IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පාඨලීට අධිචෝදනා දීම ගැන මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරන්න යයි

(මනෝප්‍රිය ගුණසේකර)
 

රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදු කර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා හමුවේ කියවා දුන් අවස්ථාවේදී නඩුව සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉෂාන් ගම්පලගේ මහතා අද (4) දැනුම් දුන්නේය.
 
මෙම නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණ සිටි අනතුරින් තුවාල ලැබු සන්දීප් සම්පත් නමැති කරුණයා ඇතුළු සාක්කිකරුවන් සිව්දෙනාට යළි දැනුම් දුන් අවස්ථාවක අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
 
2016 පෙබරවාරී මස 28 ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් එම රථය ධාවනය කොට පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම, තුවාලකරු රෝහලකට රැගෙන නොයෑම, අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම ඇතළු චෝදනා යටතේ පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කර ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේ දී කියවා දුන්නේය.
ඒ අවස්ථාවේදී විත්තිතාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා සමඟ පෙනී සිටි නීතීඥ ඉෂාන් ගම්පලගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි කීය.
 
කෙසේ නමුත් නඩුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඉදිරි දිනයේදී එම විරෝධතාවය ඉදිරිපත් කරන හෙයින් මෙම නඩුව කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් දීලීප පීරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදී ඇත්තේ පසුගිය දිනයේ වන හෙයින් මුලික විරෝධතා ඉදිරිපත් කරන දිනය පසුවී ඇතැයි පැවසීය.
 
මෙම නඩුවේ සාක්කිකරුවන් පවා අධිකරණයට පැමිණ සිටින හෙයින් විත්ති වාචකය විමසා බැලීමෙන් පසුව නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම ආරම්භ කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් දීලීප පීරීස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.



අදහස් (6)

පාඨලීට අධිචෝදනා දීම ගැන මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරන්න යයි

pradeep Thursday, 04 March 2021 10:59 AM

නීති විරෝධී රේසින් බයිසිකල් ප්‍රධාන මාර්ගවල පැද්දාට නඩු නැද්ද?

:       11       21

gaminiThursday, 04 March 2021 02:46 PM

රථයේ රියදුරුව සිටිමින් අපරික්‍ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් එම රථය ධාවනය කොට පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම, තුවාලකරු රෝහලකට රැගෙන නොයෑම, අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීමෙන්ම පෙනීයන්නේ මොහු මහජනයා වෙනුවෙන් සහ ඔවුන්ගේ දුක සැප වෙනුවෙන් කෑ මොර දෙන දේශපාලකයකු හට හෝ මනුෂ්‍යයකු හැටියට අනතුරින් පසු ඔහු කළ දේ නිවැරැදිද?

:       15       16

Raveendra Thursday, 04 March 2021 03:53 PM

සිල් රෙද්ද ඔලුවේ ඉඳලාම පෙරෝගෙන ඉන්න මේ සටකපට අහිංසක "මහත්තයාට" වෙච්ච දේ.. පව් අහිංසක කපටියා...!!! 

:       9       5

බද්රානි Thursday, 04 March 2021 04:13 PM

අර තාජුඩීන් ළමයා නම් අනතුර සිදුවෙන්න කලින්ම පර්ස් එක කාරෙකෙන් එළියට විසිකර තිබුණු නිසා නඩු නැතිව යන්තම් බේරුණා. අනික මේ අනතුර සිදුවෙන විට, කෙලින්ම ගිනි නොගත්ත එකනේ මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නේ...

:       2       2

Gamini Thursday, 04 March 2021 09:17 PM

ප්‍රදීප් ඔයත් වහලෙක්...

:       3       3

sharm warn Friday, 05 March 2021 09:41 AM

මම ප්‍රදීප් කියන කතාවට එකඟයි. පාඨලීගේ වාහනේ පිටිපස්සෙන් නේද මේ බයික් එක හැප්පුනේ..? අනිත් එක අනුමත එන්ජින් ධාරිතාවයට වඩා ඉහළ එකක් සහ ලියාපදිංචි නොකළ එකක් කියලයි ආරංචි. හිතන්නකෝ වෙන කෙනෙකුට මෙහෙම වී.අයි.පී. සැලකිලි දෙයිද ඔය බයික් ප්‍රශ්නයට වැරැදිකාරයෙක් වුණා නම්? පාඨලීගේ වැරැදි නැහැ කියන්නේ නැහැ. නමුත් මෙතැනදී දෙන්නාම වැරැදිකාරයෝ. නමුත් එක්කෙනෙකුට විතරක් වැරැදි පටවනවා. ඒක හරි කියන්න බැහැනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site