(නාලක සංජීව දහනායක)
කොළඹ නගරය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් ඒ සම්බන්දයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර හා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාට අද (24) ලිපියක් යොමුකර ඇත.
මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 4 වැනිදා සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබුණද ඒ පිළිබඳව තැකීමක් නොකළ පොලිස්පතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා දණ්ඩනීති සංග‍්‍රහයේ 296 හා 297 වගන්ති අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 21 වැනි වගන්තිය යටතේ සාපරාධි අපරාධයක් සිදුකර ඇති බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
COMMENTS
අපි නම් හිතුවේ මේ වෙනකොටත් අපේ බදු මුදල් වලින් වැටුප් ලබන මෙම මහජන සේවකයන් දෙදෙනාවම අත්අඩංගුවට අරගෙන ඇති කියලා.. බැලුවම තාම තෙපරබානවා... මොකද තමන්ගේ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීම, මහජනතාවගේ ජීවිත විනාශ කිරීමට අන්‍යාකාරයෙන් උදව් කිරීම නොහොත් අනියම් මිනීමැරීම්වලට සම්බන්ධවීම සහ තමන් උපන් මව්බිමට ද්‍රෝහිවීම නොහොත් දේශද්‍රෝහීන්වීම යන වැරදි කිරීම හේතුවෙන් මේ වනවිටත් මේ ගොයියෝ දෙන්නා කල්දේරම් බත් වේලක් වත් භුක්ති විඳින්න ඕනේ..
දැන් යවපු ලිපිය. තම අතට නොලැබුන බව අනිවාර්යෙන් කියනවා ඊට වැඩිය නරකද මොවුන් දෙදෙනා පළමුව අත්අඩංගුවට ගෙන පසුව දැනුම්දෙනවා අවශ්‍ය නම් , මේ වෙලාවේ සිදු වෙන්න ඕන නීතියට පටහැනිව නැතිව කාටත් ඕනවිදියට නෙමෙයි , නැවක කපිතාන් වරයෙකු මගින් ගෙන යනකොට ගිලෙන්න යනකොට ඔහු පළමුවෙන් ගොඩට ආවා ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුවා , එහෙම බලනකොට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න
හලෝ තනතුරු දෙද්දී ඊට නුසුදුසු පුද්ගලයින් පත්කර වැඩේ හරියට කරගන්න බැරි වුණාම ඔවුන්ට දඬුවම් කිරීම අසාධාරණයි නේද? එක්වරක් ආරක්ෂක ලේකම් වුනේ පන්තියේ යහළුවෙක්. එයා ජල සම්පාදන ජලප්‍රවාහන මණ්ඩලයේ හිටපු සභාපති... තනතුරු 2 අංශක 180 වෙනස්...
ඔවුන් පමණක් නෙමේ, අගමැති සහ ජනපතිත් ඉල්ලා අස්වෙන්න ඕනේ.. මොකද හරීන් ප්‍රනාන්දු කියන විදියට ඔවුන් මේක කල් තියා දැනන් හිටිය.. අගමැති දැනන් හිටියේ නැහැ කියන්න බැහැනේ.. ලෙඩ ඇඳේ ඉන්න හරීන්ගේ තාත්තත් දන්නවා නම්.. ඒ වගේම මේ බෝම්බකරුවන් බුදු පිළිම කඩපු වෙලාවේ අත්අඩංගුවට අරන් තියෙනවා.. ඔවුන්ව නිදහස් කරන්න කියලා දේශපාලනික වශයෙන් බලපෑම් කරපු දේශපලකයාව අත්අඩංගුවට ගන්න වහාම.. ඒ වගේම මේ මුස්ලිම් අන්තවාදයට උදව් කරපු සියලුම දේශපාලකයින්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න..
මා වසන ඉතාලියේ නම් මේ දෙදෙනාට දැනටමත් මිනීමැරුම් චෝදනා මත අත්අඩංගුවට අරන්...
පොලිස්පති තුමා මේ කාරණාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. බස්නාහිර පළාත් භාරව ඉන්න කෙනාට හා අදාළ අනිකුත් නිලධාරීන්ට නියෝග ලබාදී ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් දුටුවා. එ්ක එහෙම නම් අැයි මේ හොඳ බෞද්ධ සිංහල මහත්තයෙක්යැ මෙහෙම ලියන්නේ ...?
අනේ අපේ ලොක්කට කොන්දක් තියනවනම් මුන් දෙන්නා ඇත අඩංගුවට ගන්න ???
හරියට රාජකාරිය කරන්න ඉඩදීලා දේශපාලකයෝ ටික පැත්තකටවෙලා ඉන්න........ සේරටම කලින් මේවා දැනගෙන නොදන්නවා වගේ හිටපු පිරිස හිරේ දාන්න...
කරනවානම් හොද වැඩක් ......
පොලිස්පතිටනම් තව වැරදීමක් වුණා කියලවත් කියන්න පුළුවන්. මොකද ඔහු පහළ නිලධාරීන්ට ලියුම් හරි යවල තිබුණ. එත් අර අනිත් හාදයනම් ගන්නම දෙයක් නැහැ.
කවදාවත් වෙයි කියල හිතාගන්න බෑ....
පොලිස්පතිට රාජකාරි නිවැරදිව කරන්න කීප විටන් ඉඩ දුන්නේ නෑ...... අපි ඒ සියල්ල දුටුවා දේශපාලකයෝ තමයි මේ සියල්ලට වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරින් මේවට පාලි නැ..
පොලිස්පති එයාගේ රාජකාරිය ඉටුකරලා තියෙන්නේ .