(මනෝජ් හර්ෂික)
කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ ආරම්භය හෙට (21) සිදු කෙරේ.
කොළඹ නගරය පුරා ඇති වී ඇති රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් තුළදී ගමනාන්තයට ළඟා විය හැක.
මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසා ඇති අතර මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.
ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් ගමනාගමන කටයුතු සිදු කෙරෙන අතර මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.
COMMENTS
ඕක පයින් යන දුරනෙ. ගෝටාභය පටන් ගත්තෙ වැල්ලවත්ත සිට බත්තරමුල්ලට බෝට්ටු සේවය ඉතාමත් දූරදර්ශි ක්‍රියාවක්
මේක මීට වැඩිය දිගට යොදවන්න බැරිද? දෙහිවල, මොරටුව දිහාට වගේ. එහෙම උනොත් මීට වඩා හොදයි
කොහොම වුණත් ගෝඨාගේ නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙයාලටත් පිළිගන්න වුණා. පක්ෂ භේදයකින් තොරව ලංකාව පුරාම එය දිගටම ක්‍රියාත්මක කළා නම් ලංකාවේ නගර මේ වෙනකොට ඉතා හොඳ තත්වයකට ඇවිල්ලා.
ඇයි මහනුවර, අනුරාධපුර, පොලොන්නරුව... බැරිද මන් අහන්නේ?
ඔය යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ ශක්‍යතා අධ්‍යනයකින් පසුව. මොකද බේරේ වැවේ දැන් තමයි නිසි අයුරින් පවිත්‍ර කිරීම් කටයුතු වෙන්නේ. බේරේ වැව අපවිත්‍ර වීමට ප්‍රධානම හේතුව වෙන්නේ ඒ හරහා නාගරික වතු නිවාස ගණනාවක මළ අපවහනය සිදුවීම. ඒකට ක්ලෝරීන් දාලා දුගඳ යවන එක විතරක් මදි. ඒ මළ අපවහන නළය වසර සිය ගණනකට පසුව දැන් තමයි ප්‍රතිසංස්කරණය වෙන්නේ.
ඔය යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව. මොකද බේරේ වැවේ දැන්තමයි නිසි අයුරින් පවිත්‍ර කිරීම් කටයුතු වෙන්නේ? බේරේ වැව අපවිත්‍ර වීමට ප්‍රධානම හේතුව වෙන්නේ ඒ හරහා නාගරික වතු නිවාස ගණනාවක මළ අපවහනය සිදුවීම... ඒකට ක්ලෝරීන් දාලා දුගඳ යවන එක විතරක් මදි. ඒ මළ අපවහන නළය වසර සිය ගණනකට පසුව දැන් තමයි ප්‍රතිසංස්කරණය වෙන්නේ...
ඕක නාවික හමුදාව යටතේ පමණක් නඩත්තු කළොත් වටිනවා. නැත්තම් ඉතින් ඕකත් අර ත්‍රිවිල් වගේ වෙයි.
පයින් යන දුරනේ..
ගෝඨාභය තුමාට ලකුණු වැටෙන වැඩ තමයි මේ ගොල්ලොත් කරන්නේ..
මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ ගෝඨාභය... අද චම්පික එයාගේ වැඩක් විදියට කළාට මේකේ සංකල්පය ගෝඨාගේ පසුගිය අවුරුදු 5 කරගෙන ආපු වැඩ ටික කරගෙන යන්න ඇරියානම් මේ වනවිට කොළඹ නගරයේ වාහන තදබදයත් අවසන්..
දැන් මේ බෝට්ටුවලටත් ලංගම බස්වලට වගේ එල්ලිලා යන තරමට සෙනඟ පටවනවද?
පටන්ගත් එකම බෝට්ටු සේවාවක් ලංකාවේ තවම තියනවද? බොරු වියදම් පමණි.