IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙම්වතාගේ උපන් දිනය සමරා සිසුවිය අරක්කු බාගයක් බීලා

 

(*** උණවටුන ඩී.ජී. සූගතපාල)

සිය පෙම්වතාගේ උපන් දිනය වෙනුවෙන් ගාලු කොටු පවුර උඩදී අරක්කු බාගයක් පානය කළ උසස් පෙළ සිසුවියක මත්වීමෙන් පසු ගාල්ල කොටුව සංචාරක පොලිසිය මැදිහත්වීමෙන් පෙරේදා (14) සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරීන් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී මෙම සිසුවිය ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටිනු දැක සොයා බැලීමේදී පෙම්වතාගේ උපන් දිනය සැමරීමට අරක්කු භාගයක් බීමෙන් පසු මත්වී සිටීම හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමට ක්‍රියා කළ බව පොලිසිය කියයි.

තම උපකාරක පන්තියට ගෙවීම සඳහා නිවසින් ලබාදුන් රුපියල් දාහකින් පෙම්වතියගේ ඉල්ලීම මත අරක්කු භාගයක් ගෙන ඇයට දුන් බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී පෙම්වතා වන උසස් පෙළ සිසුවා ප්‍රකාශ කළ බව පොලිසිය කීය.

මෙහිදී තමා මත්පැන් පානය නොකළ බව පෙම්වතා පැවසූ බවද පොලිසිය කියයි.

ගාල්ල කොටුව සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත මහතාට සිද්ධිය සැලවීමත් සමඟ වහාම එම ස්ථානයට පැමිණ සුව සැරිය ගිලන් රථය එම ස්ථානයට ගෙන්වා ගත් බව පොලිසිය කීය.

මත්පැන් වී වෙරි වූ ඇය ගිලන් රථයෙන් ගෙන යාමට එහි සේවකයන් අකැමැතිවීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දැනුවත් කොට මෙම සිසුවිය රෝහලට පිටත් කළ බව ගාල්ල කොටුව සංචාරක පොලිසිය කියයි.

මෙම සිසුවියගේ පෙම්වතා බව කියන සිසුවා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇත.

මෙම සිසුවියෙග් මව්පියන් ගාල්ල පොලිසියට කැඳවා ප්‍රකාශයක්  ලබාගෙන අවවාද කළ බව පොලිසිය කියයි.



අදහස් (10)

පෙම්වතාගේ උපන් දිනය සමරා සිසුවිය අරක්කු බාගයක් බීලා

විජේ Wednesday, 16 September 2020 06:55 AM

අනේ මගේ නෝනටත් මෙහෙම හිතියං

:       14       142

චතුර Wednesday, 16 September 2020 06:59 AM

හිනාකාලා පණ යනවා අප්පා. එක අතකින් දුකත් හිතෙනවා රටේ අනාගතය ගැන.

:       29       115

priyantha Wednesday, 16 September 2020 07:16 AM

මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.

:       18       65

thakshila Wednesday, 16 September 2020 07:33 AM

ලංකාවේ අයට මැජික් ඉතින්

:       271       103

fairoos Wednesday, 16 September 2020 08:13 AM

ඇයි සුවසැරියෙන් එවලා තියෙන්නේ..? ත්‍රීවීල් එකක දාලා එවන්න තිබ්බේ.

:       5       31

Nandalal DE SILVA -FranceWednesday, 16 September 2020 08:39 AM

පිස්සුද? එහෙම වුණා නම් මේ ගෑණු ළමයා ත්‍රීවීල් රියදුරාට ඉතිරි බාගෙ පොවලා පාරෙ හැප්පෙන්නත් තිබුණා. කෙල්ලන්ටත් හිතෙන දේවල්..

:       0       44

Pathum Wednesday, 16 September 2020 09:29 AM

ඕක ටික ටික බොන්න එපෑයැ...

:       2       116

Aniruddha Wednesday, 16 September 2020 01:25 PM

මේ කතාව මෙහෙම වෙන්නත් පුළුවන්. කොල්ලා කෙල්ලට පෙව්වාද දන්නේ නැහැ.

:       0       11

බද්රානි Wednesday, 16 September 2020 02:31 PM

අපරාදේ ගංජා බොන්නේ නැතිව මොකට අරක්කු බිව්වද මන්දා? අනික ඉතින් අපේ දේශප්‍රේමී හයිය නැති කරලා තියෙන්නෙත් සුද්දෝ ගංජා තහනම් කරලා කියලනේ දැන් අපේ දොස්තර මහත්තුරු (රටේ වෙදාලා) කියන්නේත් .

:       1       21

දීමන්ත Thursday, 17 September 2020 04:47 AM

මානසික ලෙඩෙක් ද?.කොහෙද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site