(ටී.එල්.ජවුෆර් ඛාන්)
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පෙබරවාරි 6 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු අයි.එම්.ඉසඩීන් මහතා අද (8) නියෝග කළේය.
මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධව පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
නඩුව අද කැඳවූ අවස්ථාවේ දී පිල්ලෙයාන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියම කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. කොහෙද අප්පේ මෙච්චර කල් හිටියේ? අර කවුද කමෙන්ට් එකක කියලා තිබුණා වගේ පොඩ්ඩක් ඉන්නකෝ... තවම රාජිත, චම්පික, රන්ජන්, සරණ එහෙම කරලියේ ඉන්නවනේ. අපට මේ එක එක නළුවන් දම්මලා හාල්මිල, එළවලුමිල අමතක කරවන්නමනේ හදන්නේ...
ඒ කියන්නේ මෙයාට අනිවා පෙබරවාරි 06 ඇප ලැබෙනවා. අර ඒ කාලේ කේ.පී. කියලා කෙනෙක් එහෙමත් හිටියා නේද? ඒ මනුස්සයාත් හිරේද ඉන්නේ? මට මතක නෑ.
මෙයා ගැන දුරකතන සාකච්ඡා එහෙම කරපු කෙනෙක් ගැන හෝඩුවාවක් තවම ලැබිලා නැද්ද ?
යුද්ධයේදී එජාපයින්ට වැඩිය සිංහලයින්ට උදව් කළ පුද්ගලයෙක්.. කණගාටුයි ඔබ ගැන එ්ත්... මේක පුද්ගලික කේස්එකක් නේ අපි මොනවා කරන්නද?