( තිළිණි ද සිල්වා )
එක්සත් රාජධානියේ සිට හෙට (23 ) අලුයම 2 පසුව මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද (22) පැවසීය.
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයේ පැතිර යාමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවද සිවිල් ගුවන් සේවා අධිකාරි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය අයත් ගුවන් ගමන් ඉදිරි දිනවලදී සිදු නොවුණද වෙනත් වානිජ ගුවන් සේවා සමාගම් විසින් සැලිකිය යුතු ප්‍රමාණයකින් බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගීන් රැගෙන එන හෙයින් , සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද උපුල් ධර්මදාස මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව හෙට (23) අලුයම 2.00 සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට මෙරටට පැමිණීම අත්හිටවූ බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කීවේය.
COMMENTS
අනේ අපරාදේ!! අපේ අර පැණිය පොවලා කොරෝනා වැළඳුණු එංගලන්තේ සුද්දන්ව ලංකාවට ගෙනැල්ලා සුවකරලා පෙන්නුවා නම්, අපිට නොමිලේම ජාත්‍යන්තරයේ කප් එක උස්සන්න තිබුණනේ? මට නම් හිතෙන්නේ උපන්ගෙයි ලංකාවේ මෝඩයින් විතරක් නෙවෙයි, එංගලන්තේ සුද්දොත් ඔය පැණියෙන් ගොඩ එනවා. ඒක ෂුවර්...