
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි. මෙම අවස්ථාවේදී අදහස් දැක්වීමට ඉදිරිපත් වන හිටපු නායක සුරංග ලක්මාල් අවධාරණයෙන් කියා සිටින්නේද ඉදිරියේ එන තරග වලදීත් පුහුණුකරුවා වෙනුවෙන් කී‍්‍රඩා කළ යුතු බවත්, දස්කම් දැක්වූවත් නැතත් කණ්ඩායමක් වශයෙන් එකට සිටිය යුතු බවත්ය.
තරගයෙන් ජයගැනීමෙන් අනතුරුව කී‍්‍රඩකයන්ගේ විවේකාගාරයේදී කී‍්‍රඩකයෝ කේක් කපා ජයග‍්‍රහණය සැමරූහ. අනතුරුව පැවැති කණ්ඩායම් රැස්වීමක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් තිබේ.
එම වීඩියෝව ඇසුරිනි
කුසල් පෙරේරා :
අපට ප‍්‍රශ්න තිබුණාම අපව බැක් කළා (සහයෝගය දුන්නා). ප‍්‍රශ්න තිබ්බා ගොඩාක්.............
කතාකරගෙන ඇවිල්ලා කෝච් දුන්නා ෆ‍්‍රීඩම් එක (නිදහස). හැබැයි සමහර දේවල් තියෙනවා තාමත් අපට ප‍්‍රශ්න තියෙන. මේව මම හිතනවා මැනේජර් ගිහිල්ලා බෝඩ් එකට කියලා ටීම් එක වෙනුවෙන් හදයි කියලා
අද මම කියන්නේ හේතුව මේ....
(කුසල් පෙරේරා නොවන වෙනත් අයෙක් පුහුණුකරුවා සොයයි. කී‍්‍රඩකයන් වටවී සිටියද හතුරුසිංහ මහතා පෙනෙන්නට නැත.)
වෙනත් කී‍්‍රඩකයෙක්
කෝ...කෝච් එන්න...ඔයා තමයි ඕනේ...
කෝච් නිසා තමයි හැම දෙයක්ම වුණේ. මම ගැහුවේ....
එකම දේ...මට තරහක් තිබ්බා...කෝච් හින්දා මම ගැහුවේ මට කියපු කියපු ස්කෝස්....මට පුළුවන් දේ කරනවා. මම හිතනවා ටීම් එකක් විදිහට වැඬේ කරනවා...
(කී‍්‍රඩකයෙක් පුහුණුකරුවාට සුබ ප‍්‍රාර්ථනා කිරීමට මූලිකත්වය ගනී. සියල්ලෝම ඊට එක්වෙති)
කී‍්‍රඩකයෙක්
තී‍්‍ර හාර්ටි චියර්ස් ෆෝ ද කෝච්.....
හිප් හිප් හුරේ........!
හිප් හිප්..හුරේ...........!!
හිප් හිප් හුරේ...............!!!
කුසල් පෙරේරා
ඔය මැසේජ්එක හැබැයි මෙතන්ට නෙමේ අතෙන්ට යන්න ඕන ආ.....
නිරෝෂන් දික්වැල්ල
තව කවුරුවත් ඉන්නවද...හිතේ තියෙන දේවල් කියන්න මෙතන.....ආ...
සුරංග ලක්මාල්
මම ඉන්නවා......
කී‍්‍රඩකයෙක්
එන්න සුරංග අයියා........එන්න සුරංග අයියා.......
කියන්න...බනින ඒවා බනින්න...කියන්න මෙතන....තියෙන ඒවා ඉවර කරන්න...
වෙනත් කී‍්‍රඩකයෙක්
කෝ...කෝච් කෝ....කෝච් සර් එන්න.....
තවත් කී‍්‍රඩකයෙක්
බිහන්ඞ් ද සීන්
සුරංග ලක්මාල්
මචං.. නියම එෆර්ට් එක. මං දන්නවා කෝච් ගැන...මම 2007 දී ඉස්සරවෙලාම කෝච් එක්ක ටුවර් එකක් ගියේ. අපට ගොඩාක් අකටයුතුකම් වුණා. ගොඩාක් අපතයො අපට එක එක දේවල් කිව්වා. හැබැයි අපිට හංගි‍්‍රඑක (තදබල උවමනාව) තිබුණේ දිනන්නනේ....අපට ඒක කරලා පෙන්නන්න ඕන වුණා. අපට ඕන දිනන්න.
අපට ප්‍රෙෂර් එක (පීඩනය) දැම්මා. අපට වැඩිය..... මං හිතන්නේ හතුරු සර්ට ප්‍රෙෂර් එක දැම්මා. මොකද අපි වෙනුවෙන් හැම තිස්සෙම, 200% ක්ම එයා පෙනී හිටියා. එන ප‍්‍රශ්න එතනින් නැවතුණා. අපට ආවෙ නෑ.......
මම දන්නවා ගොඩක් ප‍්‍රශ්න....... හැබැයි එතනින් නැවතුණා....... එයා අපිට ඒ ප්‍රෙෂර් එක දුන්නෑ.
හැබැයි මචං, අද අපි කරල පෙන්නුවා, අපට දිනන්න පුළුවන් කියන එක. මේ යුනිටි එකයි (එකමතුකම), මේ හැමදේම තියාගෙන මචං, තව එක මැච් එකක් තියෙනවා.
එකම අභිප‍්‍රාය..........අපට ලොකු බලාපොරොත්තු ඕන නෑ...........
මේ මැච් එක ගිය විදිහටම අපි යං.........හරිද....
පර්ෆෝම් කරන්න (දස්කම් පෙන්වන්න) පුළුවන්.....නැති වෙන්න පුළුවන්.........ඒත් අපි ටීම් එකක් විදිහට ඉන්න එක තමයි මාර ඉම්පෝර්ටන්ට්..........(ඉතාම වැදගත්)...මෙතන ඉන්න හැමෝම..........ඉන්න 24 ද 25 ද....
අපි මචං සපෝර්ට් දීල ගැහුවා...........
තමන් හැමෝම දන්නවා...100% දීපු කට්ටිය...200% දීපු කට්ටිය...ඔක්කොම හිතට එකඟව දන්නවා................ඒ හින්ද මං කියන්නේ එක දෙයයි...
අපි ගහන්න ඕන මචං.............කෝච් වෙනුවෙන්................
කෝච්ට තමයි මෙතන 150% ක් පෙෂර් එක දෙන්නේ..
කී‍්‍රඩකයකු හෝ දෙදෙනකු නැවත වරක් පුහුණුකරුවාට සුබ ප‍්‍රාර්ථනා කිරීමට මූලිකත්වය ගනී. සෙසු සියල්ලෝම ඊට එක්වෙති)
හිප් හිප්....හුරේ....!
හිප් හිප්....හුරේ.... !!
හිප් හිප්....හුරේ.... !!!



විඩියෝ - ට්විටර් සමාජ මාධ්‍ය ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වීඩියෝව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලිබදව ගන්න තියෙන හොදම උදාහරණයක්.
දැන් තමා අපිට තේරුනේ ඔබලා මේ මොකද කරන්නේ කියලා. ඔය ටීම් එකේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක්කෙනෙක් වත් නැත.
දිනුවේ කෝච් වෙනුවෙන්. පැරදුනෙ රට වෙනුවෙන් ..
මේ බැන්නේ අපිටද? රට වෙනුවෙන් නෙමේ කොච් වෙනුවෙන්ද ගහන්නේ? ප්‍රේක්ෂක අපි පව්.
මෝඩම මෝඩ හැසිරීමක්... මීට වඩා වගකීමක් නැත්ද? ෆෝම් වූ පලියට ප්‍රසිද්ධියේ කෑගහන්න.
ටිකිරි මොලකාරයින් ටිකක්.. කෝච්ට ලෙඩ වැටුනේ මේ ගොල්ලන් හරියට සෙල්ලම් කලේ නැති නිසා කියන එක තේරෙන්නෙත් නැහැ.
උදම් අන්න ඊළඟ මැච් එක ගැනත් මීට වඩා සැලකිලිමත් වෙමින් ඉන්නේ...
මේ ගොල්ලො සෙල්ලම් කරලා තියෙන්නේ රට වෙනුවෙන් නෙමෙයි, කෝච් වෙනුවෙන්. වහාම විනය පරීක්ෂණ තියලා මේ අපතයින් ටික එළියට දාලා, රට වෙනුවෙන් සෙල්ලම් කරන කොල්ලො ටිකක් දාලා සෙල්ලම් කරවන්න..!!
ඔන්න ඔන්න මල්ලි බොරු කියනවා... කෝච් වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ මොකටද? එයා වෙනුවෙන් නෙවේ, උපන් රට වෙනුවෙන් ගහන්න... අන්න එ්ක තමයි අපිට ඕනේ...
ගැහුවට වඩා උචිත වචනය වැදුනා කියන එක...
මුලින්ම රට වෙනුවෙන් සෙල්ලම් කරන්න. මේකේ තේරුම සෙල්ලම් කරන්න හැකියාව තිබුනට ඔවුන්ට උවමනානම් තමයි ගහනේ. අපි හරි අවාසනාවන්ත මිනිස්සු
ඊළඟ මැච් එක ගහන්නේ කවුරු වෙනුවෙන්ද
ඇත්ත ඇත්ත. රට වෙනුවෙන් කියන්න බැහැනේ. ක්‍රිකට් මණ්ඩලයත් වැඩකරන්නේ ඔවුන්ගේ වාසියට නම් මේ දරුවා ඔහුට පුහුණුව දුන් ගුරාගේ ගෞරවයවත් තබන එක සාධාරණයි.
කුසල් ඔයා ඊයේ මේ රටේ ඉන්න හැම කෙනෙකුගේම වගේම රටේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න ක්‍රිකට් පිළිබඳව උනන්දුවක් දක්වන හැම කෙනෙකුගේම ගෞරවය දිනාගත්තා... නමුත් මේ ප්‍රකාශය තුළින් එම දිනාගත්තු ගෞරවය පැය 24ක් යන්නත් කලින් ඔයා විසින්ම නැතිකරගත්තා නේද? ඇත්තටම මේක අපේ රටේම අවාසනාව වෙන්න ඇති කොච්චර කාලයකට පස්සෙද හොඳ තරගයක් දීලා තරගයක් ජයගත්තේ...?
පුතා... සිංහයා ඉම්බා නම් උඹත් මෙතන ජාතික වීරයෙක්.. මැච්එක පැරදුණත් කමක් නැහැ. අනේ අප රටට ගිය කලක්..
මේ කතාවල ප්‍රතිඵල එන තරඟයෙන් පසු දැනගැනීමට පුළුවන් වේවි... බැලූ බැල්මට ප්‍රශ්න හතර වටේම... ජංජාලයයි. කවද හරියට තරඟ කරන්න පුළුවන් වේවිද කියන්න අමාරුයි. කෝච් වෙනුවෙන් ගහපු බින්දු කාරයන් දෙදෙනෙකුත් මේ ගොඩේ හිටියා. කව්ද ජය ගෙනාවේ, කාගේද ශබ්දේද වැඩියෙන් ඇහුනේ? දෙයියෝ සාක්කි... මොවුන් ගහනවා අපේ තමයි ලේ රත්වෙන්නේ...
සුරංග ලක්මාලුත් එහෙම වෙන්න ඇති.
මේ මෝඩ හැසිරීමෙන් පේනවා මේ ගොල්ලන්ට ප්‍රශ්න ගොඩක් තියෙන බව හා ඒවා විසඳා ගැනීමට ක්‍රමයක් නැති බව. මේක සුසන්තිකාගේ හැසිරීමට දෙවෙනි නැත. සුසන්තිකාගේ ප්‍රශ්නෙදි වගේම මෙතනත් මොලයක් ඇති පාලකයින් සිටියා නම් ප්‍රශ්න මේ වගේ ඔඩු දුවන්නේ නැත.
පසුගිය කාලේ තරඟ පැරදුනේ මොකද කියන එකට උත්තරය මේ විස්තර ටික බැලුවහම පෙනෙනවා , තරඟ පැරදුනත් කමක් නැහැ , පණ්ඩිතයෝ එලවල දමල නවක ක්‍රීඩකයෝ ටිකක අරන් අලුතෙන් ගමනක් යමු , මෙහෙම ගියොත් පණ්ඩිතයෝ නිසා අලුතෙන් එන ක්‍රීඩකයෝ ටිකත් ස්පොයිල් වෙලා ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වෙන්න පුළුවන් , කණ්ඩායමේ විනයක් නැත්නම් තරඟ දිනන්න බැහැ
මළ කෝලං
සුරංග ලක්මාල් "මචං.. නියම එෆර්ට් එක. මං දන්නවා කෝච් ගැන...මම 2007 දී ඉස්සරවෙලාම කෝච් එක්ක ටුවර් එකක් ගියේ. අපට ගොඩාක් අකටයුතුකම් වුණා. "ගොඩාක් අපතයො" අපට එක එක දේවල් කිව්වා" සුරංග ලක්මාල් කියන්නේ "ගොඩාක් අපතයො" කියල නෙමෙයි කියලා. නියම අධ්‍යාපනයක් නැති පුද්ගලොයෝ ක්‍රිකට් ගහන බව පේනෙනවා මේ සාකච්ඡාවෙන් .
එහෙනම් අනිත් තරග දිනන්නත් ඕනේ...
සංගලා, මහේලලා මැච් දිනපු කාලේ බියර් ටින් තියාගෙන ලොකු ටෝක් දෙනවා දැකලා තියෙනවද? මේක විශිෂ්ට ජයග්‍රහණයක් නෙවෙයි... මේක විශ්මිත ජයග්‍රහණයක්. ඒ නිසා කණ්ඩායමම හොඳට ක්‍රීඩා කරොත් නරකද? විශ්මිත දේවල් වෙන්නේ හරිම කලාතුරකින් විතරයි.
153ක් නෙවෙයි 1000ක් ගැහුවත් වැඩක් නැහැ විනයක් නැතිනම්... මේ සුභද්‍ර හාමුදුරුවන්ගේ අභද්‍ර වචනය වගේ දෙයක්... වහාම සංගායනාවක් තියන්න. මේවා මුලින්ම කඩලා දාන්න ඕනේ.
කම් ඕන් පොඩි සනා හැම එකම ගහන්නේ කෝච් වෙනුවෙන්ද?
කෝච් වෙනුවෙන් නෙවෙයි බං, මධූෂ් වෙනුවෙන් හරි ගහපල්ලා බං ගහපල්ලා...
කිසිම හැදියාවක් නැති අය ටිකක්. කෝචර් හොඳයි නයි නටවන්න... බන්ගලිලාට ඉගැන්නුවේත් ඔය ටිකමනේ..
කලින් තරග ඔක්කොම පරදුනෙත් ෙකා්ච් වෙනුවෙන් වගේ නේද? තමන්ගේ රට වෙනුවෙන් බින්දුවක් ගැහුවත් කමක් නෑ එක ඒකාට කඩේ යන්නේ නැතුව..
මේකේ කමෙන්ට්ස් දැක්කම හිතෙනවා ක්‍රීඩාවක් ගැන දැනුමක් නැති උදවිය කමෙන්ට්ස් කරන්නේ කියලා. රට ගැන හැඟීමක් තිබුණු පලියට කෙනෙකුට ක්‍රීඩා කරන්න බැහැ. ඒකට නිසි පුහුණුවක් තියෙන්න ඕනෑ. පුහුණුව විතරක් තිබිලා බැහැ... ක්‍රීඩාවට ප්ලෑන් එකක් තියෙන්න ඕනෑ. ඊට පස්සේ කට්ටියම එකතුවෙලා එම ප්ලැන් එක ක්‍රියාත්මක කරන්න ඕනෑ. පුද්ගලිකව කටයුතු කිරීමෙන් කණ්ඩායමක් දිනවන්න බැහැ. ඇත්තටම ක්‍රීඩා කරන විට තමන් ගැනවත්, රට ගැනවත්, ප්‍රේක්ෂකයින් ගැනවත් නොහිතා ක්‍රීඩාව ගැන සහ කණ්ඩායමේ ප්ලෑන් එක ගැන හිතා ක්‍රීඩා කිරීමෙන් තරඟයක් දිනීමේ හැකියාව වැඩියි. එවිට ඔවුන්ට පුහුණුකරුවන් ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම වැදගත්... හේතුව කුමක් වුනත් පීඩනයක් ඇති වුන විට ක්‍රීඩා කිරීම අපහසුයි. හැබැයි ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන් හැමෝම ක්‍රීඩාවෙන් පස්සේ ක්‍රියා කළ යුත්තේ, සිතිය යුත්තේ තම රට ගැනයි. මෙම ජය ඔවුන්ට විශාල සහනයක් වගේම ලක්ෂ ගාණක ශ්‍රී ලාංකිකයන් සමරන දෙයක්. ඒක නිසා පරිස්සමෙන් කතා කළ යුතුයි. ඒ වගේම උදම් නොවිය යුතුයි. ප්‍රේක්ෂකයින්ගේ ක්‍රීඩා දැනුම අඩු වුණත් ජයග්‍රහණවල වැඩි අයිතියත් පරාජයන් වල වැඩිම දුකත් අයිති ඔවුන්ට බව සිතිය යුතුයි...
කෙනෙක්ව සතුටු කරන්න මේ ක්‍රීඩාව යොදාගන්නවා නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇති? සුරංග ලක්මාල් අපතයෝ නමින් හඳුන්වන්නේ කාහටද? මාධ්‍ය මගින් පලකරන මෙවැනි දේ සැබෑවක් නම් විනය නීති රීති අතින් අන්තිම මේ අය පහල මට්ටමක ඉන්න බව පසක් වෙනවා.
මට නම් තේරෙන්නේ කුසල් මේ කියල තියෙන්නේ මේ ඉනිම පුහුණුකරු වෙනුවෙන් කැප කරනවා කියන එක එකේ වැරැද්ද මොකද්ද? පළමුවත් රට, දෙවනුවත් රට කියල ෂෝ දාන්නද ඕනේ?
තමන්ට බැරි වුණාම අනුන් පලිද? 90 ගණන් වලදී ලංකාව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වැනි රටවල් එක්ක සසඳනකොට අවම පහසුකම් යටතේ පුහුණුවීම් කරලා දක්ෂතා අතින් ඉතා ඉහළින් සිටියා... මේ අදහස් බැලුවාම මට පෙනෙන විදිහට මොවුන් කියන්නේ අපිට ගහන්න පුළුවන්... නමුත් රටට හෙන ගැහුවත් කමක් නැහැ.. අපි ගහන්නේ අපට ඕනේ නම් පමණි.. (හරියට වෘත්තිය සමිතියක් වගේ) අපිට අපේ ඉල්ලීම් දියවූ, අපිට තව තවත් සල්ලි සහ වරප්‍රසාද දුන්නොත් අපි සලකලා බලන්නම් ගහනවදා නැද්ද කියලා වගේ. මේ කතාවලත් යම්කිසි සත්‍යතාවයක් තිබෙනවා. සමහර ක්‍රීඩකයින් එක තරඟයකදී 50-60ක් ගහනවා. ඊළඟට එන ඉනිමවල් 3-4 දීම ලකුණු 10-15 වත් ගහන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ වශයෙන් අපට ඇතිවෙලා තිබෙන කලකිරීම වැඩි වුණා. මේක දැක්කට පස්සේ..., එක්දහස් නමසිය 90 ගණවල ක්‍රිකට් මට මගේ ජිවිතේට දකින්න වෙන්නේ නැහැ. මේ ගොල්ලන්ගේ විකාර බලනවට වැඩිය හොඳයි, යූ-ටියුබ් එකෙන් අර ඉස්සර අරවින්දලා, අර්ජුනලා, රොෂාන් මහනාමලා ක්‍රීඩා කරපු පරණ තරග නැවත බලන එක... එම මහත්වරු අතරේ කොපමණ සමගියක්, විනයක් තිබුණාද?
මේ වගේ අදහස් තියාගෙන ඉන්න අයට ඉදිරි ගමනක් නැහැ. අපරාදේ රටේ සල්ලි අහිංසක දුප්පත් මිනිසුන්ට දෙනවා නම් මීට වඩා ලොකු පිනක්... කීදෙනෙක් කන්න නැතිව ඉන්නවද? වෙනරටක ඔහොම හැසිරුණා නම් ඉවරම ඉවරයි. කෙලිම්ම ගෙදර තමයි. මැච් එක පැරදුණා නම් හිතට මෙච්චර දුක නැහැ. මොලේ කල්පනා කරලා කට පාවිච්චි කරන්න. මේක ඉතා පහත් ක්‍රියාවක්... සමාවක් දෙන්නම බැහැ.
කුසලට වුනේ අර අහසින් යන්න ගිය ඉබ්බාට වුණුදේ...
එක තරගයක් දිනපු ගමන් ගොඩක් ලොකුවට හිතන එක තමයි අපේ විනාශය. ඉවසීමෙන් බුද්ධිමත්ව වචන භාවිතා කරන්න. වැඩිය කතා නොකර වැඩ පෙන්වන්න උත්සාහ කරන්න.
මහරුෆ්, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස් එකී නොකී ක්‍රීඩකයෝ පහුගිය වකවානුවක ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ අයනේ. දැන් මේ අය ගැන වගේ වගක් නැහැ. මේ අයට මොකද වුනේ...
පරණ ක්‍රීඩකයෝ කොයිතරම් ගෞරවන්තද? දැන් ක්‍රීඩකයෝ රටටවත් වැඩක් නැහැ. රටේ සල්ලිවලින් ලොකු පඩියකට ක්‍රිකට් ගහන නුඹලා රට වෙනුවෙන් වැඩ කරන්න.
පරණ ක්‍රීඩකයෝ කොයිතරම් ගෞරවාන්විතයිද? දැන් ක්‍රීඩකයෝ රටටවත් වැඩක් නැහැ. රටේ සල්ලිවලින් ලොකු පඩියකට ක්‍රිකට් ගහන ඔබලා රට වෙනුවෙන් වැඩ කරන්න. කෝර්ච් සතුටු වනවා වගේ අපිත් කැමැතියි අපේ රට දිනනවට.. ඔබලාට සල්ලි ගෙවන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න. දැන් හැදෙන අය රටට පොඩ්ඩක්වත් ආදරය නොකරන බව කුසල්ගේ කතාවෙන් තේරෙනවා. මෙහෙම අය ක්‍රිකට් නොගහනවා නම් හොඳයි. මුරලිදරන්ලා සිහිකරන්න. රටට ආදරය කරන පරපුරක් ඒ කාලේ තිබුණා. ඔබලා ගැන දුකයි.
අපි මහ ලොකු උජාරුවට රට ගැන කතා කරනවා..
ඔබලා විතරක් නොවේ අර ඉසුරන්දි මහත්මිය කියනවා වගේ ජීවන් මෙන්ඩිස්.., අජන්ත මෙන්ඩිස්, අසේල ගුණරතන, උපුල් තරංග, වගේ ක්‍රිකට් ගහන්න පුළුවන් මිනිස්සු තව ලංකාවේ ඉන්නවා. ඉස්සර අජන්ත මෙන්ඩිස් හොඳ ෆෝරම් එකේ ඉන්න කාලේදී මෙහෙම උඩඟු කතා කිවුවේ නැහැ. සනත්ලා 90 ගණන්වල මෙහෙම කතා කලේ නැහැ. අසේල ගුණරත්න 20-20 ඕස්ට්‍රේලියාවේදී ඉතා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරලවත් මෙහෙම පණ්ඩිත කතා කිව්වේ නැහැ. ජයග්‍රහණ නිහතමානීව සියලු දෙනා සමග භුක්ති වින්දා.. බොරු කතා වැඩක් නැත. පුලුවන් නම් ලබන තරගේ දිනීම කෙසේවෙතත් පරදින්නේ නැතුව, ජය පරාදයෙන් තොරව නිම කරලා පෙන්වන්න. හරි නම් නායකයා ඇතුළු මුළු ක්‍රිකට් ටීම් එකම මේ හැසිරීම සම්බන්ධව ලංකාවේ ජනතාවගෙන් සමාව ගත යුතුය...
කණ්ඩායමට තියෙන ප්‍රශ්න ගැන අනිත් අය නොදැන කතා කරන්න එපා. පුහුණුකරු නිශ්ශබ්දව කරන වැඩය රට වෙනුවෙන් නොවෙයිද? ඔවුන්ගේ සමගිය අගයන්න. ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න, දුෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් නොව. ඔබලා කොහෙද හිටියේ මෙච්චර කාලයක්?
ඉස්සරලා තමන් වෙනුවෙන් ගහන්න, ඊට පස්සේ කණ්ඩායම වෙනුවෙන් ගහන්න. එතකොට ඉබේම රට වෙනුවෙන් ගැහෙයි.
අර්ජුන හරි!
සැමදා නියන් එකදා වැහි වලාවේ.....
කුසලෝ කිරි කාලයක් දොවලා ගොම ලොරියක් දැම්ම නේද ?