IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ප‍්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා

ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත.
 
මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ද ඉකුත් 9 වැනිදා මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති බවත් ඒ අනුව මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කළ යුතු බවත් විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත දන්වා තිබේ.
 
විශේෂ ආරක්‍ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියලාල් දසනායක මහතා විසින් ඇමැති ආරක්‍ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්‍ෂක කොට්ඨාසය, විශ‍්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය සහ තානාපති ආරක්‍ෂක කොට්ඨාසය යන ආරක්‍ෂක කොට්ඨාසවල අධ්‍යක්‍ෂවරුන් වෙත මේ පිළිබඳව ලිපි මගින් දැනුවත් කර ඇත.
 
විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක කොට්ඨාසවල අධ්‍යක්‍ෂවරුන් වෙත යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.
 
ජාතික තව්හීත් ජමාත් (National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඔහුගේ අනුගාමිකයින් හා එක්ව මෙරට තුළ මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට විදේශ බුද්ධි අංශයක් විසින් තොරතුරු වාර්තා කර ඇත. මෙම ප‍්‍රහාර සඳහා මෙරට ප‍්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවට වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
ඉහත තොරතුරු සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික සොයාබැලීම්වලදී ප‍්‍රහාර සැලසුම් කිරීම සඳහා දායක වන බවට තොරතුරු සඳහන් පුද්ගලයින් අතුරින් කිහිපදෙනකු මෙම සේවාවේ බුද්ධි මෙහෙයුම්වලදී හඳුනාගෙන ඇත.
 
 සහරාන් හාෂිමි (Zahran Hashmi)  සහ ශාහීඞ් (Shahid)  යන අයවලූන් 2018.12.26 වැනිදා මාවනැල්ල ප‍්‍රදේශයේ ආගමික ප‍්‍රතිමාවලට පහරදීමේ සිදුවීම්වලින් පසු ප‍්‍රදේශයෙන් පලාගොස් දැනට අක්කරෙයිපත්තු ඔලූවිල් ප‍්‍රදේශයේ රහසිගතව සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වේ.
 
රිල්වාන් (Rilwan) යන අය සහරාන්ගේ බාල සොහොයුරා හා ඔහුගේ මතවාදය වටා පිරිස් රැස්කිරීමේ නියමුවා ලෙස කටයුතු කළ කාත්තන්කුඩි පොලිස් වසමේ කුඬේයිකාරන් වීදිය මොහිදීන් පල්ලිය පාර නව කාත්තන්කුඩි 06 ලිපිනයේ පදිංචි මොහොමඞ් කාසීම් මොහොමඩ් රිල්වාන් (ජා.හැ.ප. 903432624 වී) බවට හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා 2017.03.10 දින කාත්තන්කුඩි ප‍්‍රදේශයේ දී NTJ සංවිධානය හා තවත් ආගමික සංවිධානයක් අතර ඇති වූ ගැටුමකින් පසු ප‍්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු තිබේ. මෙලෙස  රහසිගතව සැඟව සිටියදී සිය සහෝදරයාගේ මතවාදය වටා පිරිස් රැස්කිරීමට කටයුතු කරමින් ඔහු සමග අක්කරපත්තුව, කුලියාපිටිය, පුත්තලම, මාවනැල්ල සහ තිහාරිය යන ප‍්‍රදේශවල සංචාරය කර ඇති බවත් දැනට ඔලූවිල් ප‍්‍රදේශයේ සිය සමීපතමයෙකුගේ නිවසේ රැඳී සිටින බවටත් තොරතුරු ලැබී ඇත.
 
රිල්වාන් රාත‍්‍රි කාලයේදී (පැය 2300  පැය 0400ත්) අංක 309/ බී ෆරිනාස් පාර දෙවන හරස් වීදිය, ආරියම්පති නැගෙනහිර, ආරිසම්පති යන ලිපිනය වෙත පැමිණෙන බවත් එම ලිපිනයේ මොහුගේ බිරිඳ හා දරුවා රැඳී සිටින බවටත් දැනගැනීමට ඇත.
 
මිල්හාන් (Milhan) ලෙස සඳහන් පුද්ගලයා "Mohamed Milhan" නමින් සමාජ ජාල ගිණුමක් පවත්වාගෙන යමින් සහරාන්ගේ සමාජ ජාල ගිණුම් සමග සබඳතා පවත්වන බවත් 2019.03.15 දින නවසීලන්තයේ කතෝලික ලබ්ධිකයෙකු විසින් මුස්ලිම් පල්ලියක් වෙත එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් පසු සිය සමාජ ජාල ගිණුම් තිරන්තරයෙන් යාවත්කාලීන කරමින් අන්‍යාගමිකයින් පිළිබඳව ද්වේශසහගත ලෙස අදහස් දක්වා ඇති බවටත් වාර්තා වේ.
 
කල්මුණේ සහිරා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති මොහොමඩ් මිල්හාන් නමැත්තා 0767788353 දරන දුරකතන අංකය භාවිත කරන බවත් සහරාන්ගේ මතවාදය ඔස්සේ යමින් අන්‍යාගමිකයින් කෙරෙහි වෛරී හැඟීමකින් කටයුතු කරන්නකු බවටත් වාර්තා වී ඇත.
 
එසේම යුද හමුදාවේ හිටපු සෙබළකු වන අන්වර් පල්ලිය අසල, කාත්තන්කුඩි 03, පදිංචි බදුර්දීන් මොහොමඩ් මොහිදින් හෙවත් Army Mohideen (ජා.හැ.ප. 750683126 වී) නමැත්තෙකුද සහරාන් සමග සමීප සබඳතා පවත්වන බවත් ඉහත 2017.03.10 දින කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ගැටුමින් පසු ප‍්‍රදේශයෙන් පලාගොස් කුඹුරුමුල පාර, පාසිකුඩා, වාලච්චේන ප‍්‍රදේශයේ ස්ථානයක රහසිගතව රැඳී සිටින බවටත් දැනගැනීමට ඇත. මෙම පුද්ගලයා සිකුරාදා දිනවල රාත‍්‍රී කාලයේ බිරිඳ සහ දරුවන් බැලීම සඳහා කාත්තන්කුඩි 03, ඉහත සඳහන් කළ ලිපිනය වෙත පැමිණෙන බව සොයාගෙන ඇත.
 
සහරාන් යන අය සමාජ ජාල ගිණුම් ඔස්සේ සිය අනුගාමිකයින් අභිපේ‍්‍රරණය කිරීමේදී මෙරට කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල ඉලක්ක කරගන්නා ලෙස නිශ්චිතව සඳහන් කළ බවට මේ වන තෙක් නිරීක්‍ෂණය වී නොමැති නමුත් සියලු අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ආගමික කරුණක් බවත් අන්‍යාගමිකයින් විනාශ කරමින් ඉස්ලාමය ප‍්‍රවර්ධනය කළ යුතු බවටත් සඳහන් කරමින් 2016 වර්ෂයේ සිට සිය සමාජ ජාල සහ ආගමික දේශන හරහා අනුගාමිකයන් අභිපේ‍්‍රරණය කරන බව නිරීක්‍ෂණය වී ඇත.
 
ඉහත සඳහන් තොරතුරු පිළිබඳව රහසිගත පරීක්‍ෂණ සිදුකරමින් පවතී.



අදහස් (32)

ප‍්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා

Amila Monday, 22 April 2019 05:40 AM

මුලින්ම බුද්ධි අංශය වෙත තමයි වරද ආවේ... ඒත් ඔවුන් ප්‍රශ්න මැද වුවත් ඔවුන්ගේ යුතුකම කරලා තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා දැනුවත් කරලත් තියෙනවා. ඇමති ආරක්ෂක ඒකකත් දැනගෙන තියෙනවනේ. එතකොට වැඩේ කරලා නැත්තේ මූලිකවම රටේ ආරක්ෂාව සහ පොලිසිය බාරව ඉන්න එක්කෙනා නේද? (ඇමතිවරුනුත් වගකීම පැහැර හැරලා තියෙනවා). ඔහු ඉල්ලා අස්විය යුතුයි. මෙයාලා හිටියොත් තව මොනවයින් මොනවා වෙයිද කියන්න බෑ.

:       191       2002

RaviMonday, 22 April 2019 06:21 AM

ඔබගේ කතාව පැහැදිලි මදි... බුද්ධි අංශ වැඩේ කරලා නම් මෙවැනි දෙයක් සිදු වුනේ කෙසේද? ජනාධිපතිතුමා පැහැර හැරියේ කුමක් කිරීමටද?

:       121       67

DhammikaMonday, 22 April 2019 06:37 AM

මේ ලිපිය මමත් දැක්ක වට්ඇප් එකේ සංසරණය වුණු .. මේක බොරු ලිපියක් නෙමේ අත්සන් , නිල මුද්‍රා සේරම තිබ්බ , දැන් පොලිස් ප්‍රකාශක මේක බොරු 1ක් බව ඔප්පු කරන්න හදනවා .. නමුත් ලැබෙන සියලු සාක්ෂි ලිපියේ කරුණු හා ගැලපෙනවා , වහාම ජනපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය වගකීම් පැහැර හරිම යටතේ අත්අඩංගුවට ගන්න

:       33       452

RaveendraMonday, 22 April 2019 08:02 AM

ධම්මික මයා වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. ඇත්තෙන්ම මේ 225ක් වූ රිලව් රෑනම දියවන්නාඔය සත්තු වත්තෙන් පිටමං විය යුතුමයි. එමෙන්ම අප අවංකව කණගාටු වෙනවා... අඩු තරමින් මේ රිලව් 225න් කවුරුවත් මේ පිපිරීම් වලින් මැරුනේ නැති එක ගැන...

:       0       187

d.upulMonday, 22 April 2019 07:36 AM

දන්නවනේ හමුදාවට අමතරව පොලිසියත් බදාගෙන ඉන්නේ කව්ද කියල.

:       0       37

AkilaMonday, 22 April 2019 07:51 AM

අපේ රටේ බුද්දි අංශ ඉන්නේ ලියුම් ලියන්න විතරද එතකොට? ත්‍රස්තයන්ව අල්ලන්නන අගමැති ,ජනාධිපති ද යන්න ඕනේ ?

:       202       53

NuwanMonday, 22 April 2019 08:35 AM

කොහෙද මොලේ තියෙන්නේ , කිසියම් රස්සාවක් කරනවද ඔබ , ඔබේ ආයතනයේ පියන් ට ආයතනය වෙනුවෙන් නිවේදන නිකුත් කරන්න හෝ හදිසියේ ආයතනය දින 3කට වගේ වහන්න බලයක් තියේද? ගොන් කතා කියන්න එපා

:       0       215

akilaMonday, 22 April 2019 08:58 AM

නුවන්, බුද්ධි අංශවලට කිසියම් සැකකරුවෙක් අල්ලන්න ඇමැතිලා, අගමැතිලා පස්සෙන් යන්න ඕනෙ නැහැ. ඇල්ලුවත් පසුව පුළුවන් දැනුම දෙන්න... වෙන රටවල් නම් එහෙමයි කරන්නේ...

:       178       1

මහනුවර අක්‍රම්Tuesday, 23 April 2019 08:14 PM

අයියෝ අකිල..! කොහෙද මෙච්චර කල් හිටියේ? එහෙම වෙන්නේ වෙන රටවල. මේක ලංකාව. මෙහෙ ඒ විදියට තමුන්ගේ රාජකාරිය කරපු නිලධාරීන් පෝලිමේ හිරේ යැව්වා දැක්කේ නැද්ද?.. දැන් ඉන්න අය එහෙම කරන්නේ නැහැ.. නිකන් පරිප්පු කන්න වෙන නිසා. ජනාධිපති ප්‍රමුඛ මුලුරජයම මේකේ වගකීම ගන්න ඕනෑ..

:       0       0

Thushar Monday, 22 April 2019 05:47 AM

යහපාලනේ හොඳටම සනීපයි..

:       1271       1800

DushMonday, 22 April 2019 07:03 AM

ඔය ඩිස්ලයික් කරපු යමපාලකයින්ට තවමත් ආණ්ඩුව හොඳයි.

:       12       279

අස්ලම් Monday, 22 April 2019 05:56 AM

මෙවැනි රටට පිළිලයක් වන සංවිධාන තහනම් නොකළේ ඇයි ??? දැන් කල යුත්තේ මේ සංවිධානය මුලිනුපුටා දමන එකයි.

:       0       680

sarath perth Monday, 22 April 2019 05:57 AM

මේකටත් රණවිරුවා දන්ගෙඩියට ගෙනයයිද?

:       62       244

මල්ලවආරච්චි Monday, 22 April 2019 06:20 AM

අපේ රටේ මේ අන්තවාදී සංවිධාන ආවේ අදෙ, ඊයේ නොවේ. මෙය මුලින්ම එළියට ආවේ 2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමගමය. මේ ගැන සිංහල මිනිස්සු කථාකරන විට ඔවුන්ට හංවඩු ගැසුවේය.

:       3       228

neel Monday, 22 April 2019 06:25 AM

දැන්වත් ඥාණසාර හමුදුරුවන්ව නිදහස් කරන්න.

:       301       1325

Perakum Monday, 22 April 2019 06:26 AM

නැගෙනහිර පළාත් සභාවට තව ටිකක් වැඩිපුර බලතල දුන්නා නම් ඉක්මනටම වැඩේ ඉවර කරලා දමාවි...

:       44       173

Roshan Monday, 22 April 2019 06:26 AM

ඔය කිහිප දෙනාට ඔච්චර දෙයක් කරන්න බැහැ.. ඔය විදිහට බෝම්බ හදන්න විශේෂ පුහුණුවක් ඕනේ... පහුගිය කාලේ නැගෙනහිර පළාතේ හුඟක් අරාබි ජාතිකයන් ගැවසුණු මොවුන් තමයි ඕවට මූලික වෙන්න ඇත්තේ..

:       14       259

Praba Monday, 22 April 2019 06:31 AM

මේකෙ මෙහෙමත් තියෙනවා "ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයට" දැනුම් දුන්න කියල. ඒ කියන්නෙ ඇමතිලා බේරුනොත් ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා උනත් කමක් නැහැ. ඒකද මේ කියන්නෙ?

:       3       244

rocky Monday, 22 April 2019 06:32 AM

ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපති තුමාගේත්, ඇමතිවරුන්ගේත් ඒ උත්තමයන්ගේ පවුල්වලත් ආරක්ෂාවට මිස රටේ ඉන්න ඔය එක එක පීචන් බයියලගේ ආරක්ෂාවට නොවෙයි. වැඩේ අවදානමක් දැනුණ හින්ද වෙන්න ඇති ජනාධිපතිතුමා ආරක්ෂක මහා බලසම්පන්න යාන්ත්‍රයක් දාගන්න තිරුපති කෝවිලටත් ගියේ. ඉතින් එකේ ආනුභාවෙන් එතුමා ආරක්ෂා වුණා මදිද? ජේ.ආර්. මහත්තයත් කිවුවනේ තම තමන්ගේ ආරක්ෂාව තම තමන් බලා ගන්න ඕන කියල! ලංකාව කියන්නේ පුදුම ලෝකයක්! බමුණු ආරච්චි මහත්තයා සද්ද නැතුව ඉන්නේ උන්නැහෙවත් අත් අඩංගුවට පත් වෙලාද කියල හොයා බලමු. එයාවත් අපට නැතුවම බැහැනේ!

:       1       499

ajithMonday, 22 April 2019 07:57 AM

දේශපාලකයෝ ටිකට උන් විතරක් බේරුණම ඇති. එක්කොටම කලින් මුන්ගේ ආරක්ෂාවට පෙරහැර වගේ යන වාහන ටික නවත්වල, සාමාන්‍ය මිනිස්සු වගේ පාරේ යවන්න ඕන. එතකොට මුන්ගේ ආරක්ෂාවට දාල තියෙන අය රටේ ආරක්ෂාවට යොදවන්න පුළුවන්. මුන් පිස්සු බල්ලෝ වගේ පාරේ යනකොට අනිත් අය පාර හරස් කරලා විරුද්ධ වෙන්න ඕන.

:       0       25

jayath Monday, 22 April 2019 07:03 AM

මේ විදියට මේ හාදයෝ ඔක්කොම අයගේ අලගිය තැන්, මුලගිය තැන් දැනගෙන නිදාගෙනද ඉඳලා තියෙන්නේ? අර "කුප්‍රකට" ලියුමේ තිබුණු විදියට ඒ අනතුර ගැන පියවර ගත්තා නම් මේක වළක්වා ගන්න තිබුනේ නැත්ද? අනික රජයේ ඇමතිවරයකුත් මේ ගැන හරියටම දැනගෙන ඉඳල තියනවා.... හරි නම් අත්අඩංගුවට ගන්න ඕනෑ. එයා කියන හැටියට කොච්චිකඩේ ප්‍රහාරය ගැන දැනගෙනත් තොරතුරු වසන් කිරීමේ වරදට මේ අයට ඕනෑ බටහිරට රිද්දන එකයි. මෙහෙ කතෝලික පල්ලි වලට, සංචාරක හොටල්වලට ගැහුවේ... බටහිර දැන් නීතිතදයි. එ්ක නිසා එහෙ අමාරුයි, නැත්නම් පන්සල්වලට මීට ලෙහෙසියෙන් ගහන්න තිබුණා.

:       0       57

Rata Perata Monday, 22 April 2019 07:18 AM

මේක යහපාලන හරි වෙන වරදක් නෙමෙයි. රටේ නායකයා දැනුවත් කරලා තියෙනවා, එයා මොනවත් කරන්නේ නැතුව තිරුක්කෝවිල් ගිහිල්ල, සිංගප්පුරු ඇවිදලා ඊයේ රෑ තමයි රටට ආවේ. රටේ නායකයට රටේ ආරක්ෂාව ගැන කටයුතු කරන්න කිසිම හදිසියක් නෑ, එත් අගමැති වෙනස් කරන ඒවා නම් පැයෙන් කරන්න හැදුවා. තනතුරු ගැන උගත් කමක් නැති අය ඉන්නකොට මේවා වෙන එක පුදුමයක් නෙමෙයි. දැන්වත් පරීක්ෂණ කරලා මේ 290 ක් මරන්න අවස්ථාව හදල දීපු කෙනාව නීතියේ හමුවට ගෙන්න මේ රජයට කොන්දක් තියෙයි කියල හිතනවා. ඊයේ ජීවිත නැති උන අපේ අහිංසක මිනිස්සු 290 වෙනුවෙන් මෙය කල යුතුයි, දේශපාලන ගැතිකම් බලන්නේ නැතුව.

:       63       219

DhammikaMonday, 22 April 2019 08:38 AM

සහතික ඇත්ත මෙන්න මේකයි මැරිච්ච අසරණ අයට කරන සාධාරණය

:       0       70

BamunuarachchiMonday, 22 April 2019 10:07 AM

බල්ලාගේ වැඩේ බූරුවා කරන්නේ මොකටද? බල්ලා හරියට වැඩේ කරන්නේ නැතිනම් ඌට පයින් ගසා එලවා දමනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද...?

:       0       2

Ashan Monday, 22 April 2019 07:22 AM

මෙවැනි සංවිධාන සහ පුද්ගලයන් ගැන දැනගෙනත් ඔවුන් යනඑන තැන් දැනගෙනත් අත්අඩංගුවට නොගත්තේ ඇයි? ආරක්ෂාව බාර හැම අමාත්‍යාංශයක්ම තියෙන්නේ ජනාධිපති අතේ... ඔහු වගකීම ගත යුතුයි.

:       1       44

රවින් Monday, 22 April 2019 08:22 AM

පොඩ්ඩක් හිතන්න. මේ සඳහන් කරන උදවිය ගැන තොරතුරු ඔවුන් යනෙන තැන් භාවිතා කරන දුරකථන අංක හරියට දැනගෙනත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? කොහේ හරි වරදක් තියනවානේද? කරුණා කර කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද? එසේ නැතිනම් අඩුම තරමේ ආරක්ෂක අංශ සමාජිකයින්වත් හරියට දැනුවත් කරලාද?

:       0       33

NuwanMonday, 22 April 2019 09:16 AM

තාමත් තේරෙන්නේ නැද්ද වැරැද්ද කොහෙද කියල ... ජනපති ඔහුගේ වගකීම පැහැර හැරලා ආරක්ෂක මණ්ඩලය රැස්කරල නැහැ , මේ තොරතුරු අගමැතිටවත් දීල නැහැ , මේ සිදුවෙන්නට තියන් පිපිරීම් ගැන ලැබුණු බුද්ධි තොරතුරු ගහගෙන ඉදල ..තිරුපති ගිහිල්ල එයාට දෙයියන්ගෙන් ආරක්ෂාව ක් දාගන්න ....මොවුන්වගකියන්න ඕන මියගිය සියලු අහිංසකයින්ගේ මරණ වලට .....

:       0       82

hewa Monday, 22 April 2019 08:48 AM

මේක තාවකාලික පසුබැස්මක් විතරයි. සරත් ෆොන්සේකා මැතිතුමාට ආරක්ෂාව භාරකරාම ඔක්කොම විසඳාවි. නැවතත් පසුගිය අවුරුදු තුනේ වගේ ශ්‍රී ලංකාව නැවතත් දියුණු වේවි... දේශපාලන වාසි නොගෙන රජයට සහයෝගය දෙන එකයි වැදගත්...

:       312       149

Gajaman Tuesday, 23 April 2019 09:12 AM

සරත් ෆොන්සේකා මැතිතුමාට ආරක්ෂාව බාරකරාම ඔක්කොම විසඳාවි. අවුරුදු තුනේ වගේ ශ්‍රී ලංකාව නැවතත් දියුණුවේවි... ඔහෙට අමු කැවිලද?

:       0       0

darshana Monday, 22 April 2019 08:51 AM

අපේ හාමුදුරුවරු හිරේ දැම්ම නේද ඔය අවදානම කලින් හෙළි කලා කියල. හෙන ගණහ වෙලාවට එලියට යන්න එපා. ලංකාවට තව 10 වසරකටවත් මේකෙන් ගොඩ එන්න බැහ. ආර්ථිකය ඉවරයි.

:       6       45

ගයාන් Tuesday, 23 April 2019 09:33 AM

ඔය තියෙන තොරතුරු ටික මිනිස්සුන්ට දුන්නා නම් තමන්ම සිය ආරක්ෂාව ගැන බලාගන්නවා. ඔය 225 ට කන්න අඳින්නද මේ රටේ මිනිස්සු බදු ගෙවලා ඒකෙනුත් 50%ක් විතර ආරක්ෂක වියදම්වලට වෙන්කරවා ගන්නේ? මිනිස්සුයි හැදෙන්න ඕනෑ... දැන් පාලකයින් වෙනස් නොවෙනකොට මිනිස්සු වෙනස් විය යුතුයි. මේක හැම වහලාටම අදාලයි 225ට කඩේ යන...

:       0       0

Yukthi Tuesday, 23 April 2019 12:53 PM

මෙම ප්‍රහාරය වළකාගන්නට තිබුණා. මේක සිදුවුණේ දේශපාලන බෙදීම්වලට වැඩකරන රා්‍ය නිලධාරින් නිසා. මෙම බුද්ධි තොරතුරු රජයට දැනුවත් නොකිරීම තමයි ලොකුම වැරැද්ද.. ජනාධිපතිට දැන්වූවා නම් ඔහු කැබිනට් එක දැනුවත් කර ක්‍රියාමාර්ග ගත යුතුයි. ඔවුන්ට ඕනෑ වුණේ බෝම්බ පිපිරීම රටේ ඡන්ද ගොඩ විපක්ෂයට වැඩිකර ගැනීමට විතරයි. ඔවුන් හිතුවේ නෑ මෙච්චර ලොකුවට වෙයි කියලා. ජනාධිපති දැනුවත් නම් ඔහු තමයි වගකියන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 1 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1280 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3054 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1231 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 210 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 1012 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site