IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුත්තලම ප්‍රා සබේ විපක්ෂ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

(එච්. චන්දන)

 
පුද්ගලයකු පැහැරගෙන  ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධව  පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී ලබන  02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ  පුත්තලම අට්ටවිල්ලුව - බෝධිරාජපුර පදිංචි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ රදික සංජීව යන අයයි.
 
විපක්ෂ නායකවරයාගේ  වැඩිමල් සොයුරියකුගේ නිවසට ගොස් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව, පුත්තලම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ  රියදුරකු මෙලෙස පැහැරගෙන ගොස් පහර දී තිබුණි.
 
විපක්ෂ මන්ත්‍රී පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 
 
විපක්ෂ මන්ත්‍රී පහර කෑ  රියදුරු  පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර  ලබා පිටව ගොස් ඇත.
 
සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

පුත්තලම ප්‍රා සබේ විපක්ෂ මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site