IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදී සුජිත් ප්‍රසංගගේ නවමු ගීත ද්වය දොරට වැඩීම අද

 

20160726Sujih-1

සුජිත් ප්‍රසංගගේ ජීවිතේ මහ දුරයි පද්මේ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම හා හීන් වැහි පොදේ තෙමි තෙමී සහ මේ අහන්න ශ්‍රී වික්‍රම යන ගීතද්වය හඳුන්වාදීම හෙට 27දා පස්වරු 3.30 ට ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය. එහි මුලසුන විජය පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ  ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා විසින් දරනු ලබයි.  ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හංසමාලා රිටිගහපොල මහත්මිය හා ප්‍රවීණ සාහිත්‍යවේදී ධම්මික බණ්ඩාරයන් විසින්  මෙහිදී කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතය.  අපි ඒ පිළිබඳව වැඩිදුර විමසීමට සුජිත්ව  'සාරවිට' ට සම්බන්ධ කර ගතිමු.

එළිදකින කවි සින්දු

මගේ පළවැනි කවි පොත 2015 ගොඩගේ කාව්‍ය අත් පිටපත් ව්‍යාපෘතියක් තිබුණා . එම තරගයේ අවසන් කවි පොත් 10 අතර ජීවිතේ මහ දුරයි පද්මේ කවි පොත තේරී පත්වුණා. ඒත් සමගම වැහි පොදේ තෙමි තෙමී සහ මේ අහන්න ශ්‍රී වික්‍රම යන ගීත දෙකක්  එදිනට හඳුන්වා දෙනවා. වැහි පොදේ ගීතය ගායනා කරන්නෙ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසිනුයි. සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. හීන්වැහි පොදේ ගීතය නිර්මාණය වෙන්නෙ රජරට ගුවන් විදුලියේ නව පදමාලා ගී  වැඩසටහන යටතේයි. එය නිෂ්පාදනය කරන්නේ බාහිර නිෂ්පාදිකාවක වන පුණ්‍යා දිසානායක නම් වූ ගී පද රචිකාවියයි. මේ අහන්න ශ්‍රී වික්‍රම ගීතය ගායනා කරන්නෙ ගායන ශිල්පිනී සුභානි හර්ෂණී විසිනුයි. එය නම් කර තිබෙන්නෙ වෙන්කත රංගමාල් නොකී කතාවක් යනුවෙනුයි. ගී තනු නිර්මාණය ජනක හේමන්ත හෙට්ටිආරච්චි, සංගීත නිර්මාණය දමිත අයෝධ්‍ය සහ බුද්ධි බන්නැහැක යන තිදෙනාගේ එකතුවෙන් තමයි මේ අහන්න ශ්‍රී වික්‍රම ගීතය නිර්මාණය වෙන්නෙ.

20160726Sujih-2ජනගත කෙරෙන සුභාවිත ගී

අපේ අරමුණ වෙලා තියෙන්නෙ සුභාවිත ගීතය නැවතත් සමාජගත කිරීමයි. මේ වනවිට දශකයක් පුරා සුභාවිත ගීතය අර්බුදයට ගිහින් තිබෙන නිසා  එය රැකගන්න ඉන්න අලුත්ම පරපුර වෙන්නෙ අපියි. සුභාවිත ගීතය ගත්තොත් මහගම සේකරයන්, චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සිට කාණ්ඩවලට බෙදුවොත් සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ, ආදී පරම්පරාවලින් ඇවිත් යමුනා මාලනී පෙරේරා, වසන්ත කුමාර කොබවක, බන්දුල  නානායක්කාරවසම්, සහ ඊළඟ පරපුර වන විට රවී සිරිවර්ධනලා, සමුද්‍ර වෙත්තසිංහලා,රජී වසන්ත වෙල්ගමලා, සහ එතනින් එහාට අසංක රුවන් සාගර, අමිල තේනුවරලාගෙන් පසුව පරපුරක් ලෙස සුගත් සෝමවීර,බණ්ඩාර බෙලිකැටිමුල්ල ශාමිලා හුසේන්, දිනිති දීපිකා වගේ කාලෙන් කාලෙට සුභාවිත ගීතය රැකගන්න ගී පද රචකයන්ගේ අලුත් ආගමනයක් සිදුවුණා.එහි අලුත් පරපුර තමයි අපි. එනිසා මගේ අරමුණ වුණේ නැතිවෙලා යනවාය කියන සුභාවිත ගීතය යම්තාක් දුරට ආරක්ෂා කරගෙන සමාජගත කිරීමේ ප්‍රධාන අරමුණක් ලෙස තමයි මේ ගීත දෙක මගින් සමාජයේ කතිකාවක් ඇති කරන්න උත්සාහ කරන්නෙ. සුභාවිත ගීතය අලුත් පරපුර වුණත් අහනවා ඇහෙන්නැති  ප්‍රශ්නයකුයි තියෙන්නෙ. එනිසා  අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණය දියුණුව නිසා සුභාවිත ගීතය සමාජගත කර ගීතයෙන් ස්වයංපෝෂිත කලාව තව තවත් ඉදිරියට ගෙනයාමයි අපේක්ෂාව. රජරට සේවයෙන් නව පදමාලා වැඩසටහන ආරම්භ කරල තියෙන්නෙත් සමාජයේ ඒ කර්තව්‍යය  ඉෂ්ට කරගන්න. මම ගීතය කවිය සහ නවකතාව යන අංශ තුනම ස්පර්ශ කරන නිර්මාණකරුවෙක්. ඒ මාධ්‍ය තුනම ස්පර්ශ කළාට මම අංකුර නිර්මාණකරුවෙක්. ප්‍රවීණයන්ගෙන් ගතයුතු දේවල් රාශියක් තිබෙනවා. එනිසා ගීතයක් දෙකක් ලිව්ව පමණින් ගීත රචකයෙක් කියල හංවඩු ගහගන්න තරම් උවමනාවක් නෑ. අපි ප්‍රවීණයන් එක්ක ගත්තාම මම වැලිකැටයක් තරම්වත් නෑ. ඒ දේවල්වල ආභාසය අරගෙන සුභාවිත ගීතය යළි සමාජගත කිරීම තමයි මූලික අරමුණ වෙන්නෙ. මේ කටයුත්තෙදිත් ප්‍රධාන වෙන්නෙ ඒකයි.

 

20160726Sujih-3නොසිඳි අක්මුල්

මම පොඩි කාලෙ ඉඳලම කවියට හා ගීතයට ඉතාමත්ම ඇලුම් කළා. පාසල් කාලෙදි හා දහම් පාසලේදී භක්ති ගීත වැනි දේවල් ලියුවා. ප්‍රවීණයන්ගේ ගීත අහලා බලලා ඒවා රසවින්දනය කරනු ලැබුවා. එදා එවැනි දේවල් තිබුණා අද නැතිවුණාට. පසුව 1998 රුහුණු විශ්වවිද්‍යාල කලා උලෙළේ පාසල් අංශයේ හොඳම ගීත රචකයා වෙනවා. 1999 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ බිහිදොර අබියස කලා උලෙළේ ගීත රචනා තරගයෙන් තුන්වැනි ස්ථානය ලබනවා. එහෙම හෙමින් හෙමින් ගීතය අධ්‍යයනය කරලා බොහොම හෙමින් එන ගමනක ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නෙ.අපිට තවත් ඉගෙනගත යුතු බොහෝ දෙවල් ගීතය පැත්තෙන් තිබෙනවා. ඒ දේවල් ඉගෙන ගනිමින් ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබමින් සුභාවිත ගීතය ඉදිරියට  ගෙනයාම තමයි මගේ අරමු‍ණ වෙන්නෙ. මේ කටයුත්තෙදි  ප්‍රවීණයන්ගෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙනවා. කලා ක්ෂේත්‍රයට මම ඇතුළත් වෙන්නෙ යමුනා මාලනී පෙරේරා මහත්මියගේ උපකාරයෙන්. එතුමියගෙන් තමයි මම බොහෝ ගුරුහරුකම් ලබාගන්නෙ. අදටත් එහෙමයි. රජරට ආයතනයේ පුණ්‍යා මහත්මියත් විශාල සහයෝගයක් ලබාදුන්නා. එමෙන්ම විශාරද එඩ්වඩ් ජයකොඩි, දර්ශන වික්‍රමතුංග, දයාන් විතාරණ, විශාරද සුරන්දි ශාමලී, අයිරාංගනී මද්දුමබණ්ඩාර යන පිරිස් ගීතය පැත්තෙන් විශාල සහයෝගයක් ලබාදෙනවා. එමෙන්ම ලේඛන කලාව පැත්තෙන් ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ, එමෙන්ම ප්‍රවීණ මාධ්‍යෙව්දී මහින්ද දළුගොඩආරච්චි, කපිල කුමාර කාලිංග, හා ශාන්ති දිසානායක,අයිරාංගනී මද්දුමබණ්ඩාර වැනි ප්‍රවීණ අය අංකුර කලාකරුවන් ලෙස අපිය එළියට ගන්න බොහෝ උත්සාහයක නිරත වෙනවා ඇත්තටම සතුටුයි මාධ්‍යවේදියෙක් විදියට ඉතාමත් කෙටිකාලයකදී ප්‍රවීණයන්ගේ ඇසුර ලබලා ඔවුන්ගෙන් ලැබිය යුතු දේවල් ලබාගැනීමට හැකිවීම ගැන. ඉදිරියේදීත් නවකතාවක් එළිදැක්වීමට නියමිතයි. යොවුන් නවකතාවක් ලියාගෙන යනවා. ගීතත් ඒ අතරේ ලියවෙනවා. කොහොම වුණත් ගොඩක් නිර්මාණ කරනවට වඩා හොඳ නිර්මාණ දෙක තුනක් කරලා මතකයේ හිටින නිර්මාණ කරන්න තමයි ප්‍රධාන අරමුණ වෙන්නෙ. සාහිත්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දේවල් පරිශීලනය කරලා මැදමාවතේ නිර්මාණකරුවෙක් විදියට ප්‍රවීණ සහ සාමාන්‍ය පාඨකයා සමීප කරවන නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. සම්භාව්‍ය සාහිත්‍ය ඇසුර ලබලා මැද මාවතේ ඉඳගෙන හැමෝටම රසවිඳිය හැකි නිර්මාණ කිහිපයක් හෝ කරන්න තමයි මං බලාපොරොත්තු වෙන්නෙ.

සටහන ඉඳුනිල් සින්දු

 



අදහස් (0)

මාධ්‍යවේදී සුජිත් ප්‍රසංගගේ නවමු ගීත ද්වය දොරට වැඩීම අද

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1022 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 205 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1160 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1192 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1450 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1303 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site