
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි අලෙවියට සූදානම් කර තිබු ලක්ෂ දෙකකට ආසන්න වයින් තොගයක් සුරාබදු නිලධාරින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මෙයට පෙර බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කිරීමේ වරදට හසුවු සැකකරුවකු බවත් අදාළ සැකකරු සමග නිෂ්පාදනය කර තිබු වයින් ලීටර් 60 ක් ද සුරාබදු නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
අදාළ ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන වයින් අන්තර්ජාලය හරහා ගැණුම්කරුවන්ට අලෙවි කිරීම්වලද නිරත වී ඇති බවත් සුරාබදු නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර නැවත 2021 ජනවාරි 27 දින මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා තිබේ.


COMMENTS
ඔන්න සර්ලගෙ හපන්කම්...... මිනිස්සු කොහොමද ව්‍යවසායකයො වෙන්නෙ... මෙහෙම ගොබ්බ නීති එක්ක.
වයින් කියන්නේ නත්තලට ලෝකේ කොහෙත් ගෙදරදී හදා ගන්නා බීමක්. සුරාබදු එකේ අය මහලොකු මත්පැන් ජාවාරමක් අල්ලලා වගේ නිවුස් එක දාන්නේ. පුළුවන් නං හොරට එතනෝල් ගෙන්නන ජාවාරම් කාරයෝ අල්ලන්න කියන්නකෝ මෙයාලට.
ඔය පැත්තේ ඔය වගේ දේවල් කරනකොට ටිකක් කල්පනාවෙන්.... හෙලිකොප්ටර් පාත්වෙන්න බැරි නෑ.
Siri හෙලිකොප්ටර් පාත් වෙන්නෙ කුඩු මුදලාලිලගෙ ගෙවල් වලට.
ඔය ව්‍යාපාරෙ විනාශ කරනවාට වඩා තත්ව පාලනයකින් යුතුව නිපදවන්න කියලා දිලා බලපත්‍රයක් දුන්නා නම් නරකද?
අයියෝ.... ඒක කෝවිඩ් පැණියක් කිව්වා නම් ඉවරයිනේ... රාජ්‍ය අනුග්‍රහයත් ලැඛෙවී....
මිදි නැතිව වයින් හදනවා...? අදහන්න වටින පොරක්නේ...
මේවාට අයි.ඩී. දෙන්න ඕනෑ සර්...
අහිංසක එතනෝල් මුදලාලිගේ බඩේපාර ගහනවා... හොඳ වැඩේ...
මාදම්පේ තියෙන රා කියලා රට පුරා බෙදාහරින ජරාව තවම නතර කරන්න බැරි වුණානේද? දුප්පත් මිනිස්සුන්ට ජරාව පොවන ජාවාරම් කාරයින්...
අනාදිමත් කාලයක් තිස්සේ හැමෝම දන්න, ගෙදරත් හදන වයින් හදන්න බලපත්‍ර ඕනෑ.කාලි වරමෙන් කියලා රෝගී නිරෝගී මිනිස්සුන්ට පොවන කවදාවත් කළින් හදලා නැති ඖෂධයක් කියන එකක් කට්ටඩියෙකුට හදන්න බලපත්‍ර ඕනැ නැහැ.!!! රාජ්‍ය අනුග්‍රහයත් ලැබෙනවා.
කවදා නම් ජාත්‍යන්තරයට අපේම කියලා ලෝක ප්‍රසිද්ධ, විස්කි, බ්‍රැන්ඩි, වයින් නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන් වෙයිද?
පොලිසියේ අනුදැනුමක් නැතිව කොහොමද මාරවිල ස්කාගාරයක් පවත්වාගෙන යන්නේ?
සුරාබදු කාක්කෝ ලොකු වැඩක් කරලා වගේ.. ශුවර් එකටම ජරාව ඉල්ලලා දෙන්න නැතුව ඇති. ඔය වගේම ලගදි අල්ලපු හෙරොයින්, අයිස් ගෙන්නපු අය ගැනත් දැම්ම නම් හොදයි නේද?
අනේ සුරාබදු කුඩු ලී කුඩු කෙරුව වගේ වයින් වතුර කරන්න බැරිද?
මෙ වයින් හදලා තියෙන්නේ මොනවායින්ද? මිදිද, පොල්ද, අන්නාසිද, නිකම්ම නිකන් සීනි වලින්ද? වයින්වලට එස්.එල්එස් ප්‍රමිතියක් තියෙනවද?
ලංකාවේ ජිවත් වෙන්න හොදම ක්‍රමය තැරව්කරුවෙක් වෙන එක. එක්කෝ කුඹුරක් කොටන එක. එහෙම නැත්නම් කුලී වැඩක් කරන එක. වයින් හා බීර නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්තවල මෙන්ම කුඩා පරිමාණයෙන්ද වුනොත් හොඳයි. නියමනයකට යටත්ව. සුරාබදු එකෙන් පැනල වටලලා දඩ මෙන්ම නඩු දන්න ඕනේ මිනිස් සිරුරට අහිතකර නිෂ්පාදන වලට. මෙවැනි නිෂ්පාදන දිරිගැන්වීමට ක්‍රමයක් තිබුනොත් හොඳයි. විවිධාකාර වයින් මෙන්ම බීරද නිෂ්පාදන කිරීමට මෙවැනි පුද්ගලයන්ව දිරිගන්වුවොත් හොඳයි කියල හිතෙනවා.
ලංකාවෙ මිනිහෙක්ට අත දීපන් ගොඩ එන්න උඔලත් සිංහලනෙ ඇයි වල කපන්නේ තමුන්ගෙම අයට? අපිට කවදාවත් හරියන්නෙ නැත්තෙ ඒකයි... ගිහින් බලන්න ඒ ගෙදර මිනිස්සු කොච්චර අසරණ වෙලාද කියල....? නුඹලටත් ළමයි ඇතිනේ.... මේව හෙන ගහන වැඩ
සුරාබදු එකෙන් නත්තලට වයින් ගන්න ගිහින් තියෙන්නෙ. මොකද සල්ලි දීල ගන්න බෑනේ. කමක් නෑ හැමදාම අල්ලපු කසිප්පුනෙ බොන්නේ? මේ නත්තලට හොද වයින් එකක් බොයි. පිනක් කියල හිතාගන්න.
සුරාබදු එකෙන් මාරවිල රා අල්ලන්න යයිද කවදාවත්? අසරණ මිනිස්සුන්ගෙ දේවල් තමයි රටටම පෙන්නන්නෙ. මෙ අයට ජරාව දෙන්නෙ නැති එක තමා අවුල...
අපරාදෙ මුලින්ම හතරවටේ තියන සුරාබදුවලට කීයකීය හරි දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ....
සුරාබදු !! මාරවිල ගිහින් බලපන් හොරෙන් රා හදන කසිප්පු හදන උන් කීයක් ඉන්නවද කියලා... ඇයි ඒවා අල්ලන්න බයද? මේ අසරණ මිනිස්සු කරන ලෝකෙම හොල්ලන්න පුලුවන් දෙයක් කරද්දි ඒකට සහයෝගය දීල අපේ රට ගොඩදාන්න බැරි ඇයි?
මේ පාර නත්තල ජයටම සමරයි නේද සුරාබදු කට්ටිය? අම්මෝ වයින්නේ....
මෙම වැටලීමට හේතුව වූයේ සුරාබදුහි සිටිනා විශිෂ්ට නිලධාරීන් හට ඡරාව නොදීම නිසා බව ඔවුන් කෙලින්ම කියා තිබුනි.
අනේ මහලොකු වීරකමක් කරා වගේ ගොන් රැල. ඔය පැත්තේ කොහොමත් වයින් ගෙවල්වල හදනවා නත්තලට, වෙඩින් වලට... එතනෝල් ගේන අයව අල්ලපල්ලා ඕවා අල්ලන වෙලාවේ..
නත්තල් සමයේ ගෙදර හදපු වයින් අල්ලා අති විශිෂ්ට සේවයක් කල පහත සදහන් නිලධාරීන් වෙත හැකි ඉක්මනින් ප්‍රමෝෂන් ලබා දෙන ලෙස සුරාබදු අධිකාරී වරයාගෙන් ඉල්ලමි.
කලිනුත් ලොකු වැටලීමකින් කසිප්පු ස්කාගාරයක් අල්ලා ගත්තානේ කලුතර... සෝඩා වගේ ස්කාගාරය වාෂ්ප වුණේ කොහොමද සුරාබදු මහත්තයෝ....
ගොඩක් දුකයි මේ සිද්ධිය ගැන ඒ ළමය ඕක කරන්න විදින දුක දැක්කනම් කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නෑ. හරිම අමානුෂිකයි මේ වැඩේ. අපිත් ඒ ගෙදර ගියා වයින් ගන්න. පුදුම විදියෙ හැකියාවක් තියෙන දරුවෙක් .... ඇයි මේවට රජය සහයෝගය දෙන්නෙ නැත්තේ? මේ වගේ අයව තව දිරිමත් කරන්න ඕනෙ මේ විදියට මානසිකව වට්ටන්නේ නැතුව.
අල්ලපු වයින් තියනවා අඩුවට දෙනවා නියම බඩු ඊයේ අල්ලපුවා අඩු ගානට දෙනවා නත්තල් නිසා වහන්න කලින් සුරාබදු එකට එන්න....
දුක් වෙන්න එපා දරුවො. මේ වැඩෙන් වැටෙන්නත් එපා අපි ඔයා ගැන දන්නවා කොහොම හරි මේක කරගෙන යන්න දෙවියො ඔයාලව බලා ගනී. ඒ වගේම මේ මිනිස්සු ගැනත් දෙවියො බලා ගනි මේ කරපු දේට. ඇත්ත දන්න අය දන්වා අපි හැමදාම ඔයාලත් එක්කයි.
සුරාබදු මහත්තයෝ 25 වැඩ නෑ නේද? අපෙත් වයින් ටිකක් තියනවා අල්ලන්න නම් එපා....
මොනවා වුණත් ඔය පැතිවල ජීවත් වෙන්නේ කාලා බීලා හොඳින් ජීවත් වෙන්න පින තියන මිනිස්සු. අනික, පලතුරු වලින් පෙරන වයින් ටිකක් පෙරුවාම මොකද වෙන්නේ? දේශීය නිෂ්පාදන ගැන මහා ලොකුවට කතා කරන මේ රටේ අම්බරුවන් පොල් රා වලට ලබාදී ඇති ප්‍රවර්ධනය කුමක්ද? හැබැයි රසායනික ද්‍රව්‍ය යොදාගෙන කරන රා අරක්කු නිෂ්පාදනයට නම් උපරිම දායකත්වය? හොර කසිප්පු තිප්පොළවල් නතර කිරීමට නම්, මෙවැනි නිෂ්පාදන, අගයමින් හා නිසිලෙස නියාමනය කරමින් ප්‍රවර්ධනය කිරීම විනා, මෙවැනි දේ විනාශ කිරීම නොවෙයි සිදුවිය යුත්තේ... එක අතකට ඉතින්, පව්කාර අමන, කාපාලු ජාතියකට හිමිකම් කියන අපට මෙවැනි ඉරණමකට මුහුණ සිදුවීමේ අරුමයකුත් නැහැ..
ඒකල කැලේ කසිප්පු ජාවාරම් නතර කරලා පෙන්නන්න