මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය විකිණීමේ, බෙදා හැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමක යෙදුණු විශේෂිත මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පිරිස් හැර රුපියල් කෝටි 180ක පමණ මුදලක් සංසරණය වී ඇති බවද සඳහන් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා එම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවද ප්‍රකාශ කර ඇත.
පොලිසියට ‘හොඳක්’ අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. හොඳ අසන්නට හැකි සද් ක්‍රියාවක් කර එහි උණුසුම යෑමටත් පෙර මුළු පොලිස් දෙපාර්තමේන්තුව ගඳ ගස්සන වැඩ කරන කඩප්පුලියෝ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති. කොරෝනා මර්දන මෙහෙයුමේදී අනතුර ඉදිරිපිට පසු නොබා ගිය පොලිස් දෙපාර්තමේන්තුව විසි හතර පැයේම මහ මග රැඳී සිටිමින් උපමා නැති අගනා මෙහෙවරක නිරත විය. එහෙත් එහි ගෞරවය විඳ ගැනීමටත් පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අශිෂ්ට මජර නිලධාරීන් කණ්ඩායමක් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අසූචි වළක ගිල්වා තැබුවේය.
ඉඳහිට හොඳ අහන පොලිස් දෙපාර්තමේන්තුව ඉතා මෑතක සිට ‘පොලිෂ්’ වී ඇති සෙයකි. අඟුලාන හෝටලයකට මහ රෑ පැමිණ වෙඩි තබා නීතිය දෙවඟනට අභියෝග කළ පාතාලයන් දින දෙක තුනක් ගතවීමට මත්තෙන් කුදලා ගැනීමට පොලිසිය සමත් විය. හොරණ ඉලිඹ ප්‍රදේශයේදී ටී පනස්හය ගිනි අවියකින් වෙඩි තබා ව්‍යාපාරිකයකු ඝාතනය කර පොලිසියට කට්ටි පනිමින් සිටි පාතාලයා ද වැඩි දිනක් ගතවීමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
මහත් අභිරහසක් වූ පිළියන්දල ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ පාතාලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේ නාඳුනන ඝාතකයන් හා සොරුන් සම්බන්ධව භීතියෙන් ඇළලී සිටි එම ප්‍රදේශ වාසීන් එම බියෙන් මුදවාලමිනි. අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ රුවන්වැල්ල පොලිස් වසමේ රත්නාගල ඉඹුලාන ගම්මානයේ රහසිගතව පවත්වා ගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා නීති විරෝධී ගිනි අවි 8ක් ගිනි අවි කොටස් තොගයක්, උණ්ඩ, පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ පිපිරීමට යොදා ගන්නා ඩෙටනේටර් හා ඩෙත් කෝඩ් තොගයක්ද ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරතව සිටි බව කියන පුද්ගලයකුද අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වූ බවය.
පාස්කු ප්‍රහාරය සිදු වූයේ කෙසේදැයි යන්න මුළු රටම දනී. එබඳු ප්‍රහාරයක් එල්ලවන බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණේ ප්‍රහාරයට සති ගණනාවකට එපිටදීය. එහිදී ප්‍රහාරය එල්ලවන දිනය, වේලාව. ස්ථාන මෙන්ම ප්‍රහාරකයන්ගේ සියලුම තොරතුරුද ඔවුන්ගේ දුරකථන අංක ආදී සියල්ලම කල් ඇතිව අනාවරණය වී තිබිණි. එහෙත් ප්‍රහාරය වළක්වා ගැනීම පිණිස ගත් කිසිදු පියවරක් නොවීය. වළක්වා ගත හැකිව තිබූ ප්‍රහාරය එල්ල විය. සිදුවූ ජීවිත හානිවලට මෙන්ම දේපොළ හානිවලට ආරක්ෂාව බාර සියලු ලොක්කන් වගකිව යුතුය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සහ සසඳනවිට පොලිසිය බොහෝ කඩිසර බවක් පෙන්නුම් කරමින් සිටී. අපරාධකරුවෝ පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඉතා සංවිධානාත්මකවත්, රහසිගතවත් කටයුතු කරති. එය සත්‍යයකි. රටක ශක්තිමත් බුද්ධි අංශයක් පැවැතිය යුත්තේද එහෙයිනි. ඔවුන් සොයා දෙන බුද්ධි තොරතුරුවලට අනුව විමර්ශනය කිරීම අනෙක් නිලධාරීන්ගේ වගකීමය. ඉක්ම යන මේ මොහොත වන විට එය සිදුවෙමින් පවතින බව පෙනේ. එය යහපත් ප්‍රවණතාවකි.
විදේශයන්හි සැඟ වී සිටින නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මසක කාලයක් ලබා දී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත් පත ඉකුත්දා වාර්තා කළේය. එමෙන්ම මෙරට ක්‍රියාත්මක පාතාල කල්ලි 40ක් පමණ හඳුනා ගැනීමට පොලිසිය සමත් වූ බව සඳහන් ප්‍රවෘත්තියක්ද අප පුවත්පත වාර්තා කළේය.
මෙම පාතාල කල්ලි අතරින් කණ්ඩායම් 25 ක් පමණ වඩාත් බලවත් ලෙස පාතාල ක්‍රියාකාරකම්වල නිරතව ඇති අතර අනු කල්ලි 15ක් පමණ ඔවුන් හා සම්බන්ධ බවත් මෙම කල්ලිවලට අයත් 200ක පමණ පිරිසක් සිටින බවත් පොලිසිය පවසන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
මෙම හඳුනා ගැනීම් ඉතා යහපත්ය. ඊළඟට අවශ්‍ය වන්නේ ක්‍රියාත්මක වීමය. එය තවත් පමා කළ යුතු නැත.
COMMENTS
අනේ යන්න මහත්තයෝ යන්න.. නිකම් මෙතන බයිලා ගහන්නේ නැතිව.. මේ දවස් වල හොඳටම පොලිෂ් වෙලා තියන පොලිසියට මේ මාධ්‍යයෙන් ඔළුගෙඩි පලන දවසට තමයි මේ රටේ ජනතාව පොලිසියට සුබපතන්නේ..
පළමුව අප කතුවැකිය සඳහන් අර්ථවත් විග්‍රහයට කතෘතුමාට අපගේ ප්‍රණාමය.. අපායක වුවත් විනයක් හික්මීමක් අවංකකම, තම යුතුකම් නිසිලෙස ඉටු කරන්නේ නම් අපායද සුරපුරයක් වීම යමරජුටවත් වැළැක්විය නොහැකිය.. එලෙසම දීව්‍යලෝකේ වුණත් විනයක්, හික්මීමක්,, අවංකකම නොමැති නම් එය අපායක් වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකි බව තේරුම් ගැනුමට කලනය, අනුකලනය හෝ කාල තරණය පිළිබඳව දැනුම අවශ්‍ය නැත. කතුවැකියෙහි සඳහන් කරුණු කාරණා පිළිබඳව දියවන්නාව මීහරක් පට්ටියෙන්ම ආරම්භ කිරීම මෙන්ම එමගින් සියලුම පුරවැසියන්ට ඉතා හොඳ ආදර්ශයක් ලබාදීම මගින් මෙම ගැටලුවට විසඳුම් ඉතාමත්ම කෙටි කාලයකින් සොයාගත හැකි බව අමුතුවෙන්ම කිවයුතුද යන්න ගැටලුවකි.. දැනට " සියලුම පුරවැසියන්ගේ සාපයට පාත්‍රවී පරයින්ගෙන් පිරීඉතිරි ඇති දියවන්නාව අසුචිවල " තමන් උපන් තමන්ගේ මාතෘභූමියට හදවතින්ම ආදරය කරන අවංක බුද්ධිමතුන් (පොත පතේ පමණක් උගතුන් නොව) තෝරා ගැනීමෙන් දියවන්නාව ලෝකයේ තිබෙන සුන්දරම දිය පොකුණ බවට පත්කිරීමට අපට හැකි වෙනු නියතයි.
ඉතා වටිනා කරුණු ඇතුළත් සාරගර්භ ලිපියක්... කියවීමට ලැබීම පවා සතුටට කරුණක්. බොහෝදෙනා බොහෝ විට දකින්නේ පොලිසියේ වරදම පමණයි. එහෙත් නාකොටික් වැනි වැරදිකරුවන් අත්අඩංගුවට ගත්තේ ද පොලිසියෙන්මයි. අර වර්ගයේ සතුන් ටිකක් පොලිසියට ගිය නිසා පොලිසියේ තත්ත්වයද ඒ සතාගේ තත්වයටම වැටී ගියේය. එහෙත් අවංක නිලධාරීන් එම සතුන් ටික අල්ලා නීතියට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සැබවින්ම අගනා දෙයක් නොවන්නේද? කුඩ්ඩන් පාතාලයින් පොලීසිය තුළට රිංගාගෙන සිටීම අල්ලා ගැනීම සුළුපටු දෙයක් නොවේ. මේ තත්ත්වය අල්ලන්නේ නැතුව දිගටම තිබුණා නම් අපට රටක් කියා දෙයක් ඉතිරි වන්නේම නැත. එබැවින් මේවා ඇල්ලූ නිලධාරීන් සිදුකළේ සුළුපටු සේවයක් නොවේ. අවංක නිලධාරීන් තවතවද උනන්දු වී ඉඩම් පාතාලයන් ඇතුළු මැරයන්ගෙන් මේ රට බේරාගැනීමට කටයුතු කිරීම තවදුරටත් වැඩිකළ යුතුයි. පොලිසියට නැති වූ ගරුත්වය අවංක නිලධාරීන් විසින් නැවත ඇතිකොට මහජන සුබසිද්ධිය සැලසීම කළ යුතුයි. සුළු පිරිසක් කළ වැඩවලට අවංක නිලධාරින් හට දොස්කීමට තරම් අපි අකාරුණික නොවෙමු...
කුමන වර්ගයක කුක්කෙක් දාලා මෙතන උඩු බිරුවත්, බුරද්දී කටහඬින් හඳුනා ගන්න පුළුවන් ඒ කාගේ හෝ සුරතල් කුක්කෙක් බව... "සුපුමල්, රවීන්ද්‍ර" මහත්තයෝ? කුමන වේශයකින් පැමිණියත්, කොට්ටෝරුවන්ගේ හොට, කෙසෙල් ගහේ පැටලෙන බව, දැනගත්තොත්, ඒ හොඳටම ඇති? කොට්ටෝරුවෙක් නම්, කමක් නැහැ, එ්ත් මෙයා මයිනෙක්නේ?
ඇල්ලූ පමණින් මෙම කාර්යය ඉවර නැහැ. උසාවි දමා නඩු අසා අලගිය, මුලගිය තැන් හොයා සියලුම දෙනාට නීත්‍යානුකූලව උපරිම දඬුවම් දෙන්න ඕනේ. නිකන් උසාවි දමා නඩු අලකරගෙන නඩු විසිවන විදිහට කටයුතු නොකළ යුතුයි.
මත්ද්‍රව්‍ය පසුපස සිටින දේශපාලන විනාශ කරන තුරු මේ උවදුර බැහැර කල නොහැක.