IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්කු ප්‍රහාර වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

(අජන්ත කුමාර අගලකඩ)

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට හෙට (23) ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) රාත්‍රීයේ රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රීයේ පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත්, එම වාර්තාවේ කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වැනිදා 5 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කොමිසන් සභාවක් පත්කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න, විශ්‍රාම අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

එම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් පළමු වැනිදා භාර දෙනු ලැබීය.



අදහස් (1)

පාස්කු ප්‍රහාර වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 February 2021 02:08 AM

මාගේ සිතීමේ නිදහසට අනුව, මේ දේශපාලකයන් තමන්ට කැමති අයව පත්කොට තමන්ගේ ප්‍රතිවිරුද්ධවාදීන් ගැන තීන්දු තීරණ ගැනීමට පත්කරනු ලබන මේ කොමිසම් ගැන මගේ නම්, සත 05ක විශ්වාසයක් නැහැ. කොමිසම පත්කරනු ලබන දේශපාලකයාගේ සිතැඟි අනුව, ඔහුට හිතවත්, ඔහු දන්නා අයව තමයි මේ සඳහා පත් කරන්නේ... එසේනම්, තමන්ට සියලු පහසුකම් හා මුදල් හදල් දෙන තමන්ව පත්කළ කෙනාට ඔවුන් අකීකරු වේවිද? සාමාන්‍යයෙන්, නඩුවක් විභාගයේදී චූදිතයෙකුව විනිසුරුවරයා හඳුනන්නේ නම්, එම විනිසුරු අදාළ නඩුවෙන් ඉවත්වේ. එබැවින්, දේශපාලකයන් විසින් පත්කළ කොමිසම් මගින් දෙන තීන්දු තීරණ රටේ පිළිගත් අධිකරණයේ තීන්දු තීරණමෙන් සාධාරණ වන්නේද? නැත්තේමය. පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන්ට දැඩි දඬුවම් හිමිවිය යුතුමයි. එහෙත්, එම දඬුවම් පිළිගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් ලැබූ ඒවා විය යුතුයි. කොමිසම් තීන්දු මෙන් පක්ෂග්‍රාහී සදොස් ඒවා නොවීය යුතුයි. සිදුවිය යුත්තේ එයයි. එහෙත්, සිදුනොවන්නේද එයයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site