IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මධ්‍යම පළාත් හිටපු ඇමැති තිලිණ බණ්ඩාර එජාපෙ සාමාජිකත්වය ගනී

හිටපු මධ්‍යම පළාත්  ඇමැති   තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා  අද (10) එක්සත් ජාතික පෙරමුණු  සාමාජිකත්වය ගෙන  තිබේ.


හිටපු පළාත් අමාත්‍යවරයා  එක්සත් ජාතික පෙරමුණ නායක රනිල් වික්‍රමසිංහ  මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම පක්ෂයේ සාමාජිකත්වය ගත් බව  එක්සත් ජාතික පෙරමුණු  ආරංචි මාර්ග පවසයි. 


තිලිණි බණ්ඩාර තෙන්නකොන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයේ මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ හිටපු  අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

(36698)



අදහස් (13)

මධ්‍යම පළාත් හිටපු ඇමැති තිලිණ බණ්ඩාර එජාපෙ සාමාජිකත්වය ගනී

chamath Monday, 10 December 2018 05:41 AM

ඔබ තුමාගේ දේශපාලනයත් ඔතනින් අවසන්......................

:       108       192

රොෂාන් Monday, 10 December 2018 06:05 AM

මේ නුවර හිටපු නිදහස් පක්ෂ කණුවක්. දන්න කාලේ ඉඳලා තාත්තලා පුතාලා නිදහස් පක්ෂේ සාමාජිකයෝ කෙලින්ම කිව්වොත් කණු. හිටපු ගමන් මොකද පැත්ත මාරු වෙලා?

:       0       39

NASA Monday, 10 December 2018 06:23 AM

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටු ... සිරි විසින් පක්ෂය කාදමා විනාශ කරන බව සන්තෝෂයේ ලැජ්ජාවෙන් ප්‍රකාශ කර සිටිමි ...

:       73       136

Amila Monday, 10 December 2018 08:03 AM

අරයා ගාව ඉන්න අති බහුතරය එක්කෝ පොහොට්ටුවට යනවා... නැත්තම් යූඑන්පී එකට යනවා. හැබැයි පොහොට්ටුවට ගියාට වැඩක් වෙන්නේ නම් නෑ. අනිවාර්යයෙන් මහින්දගේ අය මේ අයව පරද්දනවා. ගියපාර මහ ඡන්දයෙදී වුණා වගේ...

:       50       53

sirimal Monday, 10 December 2018 09:15 AM

මෙයාට නම් අර 113 හදාගන්න කවුදෝ කළා කියලා කීව්ව විදිහේ ලක්ෂ 100 ගණන් ගෙවන්නේ නැතුව ඇති...

:       1       179

SiriTuesday, 11 December 2018 05:18 PM

එජාපයට එහෙම සල්ලි නැහැ. ඒවා තියෙන්නේ ආච්චිගේ මැණික් මල්ලේ විතරයි !

:       0       0

RAJ Monday, 10 December 2018 09:42 AM

මෙයාට පාර්ලිමෙන්තු මැතිවරණයට කාඩ් එක ලැබුනේ නෑ... ඒකයි. කිසි ගැටලුවක් නෑ ගියාට.. සුබගමන්..!!!

:       265       178

sili bili Monday, 10 December 2018 10:29 AM

තව කී දෙනෙක් එනවද?

:       210       84

k.b.samaratunge Monday, 10 December 2018 11:32 AM

මොහුගේ හැටි අපි දන්නවා. ඡන්ද කාලයට කහට උගුරක්වත් කැන්වස් කරපු අයට දුන්නේ නැහැ. යසරත්න තෙන්නකෝන්ට තියන රෙස්පෙක්ට් එක මොහුට නැහැ. කාලගුණ දන්නේ නැහැ.

:       35       42

ධනුෂ්කMonday, 10 December 2018 02:45 PM

කහට උගුරක් කිව්වට තේ කහටම ගැනනම් නෙමේ වෙන්නැති මේ කියන්නේ. පස්සෙන් ගිහින් ගිහින් වාසියක් ලැබිලා නැති එක ගැන වෙන්නැති. මෙන්න ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සැබෑ නිරුවත. මේ රටට හෙන ගහලා තියෙන්නේ මෙවන් අදහස් දරණ ඡන්දදායකයන් නිසා.දේශපාලනය තෝරා ගන්නේ පුද්ගලික වාසි තකා මිස රට ගැන හිතලා නොවේ. හැබැයි එහෙම හරි ගියේ ඉතාම සුළු පිරිසකට. පොදුවේ සියල්ලට විනාශය තමයි ගෙනාවේ.

:       0       0

Raveendra Monday, 10 December 2018 02:00 PM

දැන් නම් මේ 225ම අපායේ සාමාජිකත්වය අරගෙනනේ තියෙන්නේ... ඉතින් මොන මරණාධාර සමිතියේ සාමාජිකත්වය ගත්තත් වැඩක් නැහැ. ඉතින් මේ නිගන්ඨයත් තවත් එක් ගොරකා ලෙල්ලක් විතරයි.

:       37       3

ratna P Monday, 10 December 2018 08:54 PM

මෙයාව නම් වෙන්දේසියේ දාන්න නැතුව ඇති. තනි ඉල්ලුමට කීයක් දුන්නද දන්නේ නෑ.

:       0       0

Bandula. Tuesday, 11 December 2018 05:41 AM

පනින රිලා උන්ට ඉනිමන් මොකට කීවලු නේද?

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site