(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4කින් අවප්‍රමාණය වී ඇත.
එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 4.6කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය පසුගිය සිකුරාදා (15) 190න් මෙපිටට පැමිණියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව සිකුරාදා (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය. මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.
මේ අතර මාර්තු මස 31 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වූ මෙරට නිල සංචිත ප්‍රමාණය අප්‍රේල් 30 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් දක්වා අඩු වී ඇත. මේ වසරේ පෙබරවාරි මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය.
COMMENTS
අද සියළු සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ විද්‍යාත්මක න්‍යායන්, කොරෝනා විසින් බිඳ දමමින් තිබෙනවා. මේ විනිමය අවප්‍රමාණ වීම, අප උපාය මාර්ගික පිවිසුමක් කරගත යුතුයි. රටේ ජාතික ආදායමේ සංයුතිය පිලිබඳ විශාල ගැටළුවක් පසුගිය අවු 30 - 40 ඇතුලේ අපිට තියෙනවා. රටින් පිට ඇතිවෙලා තියෙන දියුණුව ලංකාව තුලට ගෙන ඒමේ ප්‍රධාන දොරටුව තමයි අපනයන. මොකද එළියේ ප්‍රමිතිය, අපේ නිෂ්පාදන තුල අනිවාර්යෙන් තියා ගන්න වෙනවා. මුලින් 35% පමණ වූ අපනයන තනි ඉල්ලකමක් වීමේ අවදානමේ අපි ඉන්නේ. සේවා ආර්ථිකය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. නමුත් මුදලට වැඩි වටිනාකමක් දෙන නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වෙමින් තියෙනවා. සේවා ආර්ථිකයක් කියන්නේ සිහින ආර්ථිකයක්, තුන්වන ලෝකේ රටවලට. හීනෙන් බිමට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හරිහමන් අපනයන පදනමක් අපි හදා ගත්තොත් ඒ මත සෘජු ආයෝජන එනවා. ආසියාව තමයි අද ලෝකේ ලොකුම ආර්ථිකේ වෙලා තියෙන්නේ, ද.දේ.නි වටිනාකම අනුව. අද දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන ආර්ථිකේ හිමි වෙන්නේ බංගලි දේශේට. මෙහෙම ගියොත් වැඩිකල් නොගොස් අපිට බංගලිදේශේ / වියට්නාමේ පස්සේ යන්න වෙනවා.
අවුලක් නෑ..IOC පෙට්‍රල් මිල වැඩි කරල අන්න.. දැන් සනීපයි... එක රටක් එක් නීතියක්....