(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මැතිසබයේදී අද(15) පෙරවරුවේ ඇතිවූ ගැටුමේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක් තුවාල ලැබූහ.
මේ ගැටුමේදී තුවාල ලැබූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා (එ.ජ.නි.ස) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි.
අමුණුගම මහතා තුවාල ලැබුයේ කතානායකවරයාගේ මයික්‍රෆෝනය ඇදීමට යෑමේදී ඊට අත කැපී යෑම නිසාය.
අමුණුගම මහතාගේ අත කැපී යාමෙන් අධික ලෙස රුධිරය වහනය වූ අතර ඒ රුධිරය ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සුදු ඇඳුම්වලද තැවරී තිබෙනු දක්නට ලැබිණි.
අමුණුගම මහතාට පළමුව පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාදී පසුව ගිලන් රථයකින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පිටත් කර යැවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අරුන්දික ප්‍රනාන්දු, හරීන් ප්‍රනාන්දු හා පාලිත තෙවරප්පෙරුම තුවාල ලැබූ සෙසු මන්ත්‍රීවරු වෙති. ගැටුමේදී හරීන් ප්‍රනාන්දු මහතාගේ උපැස් යුවළද කැඩී ගොස් ඇත.
2025 නොවැම්බර් මස 21
22
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
140
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
986
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැති සබේ ගැටුමෙන් මන්ත්‍රීවරු පිරිසකට තුවාල:අයෙක් රෝහලේ
parakrama Thursday, 15 November 2018 02:13 PM
පොහොට්ටුවේ අයගේ අමන දඩබ්බර අශීලාචාර කියාවලිය රුපවාහිනි තුලින් මුළු ලෝකයම බලා සිටි බව ලජ්ජාවෙන් හා කනගාටුවෙන් කිවයුතුය.
Rohana Friday, 16 November 2018 02:54 AM
රට කරවන අය හැසිරෙන්නේ මෙහෙමනම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ?
Ajith Nissaka Friday, 16 November 2018 03:21 AM
මේ හරක් රැල පාර්ලිමේන්තු දක්කපු ජනතාවනි ඔබට සතුටුද දැන් ???