(තරංග ගුණරත්න)
වැලිගම මිරිස්ස පෙදෙසේ දි වෙඩි තැබිම සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ තවත් පුද්ගලයකු හෙරොයින් සමඟ අද (3 ) අත්අඩංගුව ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි .
වැලිගම පොලිස් වසමෙ මිරිස්ස පෙදෙසේ පසුගිය (30 ) දා උදැසන මිරිස්ස වරාය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු වන අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දා යන අයට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා පලායන අවස්ථාවේ පෙදෙසේ තරුණ හා ජනතාව විසින් එක්ව දැඩි වෙහෙසක් දරා එහි පැමිණි යතුරු පැදිකරු අල්ලාගෙන පොලිසියට බාරදුන්නේය.ෙ
එහිදී අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දාගේ වම් අත තුවාල සිදුවී තිබිණි. වෙඩි තැබිම සදහා පැමිණි පාතල සාමාජිකයා ත්‍රීරෝද රථ මඟින් පලාගොස් තිබිණි.
ඒ සහය ලබා දුන් බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේ්ස්තාත්වරයා නියෝග කළේය.
කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කළ විමර්ශන අනුව අතුරුගිරියේ පදිංචි කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියෙ ජෙරම් නැමැති පුද්ගලයකු හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් වැලිගම මෝදර පෙදෙසේදි සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
අනාවරණය වන තොරතුරු අනුව දැනට සැඟවී සිටින අංගොඩ ලොක්කා ගේ සමීපතමයකු වන සැකකරු ඔහුගේ ඉල්ලිම මත අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දා ඉලක්ක කරගෙන පසුගිය ( 24 ) දින මිරිස්ස පෙදෙසට පැමිණි බවත් පැමිණි යතුරු පැදිකරුට යතුරු පැදිය පැදවීමට හසළ දැනුමක් නොමැති විම නිසා එම අදහස ඉවත දමා නැවත ගිය බවත් එහිදී මිදිගම නගරයේදී වෙතත් මෝටර් රථයක ගෙනා ඇඳුම් මාරු කරගෙන ගිනි අවියද හරක්කටා නැමැති අයට භාරදී ගිය බව පැවසේ .
සැකකරු වැලිගම එළුවාවල පෙදෙසේ කාන්තාවක් විවාහ වී සිටි බවත් දැනට එහි සම්බන්ධයක් නොමැති බවද සැකකරු වසර කිහිපයකට ඉහතදී යුධහමුදා විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කර තිබු බව පැවසේ.
2025 නොවැම්බර් මස 04
359
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2159
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1639
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට