IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සිදුවන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක්

(අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බවත් කෙටි කාලයක් තුළ එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) අරලියගහ මන්දිරයේදී පැවැසීය.

ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය සිදුවී ප්‍රභාකරන්ට විරුද්ධව සාක්‍ෂි සොයාගැනීමට හැකි වූයේ වසර 20 කට පසුව බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඊට සම්බන්ධ ත්‍රස්තයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් රට තුළ අර්බුද නිර්මාණය කිරීමෙන් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉවසීමෙන් ක්‍රියා කර ආරක්‍ෂක අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (15) අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරී සාමාජිකයින් සමඟ පැවැති රැස්වීමකදීය.

එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට සන්නිවේදන බලකායේ අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජිතයින්, පළාත් අධ්‍යක්‍ෂකවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් නීති ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටි අතර එම බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණි.

එම සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. 

  ‘‘ඉරිදා රාත්‍රියේ රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා සඳුදා වන විට පාලනය කරමින් නැවතත් රට තුළ සාමාන්‍ය තත්වයක් ඇති කිරීමට මේ වන විට අපට හැකිවී තිබෙනවා. රටේ සාමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සම්පූර්ණ බලතල අපි ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ලබාදුන්නා. ඒ අනුව සාමය ආරක්‍ෂා කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ගත් පියවර සහ කළ කැපකිරීම් වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්තවනවා.

රට තුළ මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා ඇති කිරීම හරහා සිදු වන්නේ අයි.එස් ත්‍රස්තවාදය පිළිබඳව සිදු කරමින් පවතින පරීක්‍ෂණ කටයුතු ප්‍රමාදවීමයි. මේ වන විට එම පරීක්‍ෂණ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. පොලිසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධිඅංශය විසින් අදාළ තොරතුරු සොයා ගනිමින් පරීක්‍ෂණ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.

එම පරීක්‍ෂණ කටයුතු හරහා රටේ සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ පිපිරීමට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ආරක්‍ෂක තත්වය සැළකිල්ලට ගනිමින් එම ප්‍රමාණය පැවසිය නොහැකියි. එම ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු පැවැත්වූ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන තිබනවා. ඔවුන් පිළිබඳ පරීක්‍ෂණ විභාග කරමින් සිටිනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් මෙම පියවර ගනිමින් සිටින නිසා නොබෝ දිනකින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු පැවැත්වූ සියලූම පුද්ගලයන් පිළිබඳව පරීක්‍ෂණ කිරීමටත් අනාගතයේදී මෙවන් තත්වයන් ඇතිවීම වැළැක්වීමටත් ආරක්‍ෂක අංශ පියවර ගනිමින් සිටිනවා. එම නිසා එම පරීක්‍ෂණ කටයුතු මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව පැවසිය යුතුයි.

මේ පිළිබඳව නඩු පැවරීම් තාක්‍ෂණ වාර්තා ලබාගැනීම් ආදිය නීතිපතිතුමා විසින් සිදු කරනවා. එම වාර්තා අනුව නඩු කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන්ම භාර ගන්නවා.

මෙම පරීක්‍ෂණ කටයුතු පිළිබඳ සියලූ තොරතුරු දිගින් දිගටම පැවසීම තුළින් ඒවායේ රහස්‍ය භාවයට යම් හානියක් සිදුවිය හැකි නිසා එම සියලු තොරතුරු පැවසීමට අපි කටයුතු කරන්නේ නැහැ.

දැන් අප සිදු කළ යුත්තේ පරීක්‍ෂණ කටයුතු පිළිබඳ සියලු තොරතුරු ජනමාධ්‍යයට ලබාදී ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියක් ලබාගැනීම නොව පරීක්‍ෂණ කටයුතු ඉක්මනින් අවසන් කිරීමයි. ඒ බව මම විශේෂයෙන් අවධාරණය කරනවා. ආරක්‍ෂක අංශ විසින් සිදු කරන පරීක්‍ෂණ කටයුතු අඩපණවීමට ඉඩ ලබා දිය නොහැකි නිසා ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම පොලිසියට භාර කරනවා. අග්‍රාමාත්‍යවරයා ලෙස මා ඇතුළු අමාත්‍යවරු පරීක්‍ෂණ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා. ඒ පරීක්‍ෂණ කටයුතුවල රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නිසයි.

රටේ වත්මන් තත්වය පිළිබඳව පළ වන විවිධ සටහන් හා වාර්තා සියල්ල සත්‍ය යැයි තහවුරු කිරීමට හැකි දැයි මම පොලිසියෙන් විමසුවා. අසත්‍ය තොරතුරු රැසක් පැතිර යන නිසා එම සියලූම සටහන් හා වාර්තා සත්‍ය දැයි පැවසීමට නොහැකි බව ඔවුන් මා සමඟ ප්‍රකාශ කළා. 

මාධ්‍යයට තම ප්‍රවෘත්ති විකාශයන් අලෙවි කර ගැනීමට අවශ්‍ය නිසා කුමන ආකාරයේ වාර්තා ඉදිරිපත් කළත් සත්‍ය තොරතුරු ලබාදෙන්නේ පොලීසිය හරහා පමණක් බව මම අවධාරණය කරනවා. රජය සහ ආරක්‍ෂක අංශ විසින් මේ පිළිබඳව විශාල වැඩ කොටසක් සිදු කළත් රහසිගත භාවය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය නිසා ඒවා ජනතාවට හෝ ජනමාධ්‍යයට නිකුත් කරන්නේ නැහැ.

නමුත් එවිට සිදු වන්නේ රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නවා යැයි මතයක් නිර්මාණය වීමයි. රහසිගත භාවය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය බැවින් රජය සහ ආරක්‍ෂක අංශ දෝෂාරෝපණයට ලක්වෙමින් සිටින බවත් සිහිපත් කළ යුතුයි.

ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඒ සියලූ සැකකරුවන් හඳුනාගැනීමට අපට හැකි වුණා. මෙවැනි විශාල ප්‍රහාරයකින් පසුව ඉක්මනින් ප්‍රතිචාර දක්වා පරීක්‍ෂණ කටයුතු සාර්ථක කර ගත් අවස්ථා ලෝකයේ තිබෙන්නෙත් ඉතා සීමිත ප්‍රමාණයක් බව විදෙස් ආයතන පවා අප සමඟ පවසනවා. ශ්‍රී ලංකාවේ සිදුවන පරීක්‍ෂණ කටයුතුවල සාර්ථකත්වය පිළිබඳව ඔවුන් මවිතයට පත් වන අතර, ප්‍රශංසාව ද පළ කර සිටිනවා. එම නිසා මෙම පරීක්‍ෂණ කටයුතු අවසන් කිරීමට ආරක්‍ෂක අංශවලට ඉඩ ලබාදිය යුතුයි.

ප්‍රභාකරන් විසින් යාපනයේදී ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය සිදු කළේ 1976 වසරේදීයි. නමුත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට අවශ්‍ය තරම් සාක්‍ෂි තිබුණේ නැහැ. ප්‍රභාකරන්ට විරුද්ධව පළමුව සාක්‍ෂි ලැබුණේ මහා බැංකුවට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදීයි. ඒ අනුව ප්‍රභාකරන්ට විරුද්ධව නඩු පැවරිය හැකි සාක්‍ෂි සොයාගැනීමට හැකි වූයේ ඔහුගේ පළමු අපරාධයෙන් වසර 20 කට පසුවයි.

නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාසයක් ගතවීමටත් පෙර එම ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකිවී තිබෙනවා. අපේ රජය සහ ආරක්‍ෂක අංශ ඒ ආකාරයට සීඝ්‍රයෙන් වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.

ආරක්‍ෂක අංශවලට එම කටයුතු වේගයෙන් ඉදිරියට කර ගෙන යාමට අවශ්‍ය සහයෝගය අප ලබාදිය යුතුයි. රට තුළ වෙනත් ගැටළු හෝ අර්බුද නිර්මාණය කර පරීක්‍ෂණ කටයුතු සඳහා බාධා නොකරමු යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපට අවශ්‍ය ඉක්මනින් ත්‍රස්තවාදය සම්බන්ධ පරීක්‍ෂණ අවසන් කිරීමටයි. එම නිසා පරීක්‍ෂණ පිළිබඳ සාර්ථක ප්‍රතිඵල ආරක්‍ෂක අංශ විසින් ලබාදෙන තුරු ඉවසීමෙන් සිටින්න යැයි මම ජනතාවට පවසනවා.

 



අදහස් (10)

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සිදුවන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක්

Bandara Wednesday, 15 May 2019 06:03 PM

හැම අතින්ම මෙය ප්‍රගතිශීලියි. ඒකනේ 29පාරක්ම පැරදි පැරදි තවත් රින්ගන් ඉන්නේ..

:       0       0

siri Wednesday, 15 May 2019 08:40 PM

මෙයාට ලොකු පිට රට උන්නේ. රටේ අහිංසකයින්ට ඕව වලංගු නැහැ .

:       1       26

ලසන්ත Thursday, 16 May 2019 01:18 AM

එහෙනම් ගාමිණී අතුකෝරළ මැතිතුමාගෙන් පසුව රත්නපුර දිස්ත්‍රික්කයටත් ක්‍රියාකාරී එ.ජා.ප. නායකයෙක් බිහිවෙලා

:       27       104

Lanka Thursday, 16 May 2019 04:23 AM

එතකොට මහබැංකු හොරකමට මොකද වුනේ?

:       0       160

Amila Thursday, 16 May 2019 05:53 AM

විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටිනවා. මේ රටේ දෙවෙනියා නේද අපිට නම්, හිනා වෙනවද අඩනවාද කියලා හිතා ගන්න බෑ.

:       1       52

wedage Thursday, 16 May 2019 06:23 AM

මෙතුමා කියන දේවල් අපි විරුද්ධ පැත්ත හරි කියලා තමයි විස්වාස කරන්නේ

:       1       46

wije Thursday, 16 May 2019 08:17 AM

මවිත වෙන්නේ නැද්ද...මිනිස්සු තුන්සිය ගනනක් එක් දවසේ මරනකන් උඩබලගෙන හිටපු අය තාම පාලනය කරනකොට .....

:       0       105

කිර්ති Thursday, 16 May 2019 12:23 PM

රනිල්ගේ අලුත් කෙනාත් ළඟින්ම තියාගෙන ඉන්නේ!

:       0       0

Madhurika Thursday, 16 May 2019 12:35 PM

එක එච්චර අමාරු වැඩක් නෙවෙයි නෙ . කලින්ම දැන ගෙන හිටියනේ කවුරුද ගහන්නෙ කියලා.

:       0       0

නයනජිත් Friday, 17 May 2019 01:28 AM

ඇත්තටම ඒ අය පුදුමවුනාද? ඒ ගැන අපිටත් පුදුමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 261 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 748 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site