(අංජුල මහීක වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙති.
මාලදිවයින් ජනාධිපතිවරයෙක් සමස්ථ කැබිනට් මණ්ඩලය සමගම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවටය.
ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිලසංචාරයක නිරතවේ. ඒ සමගම ජපාන අග්‍රාමාත්‍ය ෂින්සියෝ අබේ මහතාගේ විශේෂ නියෝජිතයෙක්ද ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණේ.
මේ සියලුදෙනා මෙරට සංචාරය කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවය. රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව අගමැතිවරයා පසුගියදා මෙරට සියලු තානාපතිවරුන් කැදවා ප්‍රකාශ කළේය.
COMMENTS
මාලදිවයින් කැබිනට් මණ්ඩලය ඇමතිවරු කීදෙනෙකුගෙන් සමන්විතද කියා කිවුවානම් හොඳයි නේද? එහි, අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ ඇමති මණ්ඩලයට වැඩි ගණනක් ඉන්න පුළුවන් කියලා මගේ සීයා කියනවා, එරට දූපත් ගණන අපේ එක දුපතට වඩා වැඩි නිසා! ඔච්චර ඇමති මණ්ඩලයකට කෑම වේල් ගණනක් දෙන්න ගියොත් අපේ රට හාමතේ වැටෙනවා නියතයි....
පුදුම වැඩේ කියන්නේ මේ පිරිසට ආරාධනා කරලා එයා පිටරට යනවා
බලපුවම එහෙත් මෙහෙ වගේමයි. රොත්ත පිටින්ම යනවා.
කවුද දන්නේ එහෙත් කියන කියන විදියට අත උස්සලා ඉන්නවට අවුරුද්දකට වතාවක් විදේශ සංචාරයක්, තීරු බදු රහිත වාහනයක්, එහෙම දෙන්න පොරොන්දුවෙලද කියලා?
මාලදිවයිනේ කැබිනට් එකවත් මෙහෙ පවත් වන්න කියමු.
යුද හමුදාව සීරුවෙන් හිටියොත් තමයි හොඳ. මේ ඔක්කොම එකපාර කඩා වැටෙන්නේ මොන එහෙකටද දන්නේ නැහැ.
ඔය ඇමතිලා එහෙන්.. කරවල, උම්බලකඩ එහෙම හංගගෙන අරන් එ්වි... මෙහෙ බ්ලැක් මාර්කට් එකේ විකුණන්න. එ්ත් කස්ටම් එකේ මහත්වරුන්ට මොකුත් කරන්න බැහැ. මොකද කරවල ගෙනාවත් මේ අය වී.අයි.පී. ලානේ...
කවුද බිල් ගෙවන්නේ?
මට මතක හැටියට එහෙ හිටපු ජනාධිපති එක සැරයක් කියල තිබුන එයා අසනීපෙට බෙහෙත් ගන්නෙත් ලංකාවෙන් කියල, මගේ හිතේ එයාල එන්නේ බෙහෙත් ගන්න වෙන්න ඇති නැති බැරිකම් කියන රෝගෙට
අපේ ලොකු අය කරන දුෂණ, වංචා පළිබදව ඉගෙනගන්න වෙන්න ඇති නේද මෙහෙට එන්නේ.
ඇයි මේ අයට හද පතුලෙන්ම සතුටු වෙන්න බැරි මේ වගේ උසස් වැදගත් රාජ්‍ය නායකයෝ , බලවත් රටවල නියෝජිතයෝ මේ පොඩි දුපතට එන එක ගැන. ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තීයෙන මේ ලස්සන රට ලෝකෙට පෙන්නන්න තියෙන අවස්ථාවල් මේ. හැම දේ ගැනම වපර ඇහෙන් බලන්න එපා. හැම දේකම හොද පැත්තකුත් තියෙනවා.