(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
නුවරඑළිය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ අයෙකුගේ මුදල් මංකොල්ල කා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය අද (21) දින අලුයම සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි තාප්පයක් ආසන්නයේ තුවාල සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් පවතින බවට පොලීසියට ලද තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී එදිරිසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අලුයම කාලයේ සිටම මෙම ඝාතනය වූ පුද්ගලයා සහ සිද්ධිය පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භක කළහ.
වෙළඳසැල්වල පිහිටි ආරක්ෂිත කැමරා පද්ධති පිළිබඳව සොයා බැලීමේදී කැමරා පද්ධති කිහිපයකම මියගොස් සිටින පුද්ගලයා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් කීපයකට ඇවිදිමින් වෙළඳසැලක් සොයා යන ආකාරය දර්ශනය වූ බවත් ඒ සමගම ඔහු පිටුපස තවත් තරුණයන් දෙදෙනකු ඉතා සූක්ෂම ලෙස ඔහුට නොදැනෙන්න ලුහුබඳින බවද ආරක්ෂිත කැමරා වලින් සොයාගැනීමට හැකිවූ බව දඹුල්ල පොලීසිය කියයි.
පසුව තවත් පුද්ගලක් එක වැරම මියගොස් සිටින පුද්ගලයාගේ මුදල් පසුම්බියක් හෝ එවැනි දෙයක් රැගෙන දිව යන දර්ශනයක් එම තරුණයන් පිටුපස මිය ගිය පුද්ගලයාද දිවයන දර්ශන පොලීසිය සොයාගෙන තිබේ.
ඒ අනුව දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙසේ මියගොස් තිබෙන පුද්ගලයා පතන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩී. එම්. උක්කුබණ්ඩා රත්නායක නැමැත්තකු බවත් ඔහු අලුයම 1.00 ට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ලොරි රථයකින් කැරට් රැගෙනවිත් තිබෙන බව පොලිසිය කියයි. ආර්ථික මධ්‍යස්ථානය පිටතදී කැරට් පැටවූ ලොරි රථ නවතා ඔහු එළවළු ලබාදෙන වෙළඳසැල සොයා ආර්ථික මධ්‍යස්ථානය තුළට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ලොරි රථය සොයා ගැනීමෙන් පසුව එහි පැමිණි රිය සහායකයා ගෙන් පොලීසිය කරුණු විමසීමේ දී හෙළි වී ඇත්තේ වෙන දිනවලත් ප්‍රධාන මාර්ගයේ වාහනය නවතා වෙළඳසැලට ගොස් නිදා ගන්නා බවත් අළුයම ආර්ථික මධ්‍යස්ථානයේ ගේට්ටු විවෘත කිරීමෙන් පසුව එලවළු ලොරිය ඇතුළු කරන බවත්ය. එහෙත් උදේ තම රියදුරු මහතා නොපැමිණි නිසා වෙනත් අයෙකුගේ සහාය ඇතිව කැරට් සහිත ලොරිය වෙළඳසැලට දැමූ බව ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.


COMMENTS
දඹුල්ල දාමරිකයන්ගේ රජ දහනක් වන්නේ කාගේ දුර්වලතාවකින්ද?
225 පමණක් නොවයි මොවුන්ගෙනුත් රට ගලවා ගන්න ඕනෑ.
අහිංසක ගොවියෙක්.. මොහුගේ දරු පවුලට යන කල කිමදෝ.. ඉන්ට හිතෙන රටක්..!!!
අද රටේ සිදුවන අපරාධ වැළැක්වීමට පොලිසිය හෝ රටේ අනිකුත් ආරක්ෂක අංශ අසමත් බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන දෙයක්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි නිතර මිනිසුන් විශාල ප්‍රමාණයක් ගැවසෙන ස්ථාන වල ආරක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවිය යුතුයි. පොලිසියේ ඒ සඳහා නිලධාරීන් නොමැති නම්, ඒ සඳහා අනිකුත් ආරක්ෂක අංශ වලින් නිලධාරීන් අනුයුක්ත කළ යුතුයි.
ජාතික ආරක්ෂාව තියා රටේ සාමාන්‍ය ආරක්ෂාවවත් නැතිව ගිය රටක් මේක. වරෙල්ලකෝ ඡන්දේ ඉල්ලගෙන ආයෙත්...
දේශපාලකයෝ නම් කියනවා පිටරට සිටින විදේශිකයන්ට නැවත ලංකාවට එන්නලු රටට සේවය කරන්නලු . මේ වෙන ඒවා දුටුවාම එම රටවල තිබෙන සුරක්ෂිතභාවය පසෙක ලා දුවගෙනම ඒවි.