IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවතට


 
(රේඛා තරංගනී ෆොන්සේකා)                 

බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති විශේෂිත පූජා නගර ආශ්‍රිතව සිදු කෙරෙන පොලිතීන් මල් මාලා නිෂ්පාදනය තහනම් කිරිමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

එම පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් කිරීමේ මුල් පියවර ලෙසත් ඒ සඳහා ආදේශකයක් ලෙස පරිසර හිතකාමී මල් මාලා සහ තෙල් කඩදාසි වලින් නිමවන මල් මාලා හඳුන්වාදීමටත් මාර්තු මස 22 දා සිට පියවර ගනු ලබන බව ඔහු කීවේය. 

ඔහු මේ බව පැවසුවේ අද (4) බත්තරමුල්ල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ දීය.

බෙල්ලන්විල,කැළණිය,කතරගම,රත්නපුර සමන් දේවාලය වැනි විශේෂිත පූජා භූමි ආශ්‍රිතව මෙන්ම කුඩා දේවාල වලින් දිනපතා ඉවතලන ප්ලෘස්ටික් මල්මාල  වාර්ෂිකව විශාල පරිසර හානියකට මග පාදමින්  ගංගා ආශ්‍රිත කලාපවල විශාල ගැටලු ඇති කර ඇති බවද ඒ මහතා පැවසීය.

මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ආරාධනයෙන්  ජාතික ශිල්ප සභාව හා එක්ව විශේෂිතව හඳුනාගත් ප්‍රදේශයන් හී තෙල් කඩදාසි මල්මාලා සැකසීම පිළිබඳ මල්කරුවන් දැනුවත් කිරීමේ වැඩමුලු සංවිධානය කර එකී පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවෙන පොලිතීන් භාවිතය අවම කිරීමේ ව්‍යාපෘති වල තවත් එක් අංගයක් ලෙස පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවත් කෙරෙන බව ඒ මහතා පැවසීය.



අදහස් (4)

පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවතට

මනොජ් Thursday, 04 March 2021 02:44 PM

මල් මාලා නෙමෙයි, පුලුවන් නම් මිනිස්සුගේ ඔලු කන ඔය දේවාල ටික තහනම් කරන්න..

:       3       11

Dilshad Thursday, 04 March 2021 04:11 PM

දෙවියෝ තරහවෙලා... සුනාමි, සුළිසුළං ඒවයි.

:       2       1

banda Thursday, 04 March 2021 09:55 PM

කරුණාකරලා මේ දේවාල ටික අයින් කරනකම් ලංකාවට වගතුවක් වෙන්නේ නැහැ.

:       1       0

KADR JAYAWARDANA Friday, 05 March 2021 11:32 AM

ඔයිට වඩා මේ රටේ කරන්න දේවල් නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site