
(ජේ.කේ.එල්. චාමින්ද)
මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටියදී අද (16) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ හදුන්නෙත්ති චාන්දනි නැමති මුණුගොඩපාර කළුපේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
හික්කඩුව පොලිසියේ පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කළුපේ ප්‍රදේශයේදී කරණු ලැබු වැටලිමකදී හෙරොයින් ග්‍රැම් 02ක් හා මිලිග්‍රැම් 185ක් සමග මෙම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සන්තකයේ තිබී රුපියල් 18,160ක මුදලක්ද පොලිසිය සොයා ගෙන තිබේ.
මේ සම්බන්ධව මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් බලපිටිය අධිකරණය වෙත කරුණු වාර්තාකර ඇත.
මෙම තැනැත්තිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය විසින් සගවාගෙන සිටි හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් ගිල දැමිම හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් තළේය.
ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් ඇත. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය හෙට (17) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වැඩියෙන් මෙවන් පුවත්ම තමයි අසන්න වෙන්නේ...
නිහාල්ට හුඟක් රිදිලා වගෙයි. මෙවැනි පුවතක් දුටුවිට මට නම් දුකක් නැහැ. තවත් එක සමාජ විරෝධී වැඩකරන, නීතිවිරෝධී වැඩකරන කෙනෙක් මේ රටෙන් තුරන් වුණු එක ගැන. මෙවැනි දේ ගැන දුක් වෙන්නේ නීතිවිරෝධී වැඩකරන, ජනසමාජය විනාශකරන කාලකන්නි විතරයි.
සෙනෙරියෝ එලෙසම පවතී. ප්‍රාදේශීය නිලධාරීන් කරන්නේ කුමක්ද? ඇය සමඟ මත්ද්‍රව්‍ය ඇති බව ඔවුන් දන්නේ නැද්ද? නැතහොත් ඔවුන්ද මත්ද්‍රව්‍ය මාෆියාව සමඟ සම්බන්ධ වී තිබේද?