(ආරියරත්න රණබාහු)
2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුණේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (22) පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ සේනානායකවරුන් සැමරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ බස්නාහිර පළාත් සභාව එක්ව සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමිනි.
ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
‘‘පොළොන්නරුවේ පොසොන් කාලයට දන්සැල් අතර දීර්ඝ කාලයක සිට තරගයක් තිබෙනවා. එහි එක් දන්සලක් එක්සත් ජාතික පාක්ෂිකයින් සංවිධානය කරන සේනානායක දන්සැල. අනිත් දන්සැල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සංවිධානය කරන බණ්ඩාරනායක දන්සැල. වැඩි පිරිසකට කන්න දීම සඳහා මේ දන්සල් දෙක අතර හැමදාම තරගයක් තිබුණා.
ඩී එස් සේනානායක මහතා අභාවප්‍රාප්ත වූ කාලයේ සිට සේනානායක දන්සැලත් බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත වූ කාලයේසිට බණ්ඩාරනායක දන්සැලත් පනහේ දශකයේ සිට පවත්වාගෙන ඇවිත් තිබෙනවා. මේවා පරම්පරා ගණනක දන්සැල් දෙකක්.
මීට වසර දහයකට පමණ කලින් 2007-2008 කාලයෙදි සේනානායක දන්සැල වැහුණා. ඒ සංවිධායක මණ්ඩලයට හරිහැටි කරකියා ගන්න බැරි වූ නිසයි.
මම පොදු අපේකෂකයෙක් වෙලා එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගත වෙලා ජනාධිපති කෙනෙක් වෙයි කියලා එම කාලයේ මගේ කිසි තැනක සිහිනයක්වත් තිබුණේ නැහැ. නමුත් සේනානායක දන්සැල සම්පූර්ණයෙන් වැහුවට පස්සේ බණ්ඩාරනායක දන්සැල කරන මගේ මිත්‍රයන්ට කිව්වා අපි කළගුණ සළකන්න දැනගන්න ඕනෑ, එජාපයේ අයට කරගන්න බැරිව සේනානායක දන්සැල වැහුවා, එම නිසා අපි මේ දන්සැලට බණ්ඩාරනායක සේනානායක දන්සැල කියලා නම දාලා පවත්වමු කියලා.
2007 සිට ඒ දන්සැල තවම තිබෙනවා. පසුගිය පොසොන් පොහොයටත් දානය දුන්නා. ලබන පොසොන් පොහොයටත් දෙනවා. බණ්ඩාරනායක-සේනානායක කියන නම යටතේ නායකයෝ දෙන්ගෙන ෆොටෝ දෙක ගහලා තියෙනවා.
මම මේ කතාව කිව්වේ පොදු අපේක්ෂකයා විදියට 2014 නොවැම්බර් මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වෙනකොට මම හිතාගෙන හිටියේ ඩී.එස්ගේ, ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා.
(සභාවේ අත්පොලසන්)
නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ. ‘‘
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
රටේ අර්ථික සහ දෙශපාලනය ස්ථාවර වෙනවද මෙහෙම අනුවන කතා කියද්දි. තව තව අස්ථාවර වෙනවා. එක්කෝ යුන්පි එකට ආණ්ඩුව කරන්න දීලා කට වහගෙන ඉන්න ඔන. එහෙම නැත්තම් ඔබතුමා ශ්‍රී ලනිප ආණ්ඩුවක් හදාගන්න ඕන. එහෙම නැතුව මූනට කියන්න ඔන එවා අගු පිල්වල කියන එකෙන් විනාශ වෙන්නෙ ඔබතුමා මයි. එක්කෝ ඔය ඉන්න අනුවන උපදෙස් දෙන උපදේශකයෝ සහ පසුව ඔබතුමාට වාසියට ලන්වුණු අයව ඉවත් කරලා දක්ෂ පිරිසක් ලංකර ගන්න....
කිව්වා නේද ගොන් කතාවක් යලිත්
ඔච්චර දේසපාලන දැනීමක් තිබුණ ඔබතුමාට ඕක තෙරුම් ගන්න කල් ගියාට සාමාන්‍ය මහජනයා ඕක තෙරුම් ගත්තේ 2014 ට කලින්. ඔය නොතේරුම් කම් නිසා රටට වෙච්ච හානිය සුළුපටු නෑ.
ඔබ තුමා කොහොමද දන්නෙ. ඔබතුමා ඒ පක්ෂයේ කවම දිනකවත් නොසිටිය නිසා. හැම තැනකම කලගුණ නොදන්නා අය ඉන්නවා. ඒ විතරක් නොවේ හොරුත් ලංකාවේ පිරිලා.
අපිත් ඡන්දෙ දුන්නේ පවතී ආණ්ඩුවේ සංවර්ධන වැඩ කලාට හොරකම වංචාව වැලක්වීමට ක්‍රියා නොකිරීම නිසා වෙනසක් බලාපොරොත්තුවෙන්. අපට වැරදුනා .... සංවර්ධනය නැවතුනා ... වංචාව, හොරකම වැඩි උනා .... ජනපති තුමනි ඔබතුමන් ඉක්මන් තීරණයක් ගන්න. නැත්නම් මැතිවරණයකට ගොස් ජනතාවට අවස්ථාව ලබාදෙන්න.
වසර 40ක් ශ්‍රී ලංකා දේශපාලනයේ නියැලී සිටි කෙනෙක් කොහොමද දේශපාලන පක්ෂවල යථා ස්වරූපය හඳුනා ගත්තේ නැති බව කියන්නේ? මේකත් හරියට අර අතේ රෝල් " දිනුවට පස්සේ එදාම රාත්‍රියේ 12 ට කටුනායක දොරවල් වලට අගුලු දානවා, අලුත් පක්ෂ හදන කට්ටිය මාව කවුද කියල දන්නේ නැතුවයි එහෙම කරන්නේ, හොඳයි හදල බලමුකෝ, හිර ගෙවල්වල පොළව පලාගෙන අවීචි මහා නරකාදියට හරි ගිහිල්ල හොරු අල්ලනවා අල්ලනවාමයි......... කොළඹ විනාශ කරන්න කොටි බෝම්බ දාන බව දැනගෙන කට්ටිය පැනල ගියා, යුද්ධය ඉවර උන අවසාන සුමානේ මමයි එය මෙහෙය වුයේ, කුඩු කාරයෝ එල්ලනවා, මාව මරන්න රෝ කට්ටිය කුමන්ත්‍රණය කරනවා," වගේ කටට ආවට කියන අප්‍රබංශ කතාවක් වගෙයි පෙනෙන්නේ.
මෙයාට ඔක්කොම පස්සේ තේරෙනකොට රටේ ගන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. ආර්ථිකය, ආරක්ෂාව, ජාතිමාමකත්වය, දේශමාමකත්වය ඔක්කොම මේ ගෙවුණු වසර හතරේදී හේදිලාම ගිහින්. උතුරේ අක්කර ගානක ඉඩම් (වනාන්තර) කඩ කඩ බෙදල දෙනවා, අක්කර දස දහස් ගණනින් මහා වනාන්තර ඉවර කරලා දාන්න ඉඩ දුන්නා පුරාවස්තු ටික ඩෝසර් කරනකන් බලාගෙන උන්නා, මේ රට අවුරුදු 10-15කින් ආපස්සට හරවලා දැන් ජනාධිපතිවරණෙ ළඟ ළඟ එනකොට එක එක කතා කියනවා මිනිස්සුන්ව ගොනාට අන්දවන්න. ලංකාවේ දේශපාලනය කියන්නේ කුජීතම විෂයක්.
අනුන්ගේ පක්ෂ හදන්න ඉස්සරලා ඔබතුමාගේ පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්තියට ගැලපෙන විදියට හදාගත්තනම් හොදනේ.
මේ ලංකාවේ ජනාධිපතිතුමාද?
ප්‍රමාද වී හෝ තේරැම් ගැනීම සතුටට කරැණකි. ඒ වගේම වර්තමානයේ ශ්‍රී ලංකා නි.පක්ෂයද බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නි. පක්ෂය නොවේ.
[මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු .....] ඔතන තමා ජනාධිපතිවරයාගේ වැරදීම සිදු උනේ ! මේ උතුම් අවංක නායකයන් මෙන්ම ඔබ හිතාගෙන හිටපු අනෙකුත් එක්සත් ජාතික පක්ෂ නායකයන් දිවංගතවෙලා බොහොම කල්ගත වුන බව මුලදී කල්පනා කරානම් ඔබ තවමත් රාජපක්ෂ පාලනය යටතේ නිකම්ම ඇමතිකමක් දරණ කෙනෙක් වෙලා ඉන්න තිබුණා.... බලාගෙන යනකොට ඔබ පක්ෂ මාරුකරේ බලලෝභී නිසා බව දැන් අපට හිතෙනවා ! එක්සත් ජාතික පක්ෂ මුක්කුවෙන් ඔබ ජනපති උනත්, ඔබේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඔබට ඒ අයගෙන් කිසිම තහනමක් නොතිබුන බව එදා සිට අද දක්වා සිදුවුන හැම දෙයකින්ම රටේ ජනතාව තේරුම් අරගෙන අවසානයි.
නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියල හිතෙනවා මේවා දැක්කම.
ඔය ටිකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධවත් කියන්නකෝ.
ජනාදිපති කෙනෙක් විදිහට මීට වඩා වැදගත් දෙයක් ඇත්තෙම නැද්ද මේ වගේ ස්ථානයක කතා කරන්න. මොනවා උනත් යූ.එන් .පී එක බාල්දු වෙලා තියෙන එක නම් 100% හරි. හැබැයි අනිත් පක්ෂත් ඒ වගේම තමා,.
එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කියා ගන්නේ නැතුව දන්සැල් කළා නම් නේද වඩා හොඳ?
අපි රැවටෙයි ඕවට
අන්තිම කාලේ වගේ යන්නේ.
ඕකම තමයි ශ්‍රීලනිපය ගැන කියන්න තියෙන්නෙත්. මේ බණ්ඩාරනායකලගේ ශ්‍රීලනිපය නොවේ
එ.ජා.ප යට තවම ඡන්දය වැටෙනවනම් එ් වැටෙන්නෙත්. එ් කාලේ එ.ජා.පය ගැන පැහදුනු මිනිසුන්ගේ හා ඔවුන්ගේ දරු මුනුපුරන්ගේ පරම්පරාගත ඡන්ද. දැන්නම් එ්කත් වෙනස් වෙලා පියා පරන පුරුද්දට එ.ජා.ප ට ඡන්දය දෙද්දි දරුවො වෙනත් පක්ෂ වලට ඡන්දේ දෙනවා. දැන්නම් අැත්තටම එ.ජා.ප යට රට පාලනය තබා පක්ෂ මූලාසථානයවත් පාලනය කරන්න බැරි තත්වෙක තියෙන්නේ. තවත් එ් පසුපස යාම පලක් නෑ. එ්කට ලොකුම හේතුව තමා වත්මන් නායකයන්ගේ පියවරු මහපොලොව් බැහැලා යතාර්ථවාදී දේශපාලය කරනකොට දැන් පාලකයන් වන ඔවුන්ගේ දරුවන් එ් කලේ පොලොවේ පය නොගහපු, මිනිසුන්ගේ හදගැස්ම, ජීවන සුවඳ නොහදුනනා පවුඩර් බබලා වීම.
ජනපති තුමනි, ඒක අපට තේරුම් ගිහින් ගොඩක් කල්. ඒක තමයි අපේ රටට මෙහෙම වුනේ උන් හැමදාම ධනපති ටික රැක්කා... අපි වහල්ලු කියලා හිතන්නෙ ලබන ඡන්දේ දිත් අපේ රටට දෙවි පිහිටම තමා.
තේරෙනකොට රටම අගාදෙට ගිහින් ඉවරයි නේද ?
ඔව් ඉතින් මේ බණ්ඩාරනායකලගේ නිදහස් පක්ෂයත් නොවෙයි නේ!
ඔව්, ඔව් ! ඔබතුමාගේ ශ්‍රීලනිපයත් බංඩාරනායක හදපු එක නෙවෙයිනේ 2015 තිබුනේ. ඒක නිසා අව්ලක් නෑ.
බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේත් නොවෙයි දැන් තිබෙන්නේ
ගුණමකු දනා ගැන හෙළයේ බොහෝ කවි ලියවී ඇත.
තුන්කල් දැක්ම රාජ්‍ය තාන්ත්‍රිකයකුට තිබිය යුතු අත්ත්‍යන්ත සාධකයෙකි. කණගාටුයි. කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්‍රය පොතවත් ස්පර්ශ වී නැති නියායෙකි.
අපිටත් තේරුනේ දැන් තමයි. අර කිව්වා වගේ මඩු වලිගෙන් තලන්න ඕන ඡන්දෙ දුන්න අපිටයි. පාර්ලිමේන්තුවේ කොපමන කලක් හිටියත් කවුද ඡන්දෙ දුන්නේ, කවුද විරුද්ධව වැඩ කලේ. මුකුත් ම තේරෙන්නේ නැහැ. කබරයා තලගොයා කරන්න නම් තේරෙනවා.
ඔබ තුමා දේශපාලනය කරලා ඒක තේරුම් නොගත්තට අපි නම් දැනගෙන ගොඩක් කල්.
ඔය කියන එජාපෙ ඉවර උනේ 1977 කියලා මුළු රටම දන්නවා.
2014/2015දි මහින්දට බැන්නා. දැන් යු එන් පී එකට බනිනවා.
අනුන්ගේ ඇස් වල තියන කුණු රොඩ්ඩ හොයන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පොල් පරාල ඉවත් කර ගත්තොත් නොවැ හොද.
කිසිම දෙයක් දන්නේ නැති තොත්ත බබෙක් වනේ ජනාධිපති හැටියට පත් කරලා තියෙන්නේ. අපි අපිටම මඩු වලිගයෙන් තලා ගන්න ඕනේ මේ වගේ ලිද ලග කතා කරන පාලකයෝ සිටින රටක ජීවත් වෙනවට.
ඔබේ අදහස් වලින් ඔබගේ කැරක්ටරේ පෙන්නනවා. අවසන් කාලය හොඳටම ලඟයි නේද...?
2015 ට කලින් තිබුණේ ත්, බණ්ඩාරනායක ලාගේ ශ්‍රී.නිප.නෙවෙයි. ඒක අමුතු ම එකක්.
අපි හිතපු ජනාධිපති නෙවෙයි දැන් ඉන්නේ...........
62 ලක්ෂ ජනයා බලාපොරුත්තු උන දේද?
ඔබතුමා වීදුරු ගෙවල් වල ඉඳගෙන ඇඳුම මාරුකරන්න එපා ජනාධිපතිතුමනි. එතකොට ඔබතුමාගේ හෙළුව පේනවා. අද 56 දරුවන්ගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයද තියෙන්නේ කියලා බැලුවොත් නරකද? ඩී.එස්. ගේ පක්ෂේ හොයන්නේ නැතුව බණ්ඩාරනායක මහත්මයාගේ පක්ෂය නැවත ගොඩනැගුවොත් නරකද? පින් ජනාධිපති මුළුරටම, ජාතියම නැතිකරලම දැම්මා. ඔබතුමා මරණින් මතු සොහොන කොත් හදන්න එපා... මොකද ඔබතුමා මේ රටට කළ විනාශයට ඔබගේ සොහොනට හෙන ගහනවා සිකුරුයි...
අලියාගේ වලිගේ එල්ලී උඩට යන්නේ නැතිව තමන්ගේම "මෛත්‍රීපාල සිරිසේන චින්තන" නමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙලා රටට සේවයක් කරන්න ඔබ සූදානම් වුණා නම් මේ විදියට නාහෙන් අඬන්න ඕන නැහැ නේද? ජනපති කෙනෙක් වීමට ඔබට විශේෂ සුදුසුකමක් නැති වෙලාවක අලියා ලබා දුන් හිනිමගට පයින් ගසා, දැන් අලියාගේ වැරදි කියමින් තමන්ගේ වැරදි වසා ගැනීමට උත්සාහ කිරීම රටක නායකයෙකුට කිසිසේත්ම සුදුසු නැත !!!
පව්, මෙතුමාට හොඳටම සිහිවිකල් වගේ...
ජනතිපතිතුමනි ඔබ කතාකරන්නේ හරියට පොඩි ළමයි වගේ..............
ගුත්තිලයේ තියෙනවා මේකට හරියන කවි..
බණ්ඩාරනායකත් පැන්න ඔබතුමාත් පැන්න නේද? දන්සැල් දෙන මිනිස්සු මේවට ගාවගන්න එපා.
මෙයාගේ මොලේ කචල්.