
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දූපතේ ධීවර වාඩියක සඟවා තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කේරලගංජා තොගයක් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නාවික හමුදාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ කිලෝ 31, ග්‍රෑම් 500ට ආසන්න කේරල ගංජා තොගයක් බව කියයි.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඉන්දියාවේ සිට බෝට්ටු යාත්‍රාවක් ආධාරයෙන් රැගෙනවිත් මෙම දූපතේ සඟවා තිබියදී නාවික හමුදා බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ගංජා තොගය කිලෝ 1 ප්‍රමාණයේ ඇසුරුම්වල බහා පොලිතීන් ආවරණ වල යොදා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති බව කියයි.
අදාල ගංජා තොගය නාවික හමුදා නිලධාරින් විසින් කල්පිටිය පොලිසියට බාරදීමට කටයුතු කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය පුළුල් විමර්ශණ ආරම්භ කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් පෙන්වන්න නෙමෙයි, දැන ගන්නයි මම අහන්නේ, කොච්චර කල් මේවා හංගලා තිබිලා තියෙනවද? බෑග් ටික, ටිකක් අලුත් පාටයි නේද? වාඩියක හංගලා තිබුණා කිව්වට කුණු පොඩ්ඩක්වත් ගෑවිලත් නැහැ.
නාවික හමුදාවේ වැටලීම හොඳයි. නමුත් ප්‍රදර්ශනයේදී, සිරිසේන සිහි වෙන එක වළක්වන්න බැහැ. ඒ කාලේ එක පාරක් නාකොටික් එක කිව්වා කිලෝ 300ක් බර හෙරොයින් හම්බ වුණා කියලා, ගුවන්තොටුපලේ හිටපු මගියෙකුගේ ගමන් බෑගයේ පතුලේ හංගලා තිබිලා... එතකොට මම ඒ දවස්වල ලියන පත්තරේට ලිව්වා, කිලෝ 300ක් කියන්නේ කිලෝ 10 හාල් බෑග් 30ක්. මේ මගියා කොහොමද කිලෝ 10 හාල් බෑග් 30ක් හා සමාන විශාල හෙරොයින් තොගයක් ගමන් බෑගයෙත් නෙමෙයි, ඒකෙ පතුලේ දමන් ආවේ කියලා. තව මම කිව්වා, මට නම් කිලෝ 10 හාල් බෑග් 1ක් තමයි උස්සන්න පුළුවන්. මේ මගියා කොහොමද කිලෝ 300ක් උස්සන් ආවේ කියලා. (අනිත් එක ලංකාවේ අංක එකේ බර උසුලන්නා ටෝනි ජයවර්ධන උස්සන්නෙත් කිලෝ 250යි. ඒක ලිව්වේ නැහැ. එතකොට මම ටෝනි ගැන දන්නේ නැති නිසා)