
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොච්චිකඩේ කම්මල්තොට මෝය අසල මුහුදේ දියනෑමට ගිය තරුණ පිරිසක් අතර සිටි තිදෙනෙකු අද (03) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි
තරුණයන් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ දියනාමින් සිට ඇති බව පොලිසිය කියයි.
එහිදී තරුණයන් පිරිස මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, නාවික හමුදාව සහ පොලිසිය එක්ව තරුණයන් සිව්දෙනෙකු බේරාගෙන ඇත.
අතුරුදන් වූ තරුණයන් සොයා නාවික හමුදාව සහ පොලිස් කිමිදුම්කරුවන් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd