(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම සෞඛ්ය වෛද්‍ය නිලධාරී කොට්ථාසයට අයත් අටුලුගම මාරාව ප්‍රදේශයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදිත රෝගියකු අද සවස හමු වූ බව බණ්ඩාරගම සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මේ වන විට බණ්ඩාරගම සෞඛ්ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 5 දෙනෙකු හමු වී ඇත.
ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ මෙම පුද්ගලයාට පෙරේදා 25 මූලික රෝග ලක්ෂණ පහල වී තිබියදී ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
අද දින හමු වූ එම රෝගියා සමග කලුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ සමස්ථ රෝගීන් ප්‍රමාණය 15 දක්වා ඉහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙන්ද නොදන්න කාමට අහන්නෙ
දවස් 6ක් වයිරසය ඇඟේ තියන් ඉඳලා තියනවා , මෙයා තව කීදෙනෙකුට රෝගය බෝකරලද දන්නේ නැහැ