
( ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ගේ බැරක්කය පිටුපස උණ පඳුරක් යට වළ දමා තිබූ ටී 56 ජීව උණ්ඩ 14 ක් සහිත පාර්සලයක් අද (02) දහවල් සොයාගත් බව මීගමුව පොලීසිය කියයි.
භූමිය පිරිසිදු කිරීමේදී උණ පඳුරක් යටින් සැක සහිත පාර්සලයක් හමු වී ඇති අතර පසුව පොලීසියට කරන ලද දැනුම් දීමකට අනුව පොලීසිය එම ජීව උණ්ඩ තොගය ගොඩගෙන තිබේ.
පසුගිය කාලයේ ගෙන එන්නට ඇතැයි කියන මෙම ජීව උණ්ඩ තොගය බන්ධනාගාර තුළට යැවීම සඳහා වළ දමන්නට ඇතැයි සැකක කරන බවද පොලිසිය සඳහන් කළේය.
පොලීසිය බන්ධනාගාර නිලධාරීන් හා එක්ව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම සෝදිසි කරන්න. හිරකාරයො ගාව අඩුගානේ ටී පනස් හය එකක් හරි හන්ගලා ඇති.