බ්‍රසීලයේ ජනාධිපති ජාර් බොල්සනාරෝට නව කොරෝනා වයිරසය ආසාදනය ඇතැයි අද(7) තහවුරැ විය.
බ්‍රසීල ජනාධිපතිවරයා උණ රෝගයෙන් පෙළුණද ඔහු යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යැයි ද බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබිණි.
බ්‍රසීල ජනාධිපතිවරයා නව කොරෝනා වයිරසයේ බරපතළකම ගණනකට නොගත් ලෝක නායකයකු ලෙස සැලකෙන අතර තමන්ට ඇත්තේ සාමාන්‍ය උණක් පමණක් යැයි ද පැවැසීය.
කෙසේ නමුත් රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමඟ බ්‍රසීල ජනාධිපතිවරයා සඳුඳා කොවිඩ්-19 පරීක්ෂණයකට යොමු කර ඇත. එම පරීක්ෂණයේ ප්‍රතිඵල අද නිකුත් වූ අතර ඒ අනුවට ඔහුට නව කොරෝනා වයිරසය තහවුරැ වී ඇතැයි එම වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරැ වී ඇත.
ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ මිලියන 1.6 ඉක්මවා තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත ගණන 65,000කට ආසන්න වේ.
රොයිටර්
055
COMMENTS
Reply To:
-
තව එක්කෙනෙක් ඉන්නවා ඔය ටික කරගන්න හදන...
අපේ හිටපු ප්‍රධාන දේශපාලකයෙකුටත් කොරෝනා හැදිලා නේද?