IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි

(අංජුල මහීක වීරරත්න)

 පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ.
 

ඉහත එකඟතාවය ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
 
පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහකා පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වි තිබේ.
 
 රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යෙන් පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වි ඇත.
 
 පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සම්පූර්ණ බලය කතානායකට බැදී ඇති බැවින් එහි සාමාජිකයන් සියළු දෙනා ඊයේ (12) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතා හමුවී තිබේ.
 
 පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයන් ජනාධිපති හමුවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹනැති අතර ඒ පියවරට යාම කතානායක හමුවීමෙන් පසු කමිටු සාමාජිකයන් සාකච්ඡා කොට තිරණය කිරීමට නියමිතවේ.



අදහස් (9)

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි

shan Wednesday, 12 June 2019 11:01 AM

දැන් නම් ඕක මොකාට වැහුවත් අපට කමක් නැහැ. පොලිස්පති හා ආරක්ෂක ලේකම් වෙච්ච දේ පැහැදිලිවම කිව්වනේ.. දැන් එන අය මොනවා කීවත් අපට කමක් නැහැ. ජනතාවට දැනගන්න ඕනේ වුනේ හරියටම වැරදි කාරය කවුද කියන එක. ඒක දැන් රටම දන්නවා බදියුර්දීන් දැන් ආවත් එකයි, නැතත් එකයි.

:       3358       2260

Chanak los amgelesWednesday, 12 June 2019 03:26 PM

හරියටම හරි...

:       503       362

පුරවැසියාThursday, 13 June 2019 01:57 AM

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. මාධ්‍යයට විවෘත නොකිරීමට මුලික හේතුව රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වනවාට වඩා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සිටින සමහර පුද්ගලයන් මෙවැනි කමිටුවලට සහභාගි කරවා ගන්නේ කුමටද කියා ප්‍රශ්නයක් ඇතිවේ. ඔවුන්ගේ හැසිරීම සහ පුද්ගලයන් ගෙන් තොරතුරු ලබාගන්න ආකාරය සහ ලබාගන්නට මීට වඩා පුළුල් දැනුමැති පුද්ගලයන් සහභාගි කරවීම සුදුසුය. යුදහමුදා මානසිකත්වයෙන් දේශපාලනය වේදිකාවල කටයුතු නොකළ හැකිබව ඔවුන් තේරුම් ගත යුතුය

:       0       0

අප්පුහාමි Wednesday, 12 June 2019 11:06 AM

එ්කත් හබක්...!!! රටට හෙන ගැහැව්වත් කමක් නැත. අපි බේරෙන්න ඕනෑ.. මීට ග්‍රාමයා..

:       1239       109

Dayan Wednesday, 12 June 2019 01:26 PM

රටට කරන බොරුවේ තරම. කාරක සභාව අවලංගු කරන්න කියන්නේ ජාතික ආරක්ෂාවට අදාල දේවල් එළිවෙනවටලු. එහෙම දෙයක් එලි උනේ නෑ. එත් ජාතික ආරක්ෂාව අනතුරේ දැම්මේ කවුද කියල නම් එලි වුනා.

:       804       24

JayaWednesday, 12 June 2019 11:06 PM

පාට කන්නාඩිය ගලවලා මේක බැලුවනම් තේරෙනවා ජාතික ආරක්ෂාවට අදාල මොන තරම් දේවල් මේකෙන් එළිවෙනවද කියලා, හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ මේකට වග කිවයුත්තන් හෙලිදරව් නොකළ යුත්තේ කියලා.

:       0       40

Anurudda karunathilaka Wednesday, 12 June 2019 03:24 PM

ඊයේ අසාද් සාලි කතා කරපු දේ ජනතාව දැක්කා. ඇයි හිස්බුල්ලා ඒවට උත්තර දෙනවා ජනතාව දැනගන්න හොඳ නැද්ද? කරුණාකරලා බලවතුන්ගේ කුණු වහගැනීම පිණිස සිදුකරන මෙවන් ක්‍රියා නවත්වා මේ ක්‍රියාදාමයේ ඇත්ත නැත්ත සමාජගත කරන මෙන් ඉල්ලමි.

:       43       571

lal Wednesday, 12 June 2019 04:56 PM

නාඩගම් නවත්වල බලන්න රට දියුණු කරන්න.

:       1       549

nimal Thursday, 13 June 2019 06:57 AM

මේවා පටන් ගන්න කොට තේරෙන් නැද්ද දේවල් එලියට එන බව. අනික ඔතන ඉන්න අයත් විස්වාස නැහැ .

:       165       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site