IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(කාංචන කුමාර ආරියදාස)

 
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේක්ෂකයකු වූ නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහයෝගය ලබා නොදුන් මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන  මන්ත්‍රීවරුන්ට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට තිබේ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් යුතුව මාතලේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ‍ ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් වෙත මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.
 
නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා මාතලේ දිස්ත්‍රික්කය  නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරූ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඒ මහතාට සිය අසුන අහිමි වී රෝහණ දිසානායක මහතා  පාර්ලිමේන්තු අසුන හිමිකරගෙන තිබේ .එමෙන්ම නවක  මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන දෙදෙනා ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්හ.
 
මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීවරුන් වෙත එවු ලිපිය මෙසේය.
 
විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි ඔබ 2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව සිහිපත් කරනු කැමැත්තෙමි.


ඔඹට මන්ත්‍රීධුරය එසේ හිමිවූයේ ඔබ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ හෙයිනි. 2020.12. 30 දින පැවති මධ්‍යම කාරක සභාවේ ගත් තීරණය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ඔබට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවස්තාවේ 14, 15 ,16, වගන්ති හා පක්ෂ විවස්තාවේ බලතල ප්‍රකාරව ඔබගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව පහත දක්වා ඇති චෝදනා පත්‍රය යටතේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.
 
චෝදනා පත්‍රය 1 


2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු පෙරමුන පොහොට්ටුව ලකුණින් අංක එකෙන් තරග කළ අපේක්ෂකයාට සහයෝගය නොදැක්වීම.

ඉහත එක සඳහන් ක්‍රියාව සිදු කිරීමෙන් පක්ෂයේ සාමූහික තීරණයට පටහැනිව යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විවස්තාවේ 27 ,1 වගන්තිය 2 වගන්තිය 3 වගන්තිය උල්ලංඝනය කිරීම ,ඉහත සඳහන් චෝදනාව සම්බන්ධයෙන් ඔබට නිදහසට කීමට කරුණු තිබේ නම් මෙම ලිපියේ සඳහන් දින සිට දින හතක් ඇතුළත ලිඛිතව එවන මෙන් ඔබට දන්වමි නිදහසට කරුණු දැක්වීමට ඔහු අපොහොසත්  වන්නේනම්  පැහැර හරිනු ලැබුවොත් නිදහසට කිරීමට කරුණු නොමැති සේ සලකා ඔබට එරෙහිව ඉදිරි විනය ක්‍රියාමාර්ග ගන්නා බව මෙයින් දැනුම් දෙමි.



අදහස් (0)

මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site