(තිළිණි ද සිල්වා)
කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක පිහිටි කතෝලික දේවස්ථාන සහ හෝටල් තුළ සිදුවුණු බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලමින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට සහාය දීමට ඇමෙරිකාවේ ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. පරීක්ෂකයන් කණ්ඩායමක් මෙරටට පැමිණි බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
මෙරට සිදුවුණු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහාය ලැබෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ ද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමැතුම් ලබා දුන් අතර එහිදී ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය උදවු දීම සම්බන්ධයෙන් එකඟත්වයක් පළ කෙරුණි. එෆ්.බී.අයි. පරීක්ෂකයන් මෙරටට පැමිණියේ ඒ අනුවය.
මේ අතර මෙලෙස ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරමින් මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප‍්‍රකාශිකා නැන්සි වැන්හෝන් මහත්මිය කියා සිටියේ එෆ්.බී.අයි. පරීක්ෂකයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා සහාය දැක්වීමට පැමිණෙන බවත් ඔවුන් පැමිණෙන දින තමන්ට තහවුරු කළ නොහැකි බවය.
COMMENTS
ඕනෙනම් කියන්න අපේ ආරක්ෂක ලේකම් ඔයාලට දෙන්නම් මේ කරපු උදව්වට...
බොහොම පරිස්සමෙන් ඔය ඇමෙරිකාවේ උදව් ගන්නේ.. එයාලට රටකට ඇතුළුවෙන්න ඕනේ උනහම මේ වගේ ගැටුම් ඇති කරලා ඒ මාර්ගයෙන් ඒ රටට ගොඩ බහිනවා.. ඇමෙරිකාවට ත්‍රිකුණාමලයේ වරයා ඉල්ලලා තිබුණ වගේම කදවුරක් දන්නා රනිල් සමග කතා කරලා තිබුන.. මුළු බටහිරම එල්ටීටීඊ එකට සහය දෙනකොට අපි එල්ටීටීඊ පරද කලේ ඔය කාගෙවත් උපදෙස් මත නොවේ.. ඒ දක්ෂ නිලධාරීන් තාමත් ඉන්නවා හැබැයි ටික දෙන්නම් හිරේ ඉන්නේ ..
ලොව අංක එකේ මහා මොළ කරුවන්ව හා සටන් කරුවන් හා ඉව ඇති අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මේ වැඩේ කරන්නට පුළුවන් බව සියලු ශ්‍රී ලාංකිකයෝ හා විදේශිකයෝ පවා පවසා තිබෙනවා. සමහර විට මේ දෙයින් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් වන්නට පුළුවන්....