
ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිව්වැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා අද (9) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අග්‍රමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ නිල උත්සවය කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සිදු කෙරිණි.
එම අවස්ථාවට රාජපක්ෂ පවුලේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාපතිවරු, අමාත්‍යවරු සහ නව රජයේ තේරී පත්වූ මන්ත්‍රීවරු අග්‍රමාත්‍යවරයාට සුබ පැතීමට එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අග්‍රමාත්‍යවරයා දිවුරුම් දීමේ උත්සවයේ වැඩිදුර සේයා රූ
COMMENTS
තෙරුවන් සරණයි !!! දැන් අපේ රට ආරක්ෂිිත වග හැඟෙනවා. දේශපාලනික වශයෙන් බෙදීමකින් තොරව ගරු ගෝඨාභය මැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්නයි ගෞරවණීය හෙළයා විශාල ජනවරමක් දුන්නේ. දැන් ඔබ දෙපළගේ වගකීම් රට වෙනුවෙන් ඉටුකරන කාලයයි.
අපේ සුබ පැතුම් ඔබ තුමාට.!
ඒකාලේ පන්සල්වලට ගිහින් දිවුරලා කියලා තියෙනවනේ... දැන් බලමුකෝ මහජනයාට දෙන දේවල් මොනවද කියලා?
ජයවේවා...!!!
විජේදාස රාජපක්ෂ අධිකරණ අැමතිට සුදුසුයි...
ආදායම් අහිමි වී අසීරු අඩියට වැටී හිටියත් රට, ජාතිය, ආගම සියල්ලටම ඉහළින් තිබෙන බව ජනතාව මතක්කර දී තිබෙනවා.
සුබපැතුම්...!!!
සුබ පැතුම්! මහජනතාවගේ ඡන්දයෙන් පත්වූ නිසා ඒ මහජනතාවටම ඉතුරු ප්‍රතිඵලත් ඒ ආකාරයටම ලැබෙනු ඇත. ඉදිරියට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලදී රටේ බලය දුන්නා සේම ගම හදන්න ගමේ බලයත් ලබාදෙන්න යැයි ඡන්ද සිඟාකෑමේ යෙදෙනු ඇත. මොන දේ කීවත් කැබිනෙට්ටු අඩු කරනවා යනු සොඳුරු මුසාවකි. සුළුතරයක් හැරුණු කොට බහුතරයක් පරණ දේශපාළුවන්ම මැති සබයට තේරී පත්ව ඇත. ඒ අඟහරු ලෝකයේ ඡන්ද වලින් නොව මේ ශ්‍රී ලංකාවේ මහජනතාවගේම ඡන්දයෙනි. MC.C ,කොටි නැගිටීම් ගැන කොරෝනා ගැන දැන් වගක් නැත.. ඔබ තවමත් මේ චෞරයන් සුරපුරයක් මවා දෙනකන් බලා සිටිනවාද?
නාග ලෝකයෙන් ආපු කට්ටියද ඔය වටේ ඉන්නේ...? මේ පාර ලොකු හාමුදුරුවෝ බලන්න නයා එන්න නැතුව ඇති. මොකද රටටම නයා පෙන්නන ලොකුම නයා මෙතන ඉන්නවානේ...