බ්‍රසීලයේ කොරෝනා ආසාදිත මරණ 30,000 සීමාව පසුකර තිබේ.
කොරෝනා මරණ සංඛ්‍යාව අනුව ලොව සිව්වන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයේ මේ වනවිට සිදුවී ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 31,199කි.
බ්‍රසීලයට ඉදිරියෙන් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඉතාලියයි.
යුරෝපයෙන් පසුව ලතින් ඇමරිකාව පුරා වයිරසය වේගයෙන් පැතිර යන බව විශේෂඥයෝ පවසති.
ලෝක සෞඛය සංවිධානයේ අනතුරු ඇඟවීම් නොතකා සීමා ලිහිල් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
වයිරසය වේගයෙන් පැතිර යන තත්ත්වයක් තුළ සීමා ලිහිල් කිරීම ගින්නට පෙට්‍රල් එකතු කිරීමක් වැනි යැයි රියො ද ජෙනයිරෝ ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ රෆායල් ගැල්සී මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
මේ සතියේ ලතින් ඇමරිකාව ආසාදිතයන් මිලියනයේ සීමාව පසු කළේය.
එයින් අඩක් පමණ බ්‍රසීලයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 555,383කි.
ලොව දෙවැනියට ආසාදතයින් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
ඇමරිකාවේ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්දව පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වනු ඇතැයි ද විශේෂඥයෝ බිය පලකරති.
දුර්වල සෞඛ්‍ය පද්ධතීන් පවතින පේරු, චිලී සහ මෙක්සිකොව වැනි රටවලද කොරෝනා වයිරසය සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි