
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
පානදුර පිංවත්ත මුහුදු වෙරලේ දී පෙම්වතා ඉදිරි පිටදීම පෙම්වතිය දූෂණය කිරීම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා වාද්දුව උතුරු තල්පිටිය ප්‍රදේශයේ දී අද ( 02) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි .
සැකකරු සන්තකයේ තිබී උල් පිහි දෙකක් සහ ජීව අත් බොම්බයක් පොලිස් භාරයට ගෙන ඇත .
ඉකුත් සිකුරාදා (31) 17 හැවිරිදි පෙම්වතුන් යුවළක් පානදුර මුහුදු වෙරලේ ගල් පර අතර පෙම් සුව විදිමින් සිටිය දී ඔවුන් වෙත උල් පිහියක් රැගෙන පැමිණ තිබූ සැකකරු පළමුව තර්ජනය කර මුදල් ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි .
අනතුරුව පෙම්වතාට උල්පිහිය එල්ල කර මරණීය තර්ජනය කර ඔහු ඉදිරි පිටදීම පෙම්වතිය දූෂණය කර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව වාද්දුව උතුරු තල් පිටිය ප්‍රදේශයේ කැලෑවක සැකකරු සැගවී සිටින බවට පානදුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු පොලිස් නිලධාරීන් වෙත උල් පිහිය එල්ල කර තර්ජනය කර පලා යාමට තැත් කිරීමේ දී අවම බලය පාවිච්චිය කරමින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
මෙවන් තිරිසනුන්ට අපගේ මාතෘබුමියේ තවදුරටත් ජීවත්වීමට කිසිදු අයිතියක් නොමැති බව අප තරයේ විශ්වාස කරන්නෙමු.. එබැවින් අවම බලය යොදාම මරා දැමිය යුතුයි යන්න අපගේ අදහසයි.. මක්නිසාදයත් නීතිය ඉදිරියේ මෙවන් අවජාතක බල්ලන් ගෙනයාමේදී "මුදල් වෙනුවෙන්ම පෙනී සිටින ගම් කබරයන් " අනේකවිධ බේගල් ඇදබා මෙම මුර්ගයාව නිදහස් කරගැනුමට කටයුතු කරනු ඇති නිසාවෙනි.
අපරාදේ වෙඩි තියලා දාන්නයි තිබුණේ... මේ අයව මැරුවාට කිසිඳු පවක් නැහැ.
ලංකාවේ ආරක්ෂාවක් නැත්තෙම නීතිගරුක මිනිසුන්. එහෙව් රටකට රජයක්, පොලිසියක්, උසාවියක් මොකටද?
අවම බලය හරියට පාවිච්චිවෙලා නැහැවගෙයි! ඔය වගේ පාදඩයින්ට
තරුණ පෙම්වතුන්ගෙන් කප්පම් ගැනීම්, අඩන්තේට්ටම්, සහ මෙවැනි සිදුවීම් බහුලයි. ඒත් මේවා සඟවන් ඉන්න සමාජයට මුහුණ දෙන්න ඕනෑ නිසා ... පෙම්වතුන් පරිස්සමින් ආරක්ෂිතව හමුවීමට වගබලාගන්න. තමන්ගේ දරුවන් ගැන මීට වඩා සෙවීමට දෙමව්පියන් කටයුතු කළ යුතුයි.