
(ක.ග. කරුණාරත්න)
මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්‍ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අද (02) පොලොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය.
මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි තොටුපල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඇමතිවරයා ඒ බව කියා සිටියේය.
මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම මෙතෙක් ක්‍රියාත්මකවූ වැලි සමාගම මගින් සිදු කල ක්‍රමවේදය වෙනුවට වැලි මංකඩ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට (පෞද්ගලික මට්ටමින් වැලි ගොඩ දැමිම) උපදෙස් දුන් බවද ඇමතිවරයා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති මහින්ද අමරවීර මහතා මෙසේද කීවේය.
“මහජනතාවගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් තිබුණා මේ වැලි ගොඩ දැමීමේ විවිධ ක්‍රමවේදයන් පිළිබඳව. වැලි සංගම්, ප්‍රවාහණ සංගම්, ඒ වගේම රියැදුරු සංගම් සියල්ලම කොළඹ ගිහිල්ලා අපට මේ සම්බන්‍ධව අදහස් ඉදිරිපත් කලා. ඒ සියළු අදහස් සැලකිල්ලට අරගෙන සඳුදා ඉඳලා මේ සියලු දෙනාගේ ඉල්ලීම පරිදි මංකඩ ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාවය ලබා දෙන්නත් ඒ එක්කම සාධාරණ මිලකට වැලි ලබා දෙන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අපි අනාගතයේදී තව ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න යනවා, ඇප් එකක් හඳුන්වා දෙන්න යනවා අතරමැදියන්ගෙන් තොරව හොඳ ප්‍රමිතියෙන් යුත් වැලි ගන්න.”
“එතකොට කොළඹ, නුවර, කුරුණෑගල කොහේ ඉඳලා වුණත් වැලි ඉල්ලුවාම කෙලින්ම ගෙදරට ගෙන්වා ගන්න පුළුවන් විදියට. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අයට වැලි ලබාදීමේ ප්‍රමුඛතාවයක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මේ දිස්ත්‍රිකකයේ අවශ්‍යතාවයට කුඩා ලොරිවලට පවා මේ ස්ථානයෙන් වැලි ලබා දීමට කටයුතු කරනවා. වැලි කලවම් කරලා ලබා දෙනවා කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ප්‍රමාණය අඩුයි කියලත් පැමිණිලි ලැබෙනවා. ඒක වළක්වන්න තමයි ඇප් එකක් හඳුන්වලා දීලා අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යන්නේ. නියම ප්‍රමාණයෙන් සහ ප්‍රමිතියෙන් යුත් වැලි පාරිභෝගිකයාට ලබාදීමයි අපේ අරමුණ වන්නේ.”
පරිසර අමාත්‍යංශ්‍යයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක්
isuru Saturday, 03 October 2020 09:45 AM
බොරු කියා මහජනයා රවටන්න එපා. උඩ දෙවිවරු ඉන්නවා... බලාගෙනයි.
අප්පුහාමි Saturday, 03 October 2020 03:16 PM
හැමදාම කයිය විතරයි.