IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

(විනීතා එම්. ගමගේ)
 
පෞද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඇතිව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ඇති ඉඩකඩ අහුරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
 
මැතිවරණ සදහා ඉදිරිපත් වන පක්ෂ අතරින් බහුතරයක් පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත තරග කරන බව පසුගිය ජනාධිපතිවරණයේ දී මැනැවින් තහවුරු වූ බැවින් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ දී විශේෂ නිර්නායක හඳුන්වා දෙන්නැයි ද එම සංවිධානය ඉල්ලීමක් කරයි.
 
ශ‍්‍රී ලංකාව තුළ දේශපාලන පක්ෂ 70 ක් දැනටමත් ලියාපදිංචි වී ඇති අතර ඉන් මැතිවරණ සඳහා  ඉදිරිපත් වන්නේ අඩකට මදක් වැඩි ප‍්‍රමාණයකි.
 
එමෙන්ම මෙම පක්ෂවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මහජන පදනමක් නොමැති බවද, මැතිවරණ ඉතිහාසය දෙස බැලිමේදී පෙනී යන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
 
මේ වන විට දේශපාලන පක්ෂයක් තමන් සතුව තීබීම විශාල ආයෝජනයක් ලෙසත් විවිධ ප‍්‍රතිලාභ ගෙන දෙන කප් රුකක් ලෙසත්, සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇතැයි පෙන්වා දෙන හෙට්ටිආරච්චි මහතා  එමෙන්ම පසු ගිය කාලය තුළ දේශපාලන පක්ෂ විශාල මුදල් ප‍්‍රමාණයකට විකිණෙන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ පවා නිකුත්වී යැයි ද පවසයි.  
 
කිසියම් මතවාදයක් හා ජන පදනමක් සහිත පිරිසකට තම දේශපාලන මතය නියෝජනය සදහා අවශ්‍ය සුදුසුකම් සපුරන්නේ නම් පක්ෂයක් ලෙස ලියාපදිංචියට ඉඩකඩ තිබිය යුතු වුවද ව්‍යාපාරික හෝ වෙනත් පෞද්ගලික අපේක්ෂා මත ඉදිරිපත් වන අයදුම් පත් අධෛර්යමත් කළ යුතු යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. 
 
එම නිර්නායක සකස් කිරීමේ දී වාර්ගික හා ආගමික වශයෙන් ඉදිරිපත් වන අයදුම්පත් හැකි තරම් අධෛර්යමත් කරන ලෙස යෝජනා කළ බව ද කීය.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 6ක තීරණ ගන්නා මණ්ඩලවල එකදු කාන්තාවක්වත් නොමැති බවත් 2009 අංක 58 දරණ සංශෝධන අනුව එක් කාන්තා නිලධාරියෙකු අනිවාර්යය කර ඇතත් අවම වශයෙන් 30 ප‍්‍රමාණයක්වත් කාන්තා නියෝජනය සඳහා ලබා දීමට ඔවුන් දිරිමත් කරන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම සඳහන් කළේය. 
 
දැනට ක‍්‍රියාත්මක පක්ෂ සමහරක් එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු මත පදනම් වන බැවින් ඉදිරියේ ලියාපදිංචි වන පක්ෂ වල විධායක මණ්ඩල සදහා අවම වශයෙන් දස දෙනෙකුවත් සිටිය යුතු බවට නිර්ණායක ඇතුළත් කරන ලෙස ද යෝජනා කර ඇති බවත් පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටලූවක් සමාජය තුළ මතුව ඇති බැවින් අලූතින් ලියාපදිංචි කරන පක්ෂ වල හෝ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකෙන ආකාරයේ යාන්ත‍්‍රණයක් ඇති කිරිම සදහා ලියාපදිංචියේදීම ඒ සදහා සුදුසු ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවද කියාසිටියේය.
 
ලංකා දේශපාලනයේ තරුණයන් සදහා ඇති ඉඩකඩ අවම මට්ටමක බැවින් පක්ෂ නිලධාරි මණ්ඩල සදහා තරුණයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇතුල් කිරිම සඳහා ඔවුන් පෙළඹවිය යුතු බවත් තරුණයින් සදහා දේශපාලන ක‍්‍රියාවලිය තුල ඉඩ ප‍්‍රස්ථා ලබාදීම තරුණ අසහන කමිටු වාර්ථාවේ නිර්දේශයක් බැවින්ද ඒ පිළිබඳව ප‍්‍රමාණවත් අවධානයක් යොමුකළ යුතු යැයි ද පැෆරල් සංවිධානය යෝජනා කර ඇත.  
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් දේශපාලන පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කරන බැවින් සහ අනවශ්‍ය ලෙස දේශපාලන පක්ෂ ලියාපදිංචි වීම ඉහළ යාම හරහා එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබැ අර්ථයට හානිවිය හැකි බැවින් හැකිතාක්  පක්ෂ ලියාපදිංචිය අවම කරන ලෙසද ඔවුන් යෝජනා කර ඇත. 
 
එමෙන්ම දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සියල්ලද සක‍්‍රීය දේශපාලනයේ නොයෙදෙන බැවින් වාර්ෂිකව එම පක්ෂ වල ක‍්‍රියාකාරිත්වය අධ්‍යනය කර සක‍්‍රිය නොවන පක්ෂ ඉවත් කිරිම සදහා ක‍්‍රමවේදයක් සකසන ලෙසත් යෝජනා කළ බවත් හෙතෙම කියා සිටියේය.     



අදහස් (1)

පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසමට ඉල්ලීමක්

widura Monday, 27 January 2020 12:40 PM

අදාල ඇපමුදල් ප්‍රමාණය මිලියන 20 පමණ ඉහළට..., 3% සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් නොගිනිය හැකි වුවහොත්, අදාල අැප මුදල් රාජ සන්තක කර, වසර 10.. පක්ෂ තහනමක් පනවී නම්, මෙය අඩුකර ගත හැකි වේවි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site