
2019 වසර සඳහා වූ අයවැය අද (5) පස්වරු 2.00ට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
මෙම වසර සඳහා වූ අය වැය පසුගිය නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද හදිසියේ ඇතිවූ ආණ්ඩු වෙනස නිසා එය සිදු කිරීමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂය කියයි.
ඒ අනුව වසරේ මුල් මාස කිහිපයක සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීම සිදු විය.
(සබැඳි පුවත්)
COMMENTS
බොරු සහන මල්ල දිහා කට ඇරන් බලා ඉන්න ලක්ශ 62 ගැන මතක් වෙද්දි මට නම් හිනාව නවත්තගන්නත් බැහැ.
වෙනස සැපද ?
ගොවියාට සහන නැ ගොවි විශ්‍රාම වැටුප රුපියල් 1200. දේශීයත්වයට මුල්තැන කොහොමද
සහන මල්ල මේකද
මඩු පල්ලියේ පුරාණය -නලින් ද සිල්වා- මඩු පල්ලියේ ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු අමරසේන ගමගේ නම් මහතකු විසින් ලියන ලද ලිපියක අඩංගු වෙයි. අදාළ ලිපිය අන්තර්ජාලයේ ඇත. පහත සඳහන් වන්නේ ඒ ලිපියෙහි ඇතුළත් කරුණු කිහිපයකි. 1911 සංගණන වාර්තාව සංස්‌කරණය කළ ඩෙන්හම් මහතා යාපනයේ කතෝලික බිෂොප්වරයාගෙන් ලබාගත් තොරතුරු මත ඒ මහතා ලියා ඇති කරුණු හා ඉංගිරිසි සිවිල් සේවකයකු වූ ලීවර්ස් මහතා උතුරු මැද පළාත පිළිබඳ අත්පොතක ලියා ඇති කරුණු මත ගමගේ මහතාගේ ලිපිය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත. යාපනයේ බිෂොප්වරයා මඩු පල්ලිය පිහිටි තැන පත්තිනි දේවාලයක් තිබූ බව වසන්කිරීමට සූදානම් වී ඇති නමුත් ඩෙන්හම් මහතා ඉන් මුළා වී නැත. මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජුලි මාසයේ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසිනි. එහෙත් එකල මඩු පල්ලියක් තිබී නැත. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දීය. 1870 මඩු මංගල්‍යය කිනම් පදනමක් මත පටන්ගැනී දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ වන විට ඒ ප්‍රදේශයේ කතෝලිකයන් කිහිප දෙනකු සිටින්නට ඇත. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය කතෝලික කිරීම සඳහා මංගල්‍යය අරඹන්නට ඇත.
හොඳට හිතලා හදපු එකක් සේරම ගෙදර යන එක අනිවාර්යයි
සිගරට් මිල වැඩි කළා කියලා බොන එකක් නැහැ පව් අනේ
ඡන්දයක් ආවම බහුතර සිහින මාලිගාව ජනතාව පෙරලයි
වතු කම්කරුවන්ට රුපියල් 1000 ලැබුනේ නැහැ
තවත් සුරංගනා කතාවක් නිමාවට පත් විය.
මේක පුදුම අයවැයක් නිකන් හීන ගොඩක් විතරයි. මිනිස්සු මේවට පිළිතුරු දෙයි
පොඩි මිනිහගේ වාහන වලට බදු ගැහුවා..ලොකු මිනිහ නිදහස්..
මංගල යන යන තැන ඉවර කරනවා තෙල් සංස්ථාවට ගියා ඒකත් ඉවරයි මහබැංකුවට ගියා ඒකත් ඉවරයි දැං විදුලිබල මණ්ඩලයත් ඉවරයි...... මෙිව දැක දැක නොපෙනෙනවා වාගේ ඉන්නවනේ