
(ටෝනි කරුණානායක)
වත්තකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 120 ක් වටිනා පොල් ගෙඩියක් සොරා ගැනිමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ, මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (19) නියම කළේය.
මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුට මෙසේ ඇප නියම කෙරිණි.
වතු හිමියා තමන්ගේ දරුවකුද සමගින් කිසියම් ගමනක් ගොස් නැවත නිවසට පැමිණීමේදී සැකකරු වත්තේ සිට දිවයන ආකාරය දැක තිබේ. පසුව ඔහු අල්ලාගත් වතු හිමියා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදී තිබේ. පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
නැවත මාර්තු මස 18 දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ මනුෂ්‍යයාට තිබුණේ මහ බැංකුව කොල්ල කන්න.. එහෙම වුණා නම් විනිසුරුවරු පෝලිමේ එයි නිදහස් කරන්න.
ඔන්න නඩු... මහබැංකුව කඩපු අයට සැපයි. මේ වගේ නම් වෙන කොහේවත් නැහැ.. පුදුම රටක්.
සමහරවිට මේ මනුස්සයාට අවුරුදු 20ක සිරදඬුවමක් ලැබෙන්න බැරිකමකුත් නැහැ.
අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය හදලා තියෙන්නේ යටත් විජිත යුගයේ...
රන්ජන් කිව්වේ ඇත්ත කියලා හිතෙන්නේ මේවා දකිනකොට....
මේ ප්‍රවෘත්ති ආරංචි වෙලා අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු රවී කරුණානායකලා බය වෙලා ඇති. ඔන්න ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන්න පටන්ගත්තා.
ඊ.ඒ.පී. පවුලේ අයට දුන්න ඇපයේ ගාණමයි.
එහෙනම් බිලියන් ගණන් වංචා කළා කියන අයට කොහොමද?
අපරාදේ... පොල්ගෙඩිය සොරකම් කලේ...!!! දැන් ලෝයර්ට 500ක් අඩුම එක නඩුවාරයකදී ගෙවන්න වෙනවා. අද 500ට පොල්ගෙඩි 4ක් ගන්න පුළුවන්නම් එවිට බලනකොට අපරාධයක් පොල්ගෙඩියක් කඩලා කරගෙන තියෙන්නේ... අනික මහබැංකු කොල්ලය කළ අයට ෆුට්නොට් කල්ලියට ඕක දැක්කම නියමයි වගේ ඇති
එක රටක්...!!! එක් නීතියක්..!!!
මේ මිනිහාට ලක්ෂයක් නොව රුපියල් සීයක්වත් තිබුණා නම් හොරකම් කරාවිද?
රන්ජන් ඔබ හරි... කලු කෝට් කාරයින් ගැන අපි දන්නවා.
මහ පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරපු බලපුලුවන්කාරයෝ එළියේ, නිදහසේ, නිදැල්ලේ... නීතිය කාටත් පොදුලු...!!
කොච්චර කුරුම්බැට්ටි නම් රිළවුන්, දඬුලේනුන් කාලා විනාශ කරනවාද? ඒකට කවුද නඩු දාන්නේ?
ඉහත සමච්චල් ප්‍රතිචාර දක්වා ඇති අය තමන්ට ඔවැනි සිද්ධියකට මුහුණ දීමට සිදු වුණා නම් දඬුවම් දීම අනුමත කරාවි. පොල් ගෙඩියක් රුපියල් 100ට වැඩිබව අමතක කරන්න එපා...
මනුතාපය (les miserables) කතාවේ බඩගින්නේ සිටි පවුලේ අයට කන්න දෙන්න පාන් ගෙඩියක් හොරකම් කළාම අවුරුදු 20ක් හිරේට දැම්මලු. මම හිතුවේ ඒ වගේ දේවල් සිද්ද වුණු කාලේ ඉවරයි කියලා.
අනේ මෙහෙම ලංකාවක්....
මෙහෙව් රටක් ලෝකේ කොහේවත් නැත. කිසි කෙනෙකුට අපහාසයක් නොම වේවා...!!!
අයියෝ රුපියල් 120 ට ඇප ලක්ෂයයි. කෝටි 120 ට ඇපය බන්ධනාගාර රෝහල...!
මේක හරියට විකාරරූපී නාට්‍යයක් වගේ..!!! කවුද ජෝකර් වෙලා ඉන්නේ? පොලිසියද, පැමිණිලි කාරයාද? අධිකරණයද? එහෙමත් නැතිනම් හොරාද? අම්මපා මේ අයට කරන්න වෙන වැඩක් නැද්ද?
රන්ජන් ඔබ ශ්‍රේෂ්ඨයෙකි. ඔබ පැවසූ සත්‍යය දැන් ඔප්පු වෙනවා.
පොල්ගෙඩිය ගෙනියපු මනුස්සයාව පොලීසියට අල්ලලා දීපු වතු අයිතිකාරයා කව්ද කියලා දැනගන්න කැමතියි.
අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායකලා දැන් හොඳටම බය වෙලා ඇති... ඔන්න ආණ්ඩුව හොරුන්ට දඬුවම් දෙන්න පටන්ගත්තා...
ලක්ෂ 10ක වත් ශරීර ඇපයක් එක්ක මුදලිනුත් ලක්ෂ 5ක්වත් ඇප තියන්න කියලා නියෝග කරන්නයි තිබ්බේ... පොල්ගෙඩි හොරකම් කරන්නේ එහෙම ලේසි පහසු සල්ලි තියෙන මිනිස්සු නෙමෙයිනේ...
රන්ජන් මන්ත්‍රීවරයා කිව්ව දේවල් බොරු නෙවෙයි.
සාමයක් කොහෙද මේ රටේ පොල් ගෙඩියටත් මිනිස්සුන්ට මෙහෙම කරනවා නම්...? පොඩි මිනිහාට තමයි මේ සේරම. රන්ජන් හරි...
හොරකමට ලොකු පොඩි නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනිත් හොරුන්ට දඬුවම් නොදීපු අධිකරණයේ තියෙන හිල්... අහුවුනේ පොල් ගෙඩියක් අතේ තියාගෙන වුණාට, පොල්වතු හිමියන්ගේ සේසතම හොරකම් කරන පොල් හොරුත් ඉන්නවා. මේ ඒවගේ කෙනෙක් වෙන්නත් පුළුවනි... මොනවා වුණත් රන්ජන් හරි..!!!
මේවා දකිද්දී කොහොමද ඉතින් කට පියාගෙන ඉන්නේ?
මේවා වෙන්න ඕනෑ දේවල්. අපි රජයේ රැකියාවලට යන අය. දවල්ට ගෙදර කවුරුවත් නෑ. ඉතින් වත්තේ තියන පොල් ගහේ දෙකේ ගෙඩිටික, අඹ ගෙඩිටික, දෙල් ගෙඩිය එක එක්කෙනා කඩා ගන්නවා. පැමිණිලි කරන්න ගියාම පොල් ගෙඩියටත් පොලිසි යනවා කියලා නින්දා කරනවා. වත්තක ගසක් වවන්නවත් හිත දෙන්නේ නෑ. පොලිසිය මෙතනදී හරියට රාජකාරිය කරලා තියනවා. ස්තුතියි ඒ ගැන...
පොල් ගෙඩි 100කට සල්ලි දෙන්නම්... නඩුව අස්කර ගන්න කැමැති නම්..
බිලියන 10ක විතර සීනි හොරකම් කළා නම් මේ දඬුවම් නැහැනේ...
ආවේ හොර කමට. ඒත් අතේ තිබුණේ පොල් ගෙඩියයි. හොඳ වැඩ්ඩෙක්...
මානවවාදී රංජන්ට අපේ ප්‍රණාමය..!!!
එක රටක නීතිය කාටත් පොදුයිලු...
පළමුව මෙම කමෙන්ට් දැක අප රටේ මිනිසුන්ගේ විචාර බුද්ධිය ගැන අතිශයින් කම්පා වෙමි. මෙයට අදාළ චූදිතයා කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක කෙනෙකු පමණි. මමත් මාගේ පුතුත් ජාතික අත්‍යාවශ්‍ය සේවාවන් දෙකක සේවය කරන අය වෙමු. මෙම අපරාධ කරුවන් අප නිවසින් බැහැර වන තෙක්, අප නිවාස ඉදිරිපිට කඩයේ සිට ඔත්තු බලා වත්තට ඇතුළු වී, පොල්, තැඹිලි, කොස් දෙල්, කෙසෙල්, අඹ, රඹුටන් කාලෙට රඹුටන්, අලිපේර, කඩා ගෝනි වල දමාගෙන ගොස් විකුණා තිතට මත් වී සැනසෙන අය වෙති. මෙය මා හට පමණක් නොව අනෙකුත් ග්‍රාමවාසීන්ටද තිබෙන ප්‍රශ්නයකි. ඉන්පසු, කඩපිල්වල, පොලිසියේ මහත්වරුන් සමග ඇති සබඳතා ගැන පුරසාරම් දොඩවති. එවිට ගැමියෝ පොලිසි යාමට බිය වෙති. මමත් මා පුතුත් මේවාට බිය නැති වුවත් අපිට මොවුන් අල්ලාගැනීමට නොහැකිව සිටි බව කියනු කැමැත්තෙමි. එසේ වූයේ අපගේ රාජකාරි නිසා කාර්යබහුල ජීවිත වල රසවිඳින බැවිනි.
වෙනකක් තබා නිවාඩු දිනයක වත්තේ වැඩ කර ආයුධ එළියේ තබා තේ පානය කර එනවිට ආයුධ නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී මගේ පියා නිවසේ සිටි කාලයේ මෙම පුද්ගලයාම අසුවී සමාව දී යවා ඇත. තව දුරටත් සමාව දීමට අප සූදානම් නැත. මිනිසුන් යහ මාර්ගයේ යන්නට සූදානම් නම් ඕනෑම කැපකිරීමක් කළහැකිය. මොවුන්ට සමාව දීම අපරාධ කරුවන් දිරිමත් කිරීමකි. අහිංසක අසරණයකු යමක් ඉල්ලූවිට නොදෙන අය මේ ගැමියන් අතර නැති තරම්ය. මෙය චණ්ඩිකම හා බලපුළුවන් කාරකම පෙන්වීමකි. ඒවාට ඉඩදීමට තරම් නිවටුන් නොවෙන බවත්... නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ගෞරවය අපේක්ෂා කරන පුරවැසියන් බවත් අප මෙයින් ප්‍රකාශ කරමි. පොලිස් නිලධාරින් ඉදිරියේ අහිංසක දුගියන් ලෙස රඟපා ඔවුන්ගේ මානුෂික අනුකම්පාව ලබාගෙන පැමිණ පුරසාරම් කියා ගැමියන් බියකර පොලිසි ගියාට වැඩක් නැත. නිලධාරින් මොවුන්ගේ සාක්කුවේය. යන ආකල්පය ගැමියන් අතර ඇති කර මොවුන්ගේ ක්‍රියාකාරකම් ජයටම කරගෙන යාම පුරුද්දයි. මෙවර මමත් මාගේ පුතණුවනුත් නිත්‍යානුකූලව නවත්වන්නට ක්‍රියාකරන බව සපථ කරමි. නැතිනම් තවත් පාතාල කණ්ඩායමක් ආරම්භ වනබව අත්දැකීමෙන් දනිමු.
මෙතනටත් දේශපාලනේ අරන් ඇවිත් දඟලන්නේ නැතිව වින්දිතයාගේ පැත්තෙනුත් බලන්න. ගෝනි ගණන් කඩාගෙන යන හොරු තුන් කට්ටුවක කෙනෙක් පමණයි අසු වූයේ. මහබැංකුවේ ප්‍රශ්නය ඇති කළේද ඔබ පත්කළ අයයි. ඔවුන් අල්ලන්නේ නැතිව ඉන්නේද ඔබ පත්කළ අයයි. කුඩා සොරුන් යයි කියා අනුකම්පාකර එම සොරුන් වර්ධනය වී පාතාලයන් දක්වා වර්ධනය වන්න සලසන්නේද ඔබලා වැනි අයයි. ඔබලාටත් මෙය තේරුම් යන්නේ ඔබගේ දොරකඩට සොරුන් පැමිණි විටයි...
මේවා වෙන්න ඕනෑ දේවල්. අපි රජයේ රැකියාවලට යන අය. දවල්ට ගෙදර කවුරුවත් නෑ. ඉතින් වත්තේ තියන පොල් ගහේ දෙකේ ගෙඩිටික, අඹ ගෙඩිටික, දෙල් ගෙඩිය එක එක්කෙනා කඩා ගන්නවා. පැමිණිලි කරන්න ගියාම පොල් ගෙඩියටත් පොලිසි යනවා කියලා නින්දා කරනවා. වත්තක ගසක් වවන්නවත් හිත දෙන්නේ නෑ. පොලිසිය මෙතනදී හරියට රාජකාරිය කරලා තියනවා. ස්තුතියි ඒ ගැන...