
(දයාරත්න ඇඹෝගම)
බස්නාහිර පළාතෙන් අනුරාධපුරයට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සිමාකිරීමට කටයුතු කරන්නැයි ජාතික කොවිඩ් -19 බලකාය වෙත දන්වා යවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගත රෝගය වැළැක්වීමේ දිස්ත්‍රික් කමිටුවේ නිලධාරින්ට අද (25) උපදෙස් දුන්නේය.
අනුරාධපුර දිස්ත්‍රික්කය කොවිඩ්19 වසංගත රෝගය වැළැක්වීමේ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (25) පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවසූයේ පාසල් විවෘත කර තිබෙන අවස්ථාවේ ඉතාම සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවත් මේ ප්‍රදේශයට බස්නාහිර පළාතෙන් පැමිණෙන පුද්ගලයන් විශේෂයෙන් පරීක්ෂා කර බැලිය යුතු බවත් අත්‍යවශ්‍ය කටයුත්තක් ඇත්නම් පමණක් අනුරාධපුරයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත්ය.
එම නිසා බස්නාහිර පළාතෙන් අනුරාධපුරයට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමාකිරිමට කටයුතු කර දෙන ලෙසට, දිස්ත්‍රික් බලකායේ ඉල්ලීමක් ලෙස ජාතික කොවිඩ් -19 බලකාය වෙත දන්වා යවන ලෙස ආණ්ඩුකාරවරයා විසින් මෙහිදි උපදෙස් දෙන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා රෝගය ආසාධිත වු පුද්ගලයන් 19 දෙනෙකු හමුවී ඇති බවත් තවත් පුද්ගලයන් 1294 දෙනෙකු සිය නිවෙස් තුලම නිරෝධායනයට ලක් කොට ඇති බවත් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉපලෝගම 02, නොච්චියාගම 02, මධ්‍යම නුවරගම් පළාතෙන් 08, නැගෙනහිර නුවරගම් පළාතෙන් 02, රාජාංගනය 01, රඹෑව 01, තළාව 01, තඹුත්තේගම 01 අයෙකු සහ නගර සීමාවේ 01 අයෙකු වශයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු හමුවී ඇති බවද වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් නවරත්න, ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිංහ , පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.පී. සිරිබද්දන, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් පේමසිරි රත්නායක ඇතුළු රාජ්‍ය ්‍ය්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුරයට පැමිණෙන පිරිස සීමා කරන්න නම් අනුරාධපුරයෙන් බස්නාහිර පළාතට පැමිණෙන පිරිස්ද සීමා කළ යුතුයි. අනෙක් පළාත්වලට නැති ලෙඩක් අනුරාධපුරයට ඇතිවී තිබෙන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි. ඔය අනුරාධපුරයේ කී දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙඳ කලාපවල රැකියාව කරනවද? එයට දක්වන ප්‍රතිඋපකාරය නම් ඉතාම හොඳයි. රාගම, වැලිසර, මහරගම, කොළඹ ජාතික රෝහල පැත්තටත් ඔය පැතිවල අයට එන්න වෙනවා. ඒක අමතක කරන්න එපා..
උපකාරෙ තමයි පුළුවන් තරම් සංචරණය සීමා කරන එක. හැබැයි ලංකාවේ ඉන්නවා බූරුවො සෙට් එකක් ඒයාලාට ගාණක් නැහැ මොනවා වුණත්... එයාලාගේ වැඩේ විතරයි.
මෙය ප්‍රායෝගිකව කළ නොහැක. ආහාර ද්‍රව්‍ය, බෙහෙත්, බස්නාහිර සේවය කරන මෙම ප්‍රදේශයේ පුද්ගලයන්, මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් රජයේ නිලධාරීන් බස්නාහිර පළාතට රාජකාරී කටයුතු හා ප්‍රධාන කාර්යාලයන් වෙත ගොස් ආපසු පැමිණිය යුතුව ඇත. හැබැයි වන්දනා කරුවන් පමණක් සීමා කිරීමට පුළුවන්... රට විවෘත කර ඇත්නම් මිනිස්සුන්ගේ අත්‍යාවශ්‍ය ගමන් බිමන් සීමා කිරීමට නොහැකියි.