්තව්‍යයට ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් සමාගම උරදී තිබේ” යයි එම නිවේදනයේ සඳහන් වේ.

ඉදිරි මාස කිහිපය රටට සහ රටේ ජනතාවට අභියෝගාත්මක කාලයක් වන බවත් කොවිඩ්-19 ට එරෙහි ජාතික සටන ජයග්‍රහණයෙන් අවසන් වනතුරු මොබිටෙල් ආයතනය සියලු දෙනාගේම සන්නිවේදන අවශ්‍යතා බලගැන්වීමට ඇපකැප වන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් කියයි.

“අද දවසේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒවාට නිසි විසඳුම් ලබාදෙන්න අපි දැනටමත් කටයුතු කරනවා. අපි අපේ සේවා, සන්නිවේදන නිපැයුම් සහ සේවා බෙදාහැරීම් ආදි සියලු අංශයන්ගේ මෙහෙයුම් වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කළා”

“තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දිවා රාත්‍රී වෙහෙස නොබලා සිය කාර්යභාරයේ යෙදෙන සියලු දෙනාටම නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ඔවුන්ට නොබිඳෙන සම්බන්ධාවයක් ලබාදෙන්න වගබලා ගත්තා. මේ සියලු දෙනාගෙම කැපවීමත් එක්ක අපිට මේ ව්‍යසනයෙන් අත්මිඳිලා ඉක්මනින්ම ඉස්සරට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා පැවසීය.

මොබිටෙල් සමාගම විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 



අදහස් (4)

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

kavinda Tuesday, 31 March 2020 01:13 PM

සම්බන්ධතාවය හොදයි ස්පීඩ් එක තමා අඩු...

:       0       51

Ranjith Wednesday, 01 April 2020 08:11 AM

වෙනද පොඩ්ඩක් ලිමිට් එක පැන්නම ඩිස්කනෙක්ට් කරන මෙදා සද්ද නැතිව ඉඳල ඩේටා බිලක් එකතුකරලා රුපියල් 6000 ක...[ඩේටා විතරක් ] .එකත් 21 ඉඳල අද වෙනකම් ...

:       0       4

Harsha Thursday, 02 April 2020 01:24 PM

බිල් කපලා ඊයේ යන්තම් ගෙවා ගත්තේ...

:       0       6

මහේෂ් Wednesday, 08 April 2020 03:41 AM

ලයින් කපලා බොරු දාන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 83 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 636 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site