
( දිල්රුක්ෂි ග්‍රේරු)
පානදුර කේතුමති රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
අටළුගම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් දෙදෙනකු දරු ප්‍රසූතිය සඳහා එම රෝහලට ඇතුළත් කිරීමෙන් සිදු කළ පරීක්ෂාව අනුව ඔවුන් දෙදනාට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වීමෙන් එම රෝහලේ අංක 3 සහ 4 යන වාට්ටු මෙසේ වසා දමා තිබේ.
මේ වන විට ගැබිනි මව්වරුන් දෙදෙනා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර තිබේ.
කේතුමති රෝහලේ එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනයට කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd