(නිමල කොඩිතුවක්කු)
සමාජ ක්රියාකාරී කණ්ඩායම් ගණනාවක් මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් සංදේශ භාර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවට නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරයි.
මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහෙයවන එන් ජී ඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප‍්‍රචාරයන් සම්බන්ධව ද එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී ඇති බවද එහි සඳහන් වේ.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද වේ.
‘‘සමාජ ක්රියාකාරී කණ්ඩායම් ගණනාවක් ඊයේ(10) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින් සංදේශ භාර දීම පිළිබඳව අප පක්ෂේයේ බලවත් සැලකිල්ල යොමු වී ඇත.
මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහෙයවන එන් ජී ඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප‍්‍රචාරයන් සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත.
මේ විරෝධතාව සඳහා අප පක්ෂයයේ කිසිඳු සම්බන්ධතාවක් නොමැත. අප සොයා බලා දැන හඳුනාගත් ආකාරයට මේ විරෝධතාව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරලීම වෙනුවෙන් ඔක්තෝබර 26 වන දා සිට සටන් වැදි සමාජ ක්රියාකාරී කණ්ඩායම් ගණනාවකගේ සංවිධානත්වයෙන් සිදු වූවකි.
එක්සත් ජාතික පක්ෂය සෑමවිටම මාධ්‍ය නිදහස ගරු කරන හා ආරක්ෂා කරන පක්ෂයකි. මෙරට මාධ්‍ය ආයතනයන් වෙත බෝම්බ ප‍්‍රහාර හා ප‍්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත්, මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක්වූ අවස්ථාවන්හිදීත් අප පක්ෂය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු නොවේ.
මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයුරින් ම අපි ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ද පෙනී සිටිමු. රටේ පවත්නා නීතියට අනුකූලව සාමකාමීව විරෝධතා පැවැත්වීමේ අයිතිය ඕනෑම පුරවැසියෙකු සතුය. ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවයකට සිය මාධ්‍ය බලය උපයෝගී කරගනිමින් පහර එල්ල කරන්නට හා පලවා හරින්නට ක‍්‍රියා කරන මාධ්‍ය ආයතන මගින් ප‍්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවේ.
තවත් අවාසනාවන්ත කරුණක් වන්නේ මෙකී මාධ්‍ය ආයතන නීතිරීතිවලට යටත්ව සාමකාමී හා ශීලාචාර ලෙස විරෝධය දක්වන කොටස් එන් ජී ඕ කාරයන් හා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් ලෙස හංවඩු ගැසීමයි. රට ගිනි තියමින්, නීති බිඳිමින්, ප‍්‍රචණ්ඩත්වය වපුරමින් විරෝධතා සිදු කරන කොටස් දේශපේ‍්‍රමීන් ලෙස ඔටුනු පැළඳීමයි.
මහත්මා ගතිගුණ ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන්ගේ සංදේශ භාර ගැනීමට ක‍්‍රියා කළ මාධ්‍ය ආයතන වෙත අප පක්ෂයේ ප‍්‍රසාදය හිමි වන අතර එසේ නොකොට තම ඒකාධිපතිත්වය ප‍්‍රදර්ශනය කළ කළු මාධ්‍යයන් වෙත අපගේ විරෝධය හා පිළිකුල මෙයින් පළ කර සිටිමු’’ යනුවෙන්ද එහි දැක්වේ.
COMMENTS
සම්බන්ධයක් නැතිවුණාට අනුග්‍රහය විතරයි..
එතකොට කවුද මුලින්ම කළුමදය ගැන කිව්වේ...? ඔවුන් ගැන බලාගන්නවා කියලා.. ලෑස්තිකරගන්න කියලා ප්‍රසිද්ධියේ කිව්වේ අගමැති නෙමෙයිද? තමන්ට කඩේයන මදය හොඳවීමත් අනෙක් මදය, කළුමදය වීමත් නවත්වලා… රට ගොඩදාන්නා හරි දෙයක් කරන්න. මුලින්ම රටේ අාර්ථිකේ හදන්න බලන්න.
Pj වගේ රනිල්ට කඩේ යන තව අය ඉන්නවද?
මේ ආයතනවලින් කොහොමද රටට හරවත් යමක් දැකගන්න ලැබෙන්නේ...? ජනමාධ්‍ය ඇමතිගේ බලතල පාවිච්චි කරලා මේ ආයතනවලට නීති සංග්‍රහයක් දාන්න.
රුපවාහිනියෙනුයි පත්තරේනුයි මොනා කිවත් කියන දේ ඒ විදිහටම මිනිස්සු පිළිගත්තේ ඉස්සර. දැනට මිනිස්සු සිද්ද විය යුතු ආකාරයටම දෙපැත්තම හිතන්න පුරුදු වේගෙන යන්නේ. ඉතින් කලාකරුවන්ට සහ ලේඛකයින්ට පුළුවන් සමාජ ජාලා භාවිතාවෙන් සහ තමන්ගේ නිර්මාණාත්මක හැකියාවෙන්, පොත් පත් ලිවිම වේදිකා නාට්‍ය ආදිය කිරීම මගින් මේ තත්වය තවත් වැඩි දියුණු කරන්න. ඉතිහාසය පුරාම සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතීමේ හැකියාව වැඩි දියුණු කලේ කලාකරුවෝ සහ ලේඛකයො මට මතක තරමින් ගුණදාස ලියනගේ මහත්තයා "දෝන කමලාවතී" කියලා නවකතාවකින් මාධ්‍යයයේ නින්දිත අවභාවිතය එම අවබාවිතයට සහයෝගය දක්වන්නන්ගේ ඉරණම ගැන කතාකලා. ඒ කතිකාව ඊට වඩා දස දහස් ගුණයකින් දැනට අවශ්‍ය වෙලා තියෙන්නේ කලාකරුවන්ට සහ ලේඛකයින්ට ඉතිහාසයෙන් තමන්ට පැටවිච්ච වගකීම නිවැරදි විදිහට කරන්න සිද්දම වෙනවා.