(ලසන්ත නිරෝෂණ පෙරේරා )                           
 
කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිව්දෙනෙකු තියුණු ආයුද වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගව් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අද ( 02) වනදා අත් අඩංගුවට ගනු ලැබිය .       
 
රත්නපුර සහකාර පොලිස් අධිකාරි අතුල කුමාර මහතා ව්සින් පැල්මඩුල්ල පොලිසියේ පොලිස් පරික්ශක සම්පත් අබේවික්‍රම මහතා ට ලබාදුන් නියෝග ය අනුව මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන කහවත්ත පොලිසිය වෙත වැඩිදුර පරික්ෂණ සදහා භාරදී තිබේ .       
                                             
උඩවලව ප්‍රදේශයේ කෙසෙල් වත්තක සැකකරුවන් තිදෙනෙකු සැගව් සිටි බවද අනෙක් සැකකරු කොළඹ ප්‍රදේශයේ සිටි බවද පොලිසිය පවසයි . 
 
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තුවාලකරුවන්ගේ නෑදෑයින් උද්ගෝසනයක් කිරිමටද සුදානම් වු අතර පසුව රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයා ව්සින් එම නෑදෑයින් වෙත දැනුම් දුන්නේ කඩිනමින් සැකකරුවන් අත් අඩංගුවට ගනු ලබන බවයි. සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය