IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් රිමාන්ඩ්

(කවිතා සුබසිංහ)

කඩවත පොලිස් ස්ථානයට අනුබද්ධ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනෙකු ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර වැඩ බලන මහේස්ත්‍රාත් රුසංකා සමරනායක මහත්මිය අද (23) වැනිදා නියම කළාය.

හපුආරච්චිලාගේ දොන් සසංක අකාශ් ලක්ෂාන් නොහොත් සුද්දා ,කරුණානායක පතිරණලාගේ කේෂාන් තාරක මධුවන්ත නොහොත් මංජු , හොදආරච්ච්පටබැදිගේ සදුන් ලක්ෂාන් , ජයසිංහ ආරච්චිගේ නිල්මිණි ප්‍රියදර්ශනී සහ ජයසිංහ මුදියංසේලාගේ සුදේශිකා සදනුවනි නැමැති සැකකරුවන් පිරිසක් මෙලෙස රිමාන්ඩ් ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන්  සසංක අකාශ් ලක්ෂාන් නොහොත් සුද්දා නැමත්තා , කේෂාන් තාරක මධුවන්ත නොහොත් මංජු  හා සදුන් ලක්ෂාන් යන අය ඉකුත් 21 වැනි දා අත්අඩංගුවට ගෙන 22 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු  රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී තිබූ  අතර පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 22 වැනිදා  නිල්මිණි ප්‍රියදර්ශනී සහ සුදේශිකා සදනුවනි යන සැකකාරියන් දෙපල අත්අඩංගුවට ගැනීමෙන් පසුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි සැකකරුවන්  තිදෙනා සමඟ 23 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණි.

නිල්මිණි ප්‍රියදර්ශනී සැකකාරිය මරණයට පත් වුපොලිස් නිලධාරියා සමඟ හොටල් කාමරයේ සිටියදී දෙවන සැකකාරිය වන සුදේශිකා සදනුවනි යන අයට නිල්මිණි ප්‍රියදර්ශනීට අයත් ජංගම දුරකතනයෙන් සුදේශිකා සදනුවනි යන අයට ඇමතුමක් දී හෝටලයට කෑම රැගෙන එන ලෙස උපදෙස් දී තිබේ.

සුදේශිකා සදනුවනි යතුරුපැදියකින් කෑම රැගෙන පැමිණි විට නිල්මිණි ප්‍රියදර්ශනී කෑම ගැනීමට හෝටලය අසල ප්‍රධාන පාරට ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා එවා ඇති අතර කෑම ලබා ගන්නවාත් සමඟම ත්‍රිවිල් රථයකින් පැමිණි පුද්ගලයින් හතරදෙනකු රාජපක්ෂ නිලධාරියාට පහර දී ත්‍රීරෝද රථයක දමාගෙන සඳනුවනි යන අයද පැමිණ යතුරුපැදියෙන් නිලධාරියාව පැහැරගෙන යන දෙසටම ගොස් තිබේ.

පැහැරගෙන යන අකාරය සීසීටීවි කැමරා දර්ශන වල සටහන් වී ඇති බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

කිරිබත්ගොඩ පොලිසිය මෘත දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණ කෙටි වෛද්‍ය වාර්තාවේ පිටපතක් ද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

සිද්ධිය ට අදාල තවත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවද කඩවත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

 



අදහස් (4)

පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් රිමාන්ඩ්

Chathuri Sunday, 23 February 2020 03:18 PM

ඔහුගේ රාජකාරිය මෙවැනි දේවල් නතර කිරීම මිසක් ඒවාට උල්පන්දම් දීලා කම්සැප ලබන එක නෙමේ.. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මත්ද්‍රව්‍ය විකුණු වරදට දඬුවම් ලබාදෙන්න. මෙවැනි පොලිස් නිලධාරීන් නැති වුණු එක හොඳයි... සමාජය යහමඟට ගන්න නම්...

:       206       403

raviSunday, 23 February 2020 05:35 PM

මනුස්සයෝ වැරදි කරනවා ... ඒත් කිසිකෙනෙකුට. නීතිය තම අතට අරගෙන වෙනත් කෙනෙක් ඝාතනය කිරීම මිනීමැරුමක්.

:       10       4

ChathuriMonday, 24 February 2020 03:42 AM

මෙතන වෙලා තියෙන්නේ වැරදි කරන අයට දඬුවම් දෙන තැනැත්තා මුළු පවුලක්ම වරදට පොළඹවා ගත්තු එක.. මේ වගේ අය වැරදි කරන කොට කොහොමද සිවිල් වැසියන් යහමගට ගන්නේ... අද ඔහු ජීවත් වෙලා හිටියා නම් කරපු වැරදි ඔප්පු වුණත් නීතියෙන් ඔහුට දඬුවම් ලැබෙයිද? නැහැ අද මේ වුණු දේ මේ අපරාධය කරපු අයටම ලැබෙයි. දෙවියන්ගෙන් ඔහුට දඬුවම් ලැබුණා..

:       1       146

Asanka Monday, 24 February 2020 07:16 AM

මේ වගේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් පඩි අරන්, පොලිස් වාහනයට තෙලුත් ගහගෙන ඒ ජනතාවට කුඩු පොවන අයට උදව්කරන, රැකවරණය දෙන ජඩ පොලිස් නිලධාරීන්ට මෙහෙම වුනාට මගේ නම් කිසිම දුකක් නැත. මේවා දිට්ටධම්මවේදනිය කර්ම. මේ වගේ තව ඕනා තරම් අය පොලිසියේ ඉන්නවා.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site