
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉකුත් 16 වැනිදා ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඊයේ (22) එහි වාර්තා ලැබීමෙන් පසු ඒ බව තහවුරු වී තිබේ.
ඒ අනුව රැදවියන් 53 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් අදාල ආසාදිතයින් පිරිස හදුනා ගෙන ඇත.
එම සංඛ්‍යාව ඉදිරියේ දී තහ දුරටත් ඉහල යා හැකි බව සෞඛ්‍ය නිලධාරියෙකු පැවසීය.
මේ නිසා රැදවියන් අධිකරණ වලට ඉදිරිපත් කිරීමද ඊයේ (22) සිට තාවකාලිකව නතර කර තිබේ.
ආසාදිත රැදවියන් සියලු දෙනා කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
බන්ධනාගාරයේ සියලුම නිලධාරීන් හා අනෙකුත් රැදවියන් සියලු දෙනා අද (23) දිනයේ පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතව තිබුණි.
සෞඛ්‍ය අංශ මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd