IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාසල් සිසුවෙක් සැකකටයුතු ලෙස මියයයි

(චන්ද්‍රසේන ගමගේ)

මව සහ පියා නිවසින් බැහැරව  සිටි අතරතුර දී නිවසේ රැඳී සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන්  වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන් නෙත්සර ඩයස් ගුණවර්ධන නම් පාසල් සිසුවා බව පොලීසිය පවසයි.

අද (19) පෙරවරු 8.30 ට පමණ මියගිය පාසල් සිසුවා ගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත් මව සහල් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසලට ගොස් සිටි බවත් මියගිය සිසුවා නිවසේ තනිව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

වෙළඳසැලට ගොස් සිටි මව නැවත නිවසට පැමිණීමෙන් අනතුරු ව නිවසේ ජනේලයක එල්ලී සිටි දරුවා දැක ඇති අතර පසුව ඇය කෑගසා ප්‍රදේශවාසීන් ගෙන්වාගෙන සිසුවා කටුවන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබේ.

රෝහලට රැගෙන යන විට සිසුවා මියගොස් සිටි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය සිසුවාගේ මරණය පිළිබඳව සැක පහළ කර ඇති කටුවන රෝහලේ වෛද්‍යවරයා පොලීසියට සිද්ධිය වාර්තාකර තිබේ.

අනතුරුව කටුවන පොලිසිය මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති අතර පොලිසිය සැක කරන්නේ මියගොස් ඇති  සිසුවා ගේ මරණය ඝාතනයක් විය හැකි බවයි. මියගිය  සිසුවා මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීම සඳහා සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මූලික රෝහලට යවා තිබේ.
 

 



අදහස් (0)

පාසල් සිසුවෙක් සැකකටයුතු ලෙස මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site