(රන්න චන්ද්‍රසේන ගමගේ)
එළඹෙන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිලක් බස් රථ හිමියන් ගේ සංගම් කිහිපයක් විසින් ගෙන තිබූ තීරණය සතියකින් කල් දැමීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් සංගම් නියෝජිතයෝ එකගතාවය පළ කළහ.
පෞද්ගලික බස් රථ හිමියන් ගේ සංගම් 05 ක් සමඟ මගී කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (11)කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබීය.
තම බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා පවතින බාධා පිළිබඳව ඇමැතිවරයා දැනුවත් කළ බවත්, එම කරුණු ඉදිරි කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් බස් සංගම් නියෝජිතයෝ පැවසූහ.
තම සංගම් වල ඉල්ලීම් වලට රජය ඇහුම්කන් දෙන්නේ කුමන අයුරින් ද සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුහු පැවසූහ.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ බස් සංගම් වල බොහෝ ඉල්ලීම් සාධාරණ බවත්, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන බස් ගාස්තු සංශෝධනය පිළිබදව සලකා බැලීමට මෙය කාලය නොවන බවත්ය. මේ වන විට මේ රටේ බහුතර ජනතාව කොරෝනා ප්‍රශ්නයත් සමග දැඩි ආර්ථික අපහසු තාවයකට මුහුණ දී සිටින බව පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසුවේ පෞද්ගලික බස් හිමියන් සදහා රජය ලබා දීමට යෝජනා කළ සහන සමහර මූල්‍ය ආයතන විසින් ලබා නොදීම පිළිබඳව තමන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්ය.
මෙම සාකච්ඡාව අගුණකොළපෑල්ස්සේ පිහිටි අමාත්‍යවරයා ගේ නිවසේ දී පැවැති අතර ඒ සඳහා බස් සංගම් නියෝජිතයෝ 35දෙනෙක් පමණ සහභාගි වී සිටියහ.


(ඡායාරූප - අනීෂා මානගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එතකොට මාස්ක්?
ඇමතිතුමා.., ඔය බස් සංගම්වල කතාවට රැවටෙන්න එපා. ඔය කිව්වට ඒ ගොල්ලො තමන්ගේ බස් කීයටවත් ධාවනයෙන් ඉවත් කරගන්නේ නැහැ. මොනවද ඔට්ටු.. ඒවා ධාවනයෙන් ඉවත් කර ගත්තොත් මොකද බස් කියන ඒවා ගෙදර තියාගෙන කොට්ටෙට තියාගන්නද..? වාරික ගෙවීමට බැරුව ගොස් බස් අදාළ සමාගම් වලින් අරගෙන යනවා. මේ අය ඔය බොරුවට තමයි තව කල් ගත්තේ.. මේ බස් සංගම් පැවති හැම රජයක්ම බයකළා.. කොරෝනා නිසා මේ අය මට්ටුවෙලා තමයි මේ ඉන්නේ.. ඔය අනවශ්‍ය ඉල්ලීම් නොදී ත්‍රිරෝද රථ වගේ ඕනෑම කෙනෙකුට නීතිරීතිවලට අදාලව බස් දුවන්න ඉඩදෙන්න. එය තමයි විසඳුම. ත්‍රිරෝද රථ වලටත් මෙසේ දෙනවාද? ඒ මිනිස්සු කරන්නෙත් සේවයක්නේ.. මේ අය පසුගිය කාලේ අයුතු ලාභ ලැබුවා. මොකද ඒවා රජයට දුන්නද? ස්ට්‍රයික් කරලා ඉල්ලීම් දිනා ගත්තා මිසක්.. බස් සංගම්වලට රට පාලනය කිරීමට ඉඩ දෙන්නට එපා.. එසේනම් රජයක් කුමටද? රජය විසින් බස් සංගම් පාලනය කළ යුතුයි. සිදුවිය යුත්තේ එයයි.
අයින් වෙලා ඉන්න කියන්නකෝ... මොකද පහුගිය කාලෙමත් එයාල නැතුව මිනිස්සු ගමන් බිමන් ගියානේ... දවස් දෙක තුනක් ගෙවල් වල උන්නම මේ ලැබෙන ගාණත් නැති වුණාම බලෙන්ම ආපහු එන්න වෙනවා. හැබැයි මේ වෙලාවේ ආණ්ඩුව ඡන්ද නැතිවෙනවට බයට ඒ අය ඉල්ලන දේවල් දීලා නිකන් ඉන්නවා. මොකද මිනිස්සු ගැන හැඟීමක් ඔය හොර දේශපාලකයින්ට කොහොමත්ම නෑ.
හරි දැන් බලමු.. ආණ්ඩුවට යවන්න ඕනේ බස්රථ සංගමයද? නැද්ද? කියලා.. බස් තියා රජයේ දුම්රියවලවත් මිමි 1කවත් දුරස්ථ භාවයක් නැහැ. මේ ඇමැතිගේ කියවිල්ල විතරයි. ඡන්දෙ තියාගන්න මිනිස්සු මැරුණත් කමක් නැහැ.