IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනිස් ජාවාරම් කළ ලාංකිකයන් තිදෙනෙකු මැලේසියාවෙන් අල්ලයි

ඡාත්‍යන්තර මිනිස් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිසිය පවසයි.

මොවුන් මුහුදු මාර්ගයෙන් කුඩා ළමයින් ඇතුළු සංක්‍රමණිකයන්ව මැලේසියාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලට ප්‍රවාහනය කර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම පිරිස අතර ශ්‍රී ලාංකියන් 24 දෙනෙකු සිට ඇති බවත් ඒ අතර පිරිමි 12 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු, පිරිමි දරුවන් 2 දෙනෙකු, ගැහැණු දරුවන් 2 දෙනෙකු සිටි බව මැලේසියානු පොලිසිය පවසයි.

ඊට අමතරව ඉන්දීය පුරවැසියන් 10 දෙනෙකු  සිටි බවත් ඒ අතර පිරිමි 4 දෙනෙකු, කාන්තාවන් 3 දෙනෙකු, ගැහැණු ළමයින් 3 දෙනෙකු ද සිටින බව වාර්තා වෙයි. 

1959 සහ 1963 ආගමන විගමන පනතේ 5 (2) වගන්තිය යටතේ ආගමන නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
(28535)



අදහස් (0)

මිනිස් ජාවාරම් කළ ලාංකිකයන් තිදෙනෙකු මැලේසියාවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site